MENU

Where the world comes to study the Bible

කිතුණු ඇදහිල්ලේ මුලධර්ම-5 පාපය හා ගැළවීම

Related Media

“ගැළවීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල පෞද්ගලික ඇදහිල්ල තුලින් සහ පාප සදහාවු උන්වහන්සේගේ ජීවිත පුජාව තුලින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේගෙන් ලබන ත්‍යාගයකි. අප විශ්වාස කරන්නේ මනුෂ්‍යයා නිවැරදිකරුවෙකු කරන්නේ ක්‍රියා වලින් නොව, ඇදහිල්ල තුලින් වු අනුග්‍රයෙන්ය බවය. (ක්‍රියා13:38-39 , රෝම6:23, එපීස2:8-10). වරක් ගැළවීම ලැබු සියලුම සැබෑ ඇදහිලිවන්තයෝ, ක්‍රිස්තුස්වහන්සේ තුල සදාතනිකව සුරක්ෂිත වන බව අප විශ්වාස කරනවා. ( රෝම8:1, 38-39; යොහාන්10:27-30).”

ගැළවීම යනු සීමිත මනසින් සම්පුර්ණයෙන් වටහාගැනීමට නොහැකි, බොහෝ ගැඹුරු සංකල්ප වටකර ගන්නා සරල වචනයකි. ගැළවීම යනු නිකම්ම අපායෙන් නිදහසේ බේරීමක්ද? එය ජීවිත රක්ෂණ ඔප්පුවක්ද? එය ආදම් සහ ඒව උන්වහන්සේට අකීකරුවු විට දෙවියන්වහන්සේට සිතාගැනීමට සිදුවු යම් දෙයක්ද? නැත, උන්වහන්සේගේ සර්වඥතාවය නිසා, මනුෂ්‍ය වර්ගයාට එය තදබල ලෙසඅවශ්‍ය වන බව උන්වහන්සේ ලෝකයේ අත්තිවාරමටත් පෙර සිට දැනසිටි නිසා බව ශුද්ධලියවිල්ල අපට උගන්වයි.

මනුෂ්‍යයාගේ අවෂ්‍යතාවය

අප මැවිල්ල හා වැටීම” ගැන අධ්‍යයනය කරන විට(3වෙනි පාඩම), ආදම් හා ඒව දෙවියන්වහන්සේට අකීකරුවී සාතන්ට කීකරු වීම නිසා ඔවුන් ස්වභාවයෙන්ම පව්කරුවන් බවට පත්වී එහි විපාක මුළු මනුෂ්‍ය වර්ගයාට බලපෑවේය.

1. ආත්මික මරණය- දෙවියන්වහන්සේගෙන් වෙන්වීම. ( ඔවුන් සැඟවී භය වුනා.)

2. ශාරීරික මරණය

3. පාපී ස්වභාවය ඔවුන්ගෙන් පැවත එන සියල්ලන්ට උරුමවීම

මනුෂ්‍යයාගේ ස්වභාවය දූෂණය වුනා, නැතහොත් කෙලෙසුනා:

බුද්ධිය: 2කොරින්ති4:4, රෝම1:28

කැමැත්ත: රෝම1:28

හෘද සාක්ෂිය:1තිමොති4:2

සිත:එපීස4:18

සම්පුර්ණත්වය: රෝම1:18,3:20

මුළු කෙලෙසීම යනු පාපයේ දූෂිතකම සියලු මිනිසුන්ටත් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ස්වභාවික මිනිසාට කිසිවක් දිය නොහැකි පරිදි පාපය සියලු කොටස් වලට පැතිර ගොස් ඇත.- චාර්ල්ස් රයිරි

දෙවියන්වහන්සේගේප්‍රදානය

පොරොන්දු හා පින්තූර

පරණ ගිවිසුමේ වටකරනු ලබන සියලු ශත වර්ෂ සඳහා දෙවියන්වහන්සේ දිනක අපගේ ගැළවීම ප්‍රදානය කරන ගැළවුම්කරුවෙකුගේ පොරොන්දු හා පින්තූර දෙවියන්වහන්සේ දුන්සේක. පළමු පොරොන්දුව වුයේ සාතන් තුවාල කරන්නට ඇති, නමුත් සාතන් මරණීය ලෙස පොඩි කළ ස්ත්‍රිගේ බීජය(උත්පත්ති3:15). ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට ගැළවුම්කාරයාණන් කුමක් කරයිද යන්නෙහි පින්තූරය දුන් සේක. (උත්පත්ති3:21): පරණ ගිවිසුමෙහි පුජාවක් ලෙස දෙනු ලැබු සෑම සතෙක්ම යේසුස්ක්‍රිතුස්වහන්සේට යොමු කර ඇත. සෑම පුජාසනයක්ම යොමු කරනු ලැබ ඇත්තේ කුරුසියටය.

ක්‍රිතුස්වහන්සේ තුල ඉෂ්ඨවීම

යේසුස් ක්‍රිතුස්වහන්සේ, දිව්‍ය -මිනිසා, උන්වහන්සේට පාපයෙන් තොර ජීවිතයක් ගත කර, සියලු මිනිසුන්ගේ පාප වෙනුවෙන් රුධිරය වගුරුවා, මරණින් නැවත නැගිට, අපේ මැදිහත්කරු වීමට ආපසු ස්වර්ගයට යාමට හැකි වන පරිදි මනුෂ්‍ මාංශය තුල ඇඳගත් දෙවියන්වහන්සේය.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙහි ඉෂ්ඨ සිද්ධවීම්

ආදේශය

ක්‍රිස්වහන්සේගේ මරණයෙහි මධ්‍යම අර්ථය ආදේශයයි.

විරුද්ධාර්ථයෙන්: “ස්ථානයෙහි” (මතෙව් 10:28, මාර්ක්10:45).

හ්‍යුපර් යන ග්‍රීක් වචනයෙන් කියන්නේ “සුභසෙත උදෙසා ” යන්නය, හෝ යන ග්‍රීක් වචනයෙන් කියන්නේ “තැන වෙනුවට ” යන අර්ථයකි.

(2කොරින්ති5:21, 1පේත්‍රැස්3:18). යේසුස්වහන්සේ අප වෙනුවට මැරුණ ආදේශකයාණන්ය. උන්වහන්සේ කුරුසියෙහි එල්ලන්නේ අපේ නියෝජිතයා හැටියටය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේම අසීමිත ප්‍රේමයේ ධාරිතාවයෙන් ලෝකයට ප්‍රදානය කරන සේක. දෙවියන්වහන්සේ අප උන්වහන්සේට එක්සත් වන ලෙස උන්වහන්සේගේ සත්වයන්ට බොහෝ ප්‍රේම කරන සේක. උන්වහන්සේ අප මැව්වේ උන්වහන්සේ සමග සහභාගිකමෙන් ජීවත් වීමටය. නමුත් මනුෂ්‍යයාගේ පාපය නිසා එම සහභාගිත්වය ඇතිකර ගැනීමට නුපුළුවන. දඬුවම වන්නේ ආත්මික හා ශාරීරික මරණයයි. දඬුවම නියම කරන විනිෂ්චයකාරයා දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේගේ ශුද්ධකමට පුර්ණ සාධාරණත්වයේ කිසි අඩුවක් නැතිව සමථයකට පත් කිරීමට පුළුවන්කමක් ඇත. මෙම දඬුවම ක්‍රියාත්මක වීමෙන් බේරීමට මරණයට නියමව ඇති මනුෂ්‍යයාට, ඔහු විසින්ම පැහැදිලිවම කළහැකි කිසිවක් නැත. එබැවින් දෙවියන්වහන්සේ, උන්වහන්සේ ප්‍රේම කරන පුරුෂයින් සහ ස්ත්‍රීන් උදෙසා දඬුවම ගැනීමට උන්වහන්සේම පැමිණි සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ පාප උදෙසා, සහ අපේ ශුභ සිද්ධිය උදෙසා අප වෙනුවෙන් මැරීමට ස්වේචිජාවෙන්ම පැමිණි සේක. උන්වහන්සේ ආත්මික හා ශාරීරික මරණය යන දෙකම සඳහා සම්පුර්ණ දඬුවම ගත්සේක.

උන්වහන්සේ පරිපුර්ණ ආදේශකයා වුයේ ඇයි?

මනුෂ්යයයා- සතුන්ට නැති, නමුත් එම වටිනාකමම ඇති මනුෂ්‍යෙයකු සඳහා මැරෙන්නට පුළුවන්.

පපය නැති- පව්කාරයන්ට තමාගේම නොවන පාප උදෙසා මැරෙන්නට පුළුවන්.

අසීමිත දෙවියන්වහන්සේ- අසීමිත පාප ගණනක් උදෙසා මැරෙන්නට පුළුවන්.

එය ඔබටත් මටත් කියන්නේ කුමක්ද? මම ඩොලර් ලක්ෂයක් ණය වී එය ගෙවීමට කිසිම සම්පතක් නැතිව සිටියා නම්, සහ වෙනත් කෙනෙක් මගේ ණය ගෙව්වා නම් මට තවදුරටත් එය ගෙවීමට නැත. එය තවදුරටත් මට එරෙහිව නැත. යේසුස්වහන්සේ මගේ පාප උදෙසා දඬුවම ගෙවා ඇති නිසා මට තවත් එම දඬුවම ගෙවීමක් නැත. - මම උන්වහන්සේ මගේ ආදේශකයා ලෙස පිළිගෙන, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුලට යාමට මගේම මාර්ගය සලසාගැනීමට යමක් කිරීමේ අදහස අත්හැර දමන්නේනම්.

මිදීම

Agorazo: යම් දෙයක් මිලට ගැනීම හෝ යම් දෙයක් සඳහා මිලක් ගෙවීම.

අපට මිදීමට හැකි වන ලෙස අපේ පාපය ඉල්ලා සිටින, මිල ගෙවීම ( 2පේත්‍රැස්2:1 බොරු ගුරුවරු; 1කොරින්ති6:20,7:23; එළිදරව්5:9).

Exagorazo: ‍වෙළඳ පලට පිටතින් මිලදී ගැනීම.

ගලාති3:13,4:5: ක්‍රිස්තුස්වහන්සේගේ මරණය පාපවල මිල පමණක් නොව, පාපයේ අපට සම්පුර්ණ සහතිකවීම දෙන ලෙස, නැවත අප පාපයේ බැම්මට නොයන ලෙස පාපයේ වෙළඳපලෙන් අප ඉවත් කරගන්නවාද ඇත. අප කිසිවිටෙක නැවතත් පාපයට වහලෙක්සේ විකිනීමක් නොකෙරෙනවා ඇත.

Lutroo: නිදහස්වීමට මුදා හැරීම.

තීතස්2:14, 1පේත්‍රැස්1:18: සම්පුර්ණ හැඟීමක් ලෙස, වන්දියක් ලැබීම තුල නිදහස් කිරීමක්. මීදීමේ මතය යනු ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වැගිරවීම නිසා, අදහන්නන් මිලදී ගෙන, බැඳීමෙන් ඉවත් කර, නිදහස් කර ඇත. මෙය අද ඔබටත් මටත් කියන්නේ කුමක්ද? ඔබත් මමත් අතීතයෙන්, අපේ පරණ ස්වාමියා වන යක්ෂයාට ඇති බැඳීමෙන්, අපේ පරණ පාපිෂ්ඨ හැසිරීම් රටා වලින්, නිදහස් කර ඇත.

වහල් වෙලඳපලෙන් අපේ සදාතනික නිදහස්වීම මිලදී ගැනීමට මිලය ගෙවා ඇත, අප සිටි ලෙසට නැවත කිසිවිටෙක පත්වන්නේ නැත. මෙම නිදහස ක්‍රිස්තුස්වහන්සේ තුල මගේ උරුමයයි.

සමගිවීම

සමගිවීම යනු සතුරු භාවයෙන් මිත්‍රත්වයට වෙනස්වීමයි. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය මගින් සමගි කිරීම යනු මනුෂ්‍යයා දෙවියන්ගෙන් දුරස්ථව සිටීමේ තත්වය දැන් ඔහුට ගැළවීමට හැකිවන පරිදි වෙනස්වී ඇත. (2කොරින්ති5:19-21). අපගේ සමගි වීමෙහි පදනම වනුයේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණයයි(රෝම5:10-11). අප පෙන්වාදිය යුත්තේ වෙනස්වන්නේ දෙවියන්වහන්සේ පමණක් බවය. දෙවියන්වහන්සේ කිසිවිටෙක වෙනස් වන්නේ නැත.

මෙය අද අපට කියන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ අපගේ සතුරා නොවේය. අප නැවත ප්‍රතිපාක්ෂික බවට පත්වනතුරු බලා සිටිනවා යයි අප උන්වහන්සේ ගැන නොසිතිය යුතුය. උන්වහන්සේ අපේ මිත්‍රයාය. අප විසින් එම මිත්‍රත්වය විශ්වාස කිරීම උන්වහන්සේට වුවමනාය. යේසුස් ක්‍රිතුස්වහන්සේ කෙරෙහි අදහාගෙන සිටින අප වෙතින් උන්වහන්සේ කිසිවිටෙක ඉවත හැරෙන්නේ නැත.

අනුග්‍රහය ලැබීම

මෙම වචනය කිංග් ජේම්ස් අනුවාදයෙහි තුන්වරක් දක්නට ලැබෙනවා: රෝම3:25, 1යොහාන්2:2,4:10. එයක්‍රියා පදයක් ලෙසද පෙනෙන්නට ඇත. NIV පරිවර්ථනයෙහි “ආලේපනය ලැබීම යයිද යොදා ඇත.”

පාද සටහන වඩාත් හොඳය. දෙවියන්වහන්සේගේ උදහසින් ඉවත හැරෙන තැනැත්තා

එය හෙබ්‍රෙව්2:17 සහ ලුක් 18:13 හි ක්‍රියාපද ලෙස හමුවේ.

ග්‍රීක් බයිබලයේ පරණ ගිවිසුමෙහි කරුණාවේ ආසනය යන්න පරිවර්ථනය කිරීමට යොදාගෙන ඇති ග්‍රීක් වචනය Hilasterion . ගිවිසුමේ පුජාසනයෙහි වැස්ම තනි රත්තරන් විය. එය මත චෙරුබියම් දෙදෙනෙක් මුහුණට මුහුණ ලා සිට එය බලාගත්තෝය. දෙවියන්වහන්සේගේ තේජස පුජාසනය මත විය. අලේප දිනයේදී උත්තම පුජකයා මනුෂ්‍යයින්ගේ පාප උදෙසා වැස්ම මත ලේ ඉස්සේය. දෙවියන්වහන්සේ ලේ දුටු විට, උන්වහන්සේට විනිෂ්චය වෙනුවට කරැණාව දීමට හැකි වන්නට ඇත. උන්වහන්සේගේ විනිෂ්චය තෘප්තිමත් වුයේය. අනුග්‍රහය ලැබීම වනාහි දෙවියන්වහන්සේ සංසිඳීම නොහොත් තෘප්තිමත්වීමය. දෙවියන්වහන්සේට සංසිඳීමට අවශ්‍ය වුයේ ඇයි? දෙවින්වහන්සේ මනුෂ්‍යයින් ගේ පාපය නිසා ඔවුන් සමග උදහස්වු සේක. ( රෝම1:18, එපීස5:6) ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වැගිරීම මගින් දෙවියන්වහන්සේ සංසිඳවීය.(රෝම3:25), උන්වහන්සේගේ උදහස ඉවතට හරවා, උන්වහන්සේ තෘප්තිමත් කළ කෙනා කෙරෙහි අදහාගන්නා අය උන්වහන්සේගේ පවුල තුලට ගැනීමට පුළුවන්කම ඇති කළේය. දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර පාප ගොඩනගා තිබු බාධකය කඩා වැටුනේය. අනුග්‍රහය ලබාදීම මුළු ලෝකයේ පාපය කරණකොටගෙනය. (1යොහාන්2:2 එය කීමට දෙවියන්වහන්සේ අනුග්‍රහය ලබාදීමට තෘප්තිමත්වු සේක.

එය අද ඔබටත් මටත් කියන්නේ කුමක්ද? අප කර ඇති නරක දේවල් හරිගස්සා ගැනීමට අප සිතාගත යුතු නැත. යහපත් වැඩ කිරීමට අප උනන්දුවීමවත් මුදල්හෝ ස්වයං කැපවීම දීම වත් දෙවියන්වහන්සේ සංසිඳීමට හේතුවන්නේ නැහැ. නමුත් අපගේ හදවත් කෘතඥතාවයෙන් පිරීම නිසාය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුජාවීම සමග දෙවියන්වහන්සේ සම්පුර්ණයෙන්ම තෘප්තිමත් වන සේක.

ධර්මිෂ්ඨ කරවීම- පාපයේ දඬුවමින් ගැළවීම

ධර්මිෂ්ඨ කරවීම: සියල්ල උදෙසා ක්‍රියාව

රෝම3:26, 5:1: මෙය වරද නැති බවට නීතිමය තීන්දුවකි. අනාගත වරදට පත්කිරීමේ පුළුවන්කමක් නැත. (රෝම8:1). එය පළමු භාගයයි. දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අපට බැර කරන සේක. උන්වහන්සේ අපට ධර්මිෂ්ඨ වීමට ප්‍රකාශ කරන සේක. ක්‍රිස්තුස්වහන්සේගේ පරිපුර්ණ ජීවිතය සහ පුජාවීමේ මරණය ඇදහිල්ලෙන් පමණක් ධර්මිෂ්ඨ කරවීමේ පදනමයි. සියල්ල ක්‍රිස්තුස්වහන්සේ බව අප විශ්වාස කරන විට, දෙවියන්වහන්සේ අපේ ගිනුමට දමා; අප නිදහස් කරනු ලබයි. අප ධර්මිෂ්ඨ කරනු ලබන්නේ අපේ ඇදහිල්ලේ ගිනුම මත නොව, එනම් ඇදහිල්ල කුසල් සහිත වැඩක් නොව, ඇදහිල්ල ගැළවුම්කාරයාණන් පිළිගන්නා හිස් අතකි.

අප ධර්මිෂ්ඨ කරනු ලැබු මිනිසුන් බව තේරුම්ගැනීම එතරම් වැදගත් වන්නේ ඇයි? අපට නැවත පව් කළහැකි බවක් මින් කියවෙන්නේ නැත. අප පවි කරනවා, මේ පොළොවේදී ඒවායේ ඵල විපාක විඳිනවා. නමුත් සදාකාලික ලෙස වරදට පත්කිරීමක් නැත. දෙවියන්වහන්සේ සමග අපගේ ඇති සම්බන්ධතාවය තුල මෙය අපට විශ්වාසයක් ගෙන දිය යුතුය. උන්වහන්සේටබොරු කීමට බැරිය. උන්වහන්සේ තුල “වරද නැත,” සහ “වරදට පත්කිරීමක් නැත” යයි කියන විට උන්වහන්සේ කියන්නේ සත්ත්‍යය, අපට උන්වහන්සේගේ පොරොන්දු මත රැඳී සිටීමට පුළුවන.

පැමිණිලිකාරයාගේ ඝර්ජනය මට ඇසෙනවා.

ඒ සියල්ලත් තව දහසකුත් මම දන්නවා.

යෙහෝවා කිසිවක් සොයාගත්තේ නැහැ!

පවිත්‍ර කිරීම-- පාපයේ බලයෙන් ගැළවීම

පවිත්‍රකිරීම: අඛන්ඩ ක්‍රියාවලිය

1තෙසලෝනික4:3, 1පේත්‍රැස් 1:16:

ස්ථානීය: ඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ පවුලේ ස්ථානයෙන් වෙන්වීම.

අත්දැකීමෙන්: අපේ දිනපතා ජීවිතය තුල වැඩි වැඩියෙන් වෙන්වීම(1පේත්‍රැස් 1:16)

අප දැන් ශුද්ධාත්මයාණන් විසින් පාලනය කරනු ලබන බව වටහාගන්නවා නම් අප තවදුරටත් වහල් බවට පත් කරගන්නේ නැත. උන්වහන්සේ අපේ පරණ පුරුදු රටා වලින් වැඩි වැඩියෙන් අප නිදහස් කරනවා. උන්වහන්සේගේ පාලනයෙහි ඵල ලෙස පරික්ෂාවට“එපා” යයි කියන්නට උන්වහන්සේ අපට ශක්තිය දෙනවා ඇත. අපේ ගැළවීමට ස්ථර කීයක් තිබෙන බව ඔබට පෙනෙනවාද? උන්වහන්සේ සතුටු කරන ජීවිතයක් ගත කිරීම පුළුවන් කරවීමට දෙවියන්වහන්සේ අපට සෑම සම්පතක්ම සලසා දෙන සේක. උන්වහන්සේ සෑම අවිනිෂ්චිත තාවයක්ම ගැන සැලකිල්ල දක්වන සේක. අපේ ජීවිතවල සියලු දවස් වලදී නොකඩවා යේසුස්වහන්සේ මෙන් තව තව වර්ධනය වීමට අපට හැකිය.

මහිමවත් කිරීම-- පාපය පැවතීමෙන් ගැළවීම

මහිමවත් කිරීම: සියල්ල වෙනුවෙන් ක්‍රියාව

1යොහාන්3:1-3 කොරින්ති15:35-56: ක්‍රිස්තුස්වහන්සේ මෙන් අපි අපේ නැවත නැගිටීමේ ශරීර ලබනවා ඇත. පාප ස්වභාවයක් නැත. අපට එය මොන වාගේ එකක් වනවා ඇද්දැයි සිතාගැනීම පටන් ගන්නවත් බැරිය. අපට පුළුවන්ද? මේ අපේ අනාගතයයි. අපේ ජීවිතයේ සියලු කනස්සලු, දුක්,වේදනා සදාතනිකය බලන ජනේලයක් තුලින් අප බැලිය යුත්තේ මේ නිසයි. පොළොවේ අවුරුදු 30,40,50,60,70, හෝ 80 සදාකිකයේ ආලෝකය තුල ඉතා කුඩාය. සදාතනිකය සඳහා සුදානම් වීමට දෙවියන්වහන්සේ අපට දී ඇති කාලය මෙයයි. මෙහිදී අප ගන්නා තීරණ, තෝරාගැනීම්, හා ප්‍රමුඛතාවයන් සියල්ල මීට පසු අපේ ජීවිතයට බලපානවා. සදාතනිකය සඳහා සුදානම් වුවත්, අප මේ සියල්ල නැවැත්විය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ අදහාගෙන ඇති අප ආරක්ෂිත, ප්‍රේම කරනු ලබන, සහ අපේ ස්වර්ගික උරුමයන් සහතික කරනු ලැබු දෙවියන්වහන්සේගේ දරුවෝය.

යලි උත්පාදනය: නැවත උපන්, දෙවියන්වහන්සේගෙන් උපන් ආත්මයාණන්වහන්සේගෙන් උපන්.

යොහාන්3:3,7; 1පේත්‍රැස්1:3;23, යොහාන්1:13; තීතස්3:5: අප ක්‍රිස්තුස්වහන්සේ අදහාගන්නා මොහොත, අපට නව ජීවිතයක්, සදාකාලික ජීවිතයක් දෙනු ලබනවා. දෙවියන්වහන්සේගේ ජීවනය මනුෂ්‍යයාගේ ආත්මය තුල කිසිවිටෙක යලි යලි සිදුවීමටවත් අහෝසි වීමටවත් බැරිය. මරණින් ජීවනයට පත්වෙමින් අපට සම්පුර්ණ අළුත් ගුණාංග හා ජීවත්වීමේ අරමුණු දෙනු ලබනවා. (2කොරින්ති5:15,17).

පාප කමාව

එපීස1:7,යොහාන්1:29: ක්ෂමාව යනු ලෙවිකතාව16 එළුවා මෙන්ය. ලෙවිකතාව 16 කියවන්න.

දෙවියන්වහන්සේගේ ක්ෂමාව අපේ ක්ෂමාව මෙන් නොවේ. අප කිසිවිටෙක උන්වහන්සේ විසින් පිළිගන්නා බවක් දැනෙන හෝ උන්වහන්සේට සේවය කිරීමට නිදහසක් දැනෙන හෝ රපේ හෘද සාක්ෂිය පිට වරද ගැන හෝ පසුගිය පාප ගැන පසුතැවිල්ලක් වීම නොවන බව උන්වහන්සේ දැනසිටි සේක. අපේ පාප ඉවත් කළ යුතුව තිබු බව උන්වහන්සේ දැන සිටි සේක. අපේ දඬුවම උන්වහන්සේ ගනිමින් යේසුස්වහන්සේ පුළුවන්කම ඇතිකළේ එයයි. මෙය සෙත්‍යය වන්නේ අප ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කිරීමට පළමුව කර තිබු පාප සඳහා පමණක් නොව, අද හා හෙට කරන පාප සඳහාත්ය.

අදහන්නාගේ පවිත්‍ර වීමේ පදනම

අපේ පාවලින් නිරතුරුවම පවිත්‍රවීමේ පදනම සියල්ල සඳහා එක් වරක් වැගිරෙවු ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයයි.( 1යොහාන්1:7-9). අපේ පවුල් සම්බන්ධතාවය හරියට තබා ඇත්තේ උන්වහන්සේගේ මරණය මගින්ය; අපේ සහභාගිකම යලි පිහිටුවා ඇත්තේ අපේ පාපොච්චාරණය මගින්ය. මෙය අප සඳහා කියන්නේ කුමක්ද? එය කියන්නේ අපේ අතීත පාප කමා කරන ලබන බව හා දැන් පටන් අපට දෙවියන්වහන්සේ සමග කෙටි සම්බන්ධතාවයක් තබා ගැනීමට පුළුවන් බවය. පාපොච්චාරණය යනු අප කියන පාප හා උන්වහන්සේ කියන පාප පිළිබඳ දෙවියන්වහන්සේ සමග එකඟ තාවයකට පැමිණීමය. වැරදිවලට හේතු දැක්වීමට සුදානම්වන්න එපා: මමපොලඹවනු ලැබුවා; මම ඔහුගේ නරක ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වුවා විතරයි; මට තිබුනේ නරක වැඩ කරන පවුලක්. මම බොරු කීවා, සොරකම් කළා, මම ඇගේ කිර්තියට රිදවුවා. මම අකරුණාවන්ත වුනා. විශේෂිත වන්න. එවිට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හා විශ්වාසවන්තකම නිසා සමාව දෙන සේක. විශ්වාසවන්ත වන්නේ උන්වහන්සේ එය කරන බව කී නිසාය. ධර්මිෂ්ඨ වන්නේ දඬුවම උන්වහන්සේගේම පුත්‍රයා මගින් ගෙවා ඇති නිසාය. එය නැවත ගෙවීමක් ඉල්ලීමකට උන්වහන්සේ ධර්මිෂ්ඨ නොවනවා ඇත. දෙවියන්වහන්සේ අපේ පාප කමා කරන විට සිදුවන්නේ මෙයයි.

දැක්මෙන් පිට- යෙසායා38:17

මනසින් පිට- යෙරමියා21:34

ළංවීමෙන් පිට- ගීතාවලිය103:12, මීකා7:19

පැවැත්මෙන් පිට- යෙසායා43:25,44:22

බත් මෙමත් මෙය අත්දකින්නේ කොස්ද? අප අපේ පාප පාපොච්චාරණය කරන විට, දෙවියන්වහන්සේ අපට සමාවදී අප පවිත්‍ර කරන සේක, එවිට අපේ කැමැත්තේ

ක්‍රියාවකින් උන්වනහන්සේගේ සමාව පිළිගන්නේය.

දෙවියන්වහන්සේ අතීතය සඳහා සරල ක්‍රියාවක් මගින් වරදින් හා ලජ්ජාවෙන් ගළවාගන්නවා මම දැක තිබෙනවා. මෙය වරක්, වෛෂ්‍යාකම් කළ ස්ත්‍රිය මගින් පෙන්නුම් කර ඇත.

පාප ස්වභාවය විනිෂ්චය කරනු ලැබේ

රෝම6:1-10,14: මරණය යනු අභාවයක් හෝ නැවතීමක් නොව, වෙන්වීමකි. කිතුණුවෙකු ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසිපත්වීම යනු ඔහුගේ ජීවිතය කෙරෙහි වු පාපයේ ආධිපත්‍යයයෙන් වෙන්වීමයි. පාප ස්වභාවය ක්‍රියා විරහිත හෝ බල රහිත වෙනවා. නමුත් ක්‍රියා ස්තුස්වහන්සේ සමග අපේ කුරුසිපත්වීම යනු උන්වහන්සේ සමග නව ජීවිතයකට නැවත නැගිටීමක්ද වනවා ඇත. රෝම6:4: ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමෙහි ඓතිහාසික ක්‍රියාකාරකම් අප විශ්වාස කරන විට අපේ පුද්ගලික ජීවිතයේ කොටසක් වනවා. අපේ පාප ස්වභාවයේ ක්‍රෑර පාලකයා ක්‍රිස්තුස්වහන්සේගේ මරණය මගින් බලයෙන් පහකර ඇත. දැන් අප දෙවියන්සේ සතුටු වන ජීවිතයක් ගත කිරීමට නිදහස්ය. එය අද අපට කියන්නේ කුමක්ද? අපේ එන්ජිම පාප ස්වභාවයට යා කරන පටිය විසන්ධිකර ඇත. දැන් අපට ශුද්ධාත්මයාණන් වහන්සේගේ පාලනයට භාරදී අප තුල පුරුදු රටාවන් ඇතිකරලීමට උන්වහන්සේට ඉඩ දිය හැක. පැරණි බේරිය නොහැකි පාපයේ- බලය තනණ්හාව, ඊර්ෂ්‍යාව, දුෂ්චරිතය, ආත්මාර්ථකාමිත්වය, තරහව, අපහාසය, යනකොයි දෙයක්වුවත් අප ක්‍රිස්තුස්වහන්සේ සමග නව ගුණාත්මක ජීවිතයකටනැගිටුවනු ලැබ ඇති බව වටහාගන්නා විට කඩා දැමිය හැක. අප නව මැවිල්ලකි. (2 කොරින්ති5:17)

කුරුසියට පෙර පාප ඉවත් කිරීමේ පදනම

පරණ ගිවිසුමේ සාන්තුවරයින්ගේ පාප සඳහා කමාවීමේ පදනම වුයේ කුමක්ද? සතුන්ගේ ලේ ආවරණය කළේ පාප පමණය. නමුත් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණෝ ලෝකයේ පාපය ඉවත් කළේය. කුරුසිය එනතුරු පාපය සමග අවසන් කටයුතු කිරීමක් නොවීය. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සෑම යුගයකම පව්කමාව සඳහා වු පදනමයි; ඇදහිල්ල හැමවිටම මාධ්‍යයයි. අප නොදන්නා දේ නම් පැරණි ගිවිසුම ඉල්ලා සිටින ඇදහිල්ලේ නියම අඩංගුවයි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ අත්තිවාරමට පෙරසිටම මරාදමන බැටළුපැටවාණන් විය.(1පේත්‍රැස්1:20) දෙවියන්වහන්සේට කාලයේ බලපෑමක්වත් සීමාවක්වත් නැති බැවින් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ එය ඒවන විටත් කර තිබුනේය. පරණ ගිවිසුමේ සාන්තුවරයින්ට අපට ඇති මුළු එළිදරව්ව නොතිබුනත් දෙවියන්වහන්සේ ඔවුන්ට කිරීමට කී දේ එසේ කරන්නට ඔවුන් ඇදහිල්ලෙන් ප්‍රතිචාර දැක්වුවෝය. උන්වහන්සේට අවශ්‍යවු පිදීම් ඔවුන් ගෙනාවෝය. උන්වහන්සේ දිනක හරිම බැටළුපැටවා සපයා දෙන බව දෙවියන්වහන්සේ දැනසිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සමාව දුන්සේක.

ශුද්ධාත්මයාණන්වහන්සේ වැඩ සිටීම

අප තුල ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ලක්ෂණ ඇතිවීමට ශුද්ධාත්මයාණන්වහන්සේ සථිරවම වැඩ සිටින සේක. පරීක්ෂාව ජයගැනීමට අපට බලය දීමට. දෙවියන්වහන්සේගේ වචනය බබලවන්නට, අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත තුල මගපෙන්වීමට, අප දේචත්වය අප තුල වැඩ සිටින සේක. (එපීස4:6,ගලාති2:20, 1කොරින්ති6:19, රෝම8:9)

දරු කමට හදාගැනීම

ගලාති4:1-5, රෝම8:14-17: පුත්‍රයාණන් ස්ථාපනය කිරීම. එම සංස්කෘතිය තුල, පවුල තුලට පුත්‍රයෙක් බිහි වුනත් නැතත් පවුල තුල වැඩිහිටි සම්බන්ධතාවයක් සමග සියලු වරප්‍රසාද හා වගකීම් දෙනු ලැබේ.

අප දෙවියන්වහන්සේගේ පවුලට උපන් දරුවෝ සහ සියලු වරප්‍රසාද ඇති දරුකමට හදාගැනීමට ගත් දුවලා හා පුතාලාය. දරුකමට ගැනීම නව තත්වයන් ප්‍රදානය කරයි.

දරුකමට ගැනීමේ ප්‍රතිඵල නම් වහල්කමෙන්, භරකාරත්වයෙන් හා මාංශයෙන් ගළවාගැනීම.

උරුමය

මෙය ක්‍රිස්තුස්වහන්සේ තුල අප සම්පුර්ණවීම ඇතුලත්ය. (කොලොස්සි2:9-10), සෑම ආත්මික ආශිර්වාද හිමිවීම.(එපීස1:3),සහ ස්වර්ග සහතිකවීම(1පේත්‍රැස්1:3-5).

ව්‍යවස්ථාවේ සමාප්තියට

රෝම10:4, කෙලොස්සි:2:14), නමුත් ධර්මිෂ්ඨ වන පිණිස අප ධර්මිෂ්ඨ කරවීමට හෝ බලවත් කිරීමට නොහැකිය. අප ජීවත්වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව යටතේ,(ගලාති6:20), නැතහොත් ආත්මයාණන්වහන්සේගේ ව්‍යයවස්ථාව යටතේය.(රෝම8:2). සබත හැර පරණ ගිවිසුමේ සියලුම දස පනතේ නියෝග නව ගිවිසුමේද නැවත දැක්වෙනවා.

මෙය අපට කියන්නේ කුමක්ද? දස පනත ලියා ඇත්තේ ගල්ලෑලි මතය. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ලියා ඇත්තේ අපේ සිත් වලය. අප උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන විට හා උන්වහන්සේගේ ආත්මයාණන්ගේ පෙලඹවීම් වලට කීකරු වන විට, වැඩි වැඩියෙන් අප සංවේදී බවට පත්වෙනවා.

මෙය කර ජීවත් වෙන්නැයි ව්‍යවස්ථාව නියෝග කරයි.

නමුත් අපට අත්වත් පාවත් දෙන්නේ නැත.

වඩා යහපත් වචන ශුභාරංචිය ගෙන එයි.

එය අපට පියාඹන්න සලස්වයි, අපට අත් තටු දෙයි.

හැමවිටම අප ආපසු ව්‍යවස්ථාව යටතට ගෙන ඒමටවුවමනාවෙන් පිටත මිනිසුන් සිටිනවා. සමහර දේවල් උපද්‍රවයක් නැති බව පෙනෙනවා, නමුත් සුක්ෂමව යම් කෙනෙක් අපේ ආත්මිකතාවය මැනීමට, ඌරුමස් නොකාසිටීම, කෝපි නොබී සිටීම වැනි නීති අප මත පටවනවා. අප ප්‍රෙවේසම් විය යුතුය. මේවායින් සමහර අදහස් පැමිණෙන්නේ වෙනත් ලබ්ධීන්ගෙන්ය,නමුත් සමහර ඒවා පුද්ගලයෙක් කෙතරම් ආත්මිකදැයි මැන බැලීමට අවංක කිතුණුවන් ගෙන්ම පැමිණෙන්නට පුළුවන්. ඔබ ව්‍යවස්ථාව යටතෙහි තබන්නට කිසිවෙකුට ඉඩ දෙන්න එපා. ක්‍රිස්තුස්වහන්සේ කීකරුවී එයට කීකරු වෙන්ට බැරි හැම කෙනෙකුගේම දඬුවම ගනිමින්, ව්‍යවස්ථාව හරියටම සම්පුර්ණ කර තිබෙනවා.

සාතන්ගේ විනිෂ්චය සඳහා පදනම

කොලොස්සි2:15, යොහාන් 12:31, හෙබ්‍රෙව් 2:14: සාතන්ට විරුද්ධව ඇති සියලුම විනිෂ්චයන් පදනම්ව ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේදී ඔහු පරදා දිනු ජයග්‍රහණය මතය. ඔහු පරාජයට පත් සතුරෙකි.

මෙය අප සඳහා කියන්නේ කුමක්ද? ගැළවීම ලැබීමට පෙර, අප අයිතිව සිටියේ සාතන්ගේ රාජ්‍යයටය. අපේ ඇදහිල්ල ක්‍රිස්තුස්වහන්සේ මත තබන විට, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයා ගේ රාජ්‍යය තුලට මාරු කළ සේක. (කොලොස්සි1:13). උන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් මගින් අප තුල වැඩ සිටීමට පැමිණි සේක. උන්වහන්සේ ලෝකයේ වැඩ සිටිනවාට වඩා අප තුල වැඩ සිටින සේක. සාතන් කේන්ද්‍ර කරගැනීමට පත්වන්න එපා. ඔබට ඇත්තේ පරාජිත සතුරෙකු බව දැන සිටින්න, ඔබ පරාජිත කිතුණුවෙකු හා ක්‍රිස්තුස්වහන්සේ සඳහා සාක්ෂි දීමට උදාසීන කෙනෙකු ලෙස කිරීමට ඔබේ ජීවිතයේ පයගසා ඇති තැනින් ඉවතට ගැනීමට ඔහු නිතරම උත්සහා කරයි. ඔහුගේ උපක්‍රම වලට හසු නොවී, ඒවා හඳුනාගන්න. තවදුරටත් ඔබ ඔහුට අයිති නැත. (1පේත්‍රැස්5:8).

ප්‍රමාණය

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය එහි වටිනාකම තුල අසීමිතය. එය සියලු මිනිසුන්ට සෑම කාල සඳහාය.

නමුත් එය බලපාන්නේ උන්වහන්සේ තුල අදහාගත් අයට පමණය.

( යොහාන්1:29,3:17; 2කොරින්ති5:19; 1තිමොති4:10; 2පේත්‍රැස්2:1; 1යොහාන්2:2).

ගැළවීම ලබාගන්නේ කෙසේද?

අපගේ පාප සඳහා ආදේශකයෙක් ලෙස මැරුණු බව ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහාගැනීම මත පමණක් පදනම් වන බව අළුත් ගිවිසුමෙහි දෙසිය වරක් සඳහන් වෙනවා.(යොහාන්3:16,1:12; ක්‍රියා16:31) ගැළවීම ලබා ගත යුතු නොමිලේ ලැබෙන දීමනාවක්ය. පුද්ගලයෙකු යාඤා කිරීමට පෙර කරුණු අවබෝධ කරගන්වාදැයි සහතික කරගන්න. ආරාධනාවට එකතු වීමේ අනතුරු සාකච්චා කරන්න.

බාහිර ආරක්ෂාව

සාක්ෂි

1. ශුද්ධාත්මයාණවහන්සේ අප ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුල තබන සේක.- බෞතීස්මය(1කොරින්ති12:13). අපට ඉවත්වීමට යෝජනා නැත.

2. ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා මිදීමේ දිනය දක්වා මුද්‍රා කරයි.(එපීස1:13;4:30;). හිමිකමේ ලකුණ හා අධිකාරිත්වය. ගැළවීම නැතිවීම මිදීමේ දිනයට පෙර මුද්‍රාව කැඩීම හා සම්බන්ධ වනවා ඇත.

3. ශුද්ධාත්මයාණන්වහන්සේ අප ගැළවීමේ ඉතිරිය ලබන බව සහතික කරන අත්තිකාරමකි.( 2කොරින්ත5:5, එපීස1:14).

4. යේසුස්වහන්සේගේ පොරොන්දුව (යොහාන්10:28-30).

5. රෝම8:28-39). වඩා ඒත්තුගන්වන හා ඇතුලත්වු

අධ්‍යයන ප්‍රශ්න

කියවන්න එපීස1:3-14; රෝම8:28-30

1. අපේ ගැළවීම සැලසුම් කළේ කවදාද? ක්‍රිස්තුස්වහන්සේ අදහාගෙන ඇති අප ගැන දෙවියන්වහන්සේගේ අරමුණු මොනවාද? ප්‍රතිඵල කුමක් වේද(6,12,14)?

කියවන්න හෙබ්‍රෙව්9:22-26-28; 10:11-14

2. අප ආදේශක පුජා කරන්නේ ඇයි? සතුන් පුජාකිරීම ප්‍රමාණවත් නොවුයේ ඇයි? ක්‍රිස්තුස්වහන්සේගේ පුජාවීම අවශ්‍යය වුයේ ඇයි?

කියවන්න මතෙව්20:28, 26-28; මාර්ක්10:45; 1පේත්රැස්3:18

3. ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙහි මධ්‍යම අර්ථය කුමක්ද? මෙය ඔබට පුද්ගලිකව කියන්නේ කුමක්දැයි ඔබේ වචන වලින් කෙටියෙන් ලියන්න.

කියවන්න 1කොරින්ති15:1-4, 12-19

4. ශුභාරංචියෙහි සංස්ෂිප්ත අර්ථදැක්වීම කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම අවශ්‍ය වුයේ ඇයි?

කියවන්න එපීස1:19-23; හෙබ්රෙව්7:23-27

5. යේසුස්වහන්සේ දැන් කොහේද? අප සඳහා අද උන්වහන්සේගේ ස්වර්ගික මෙහෙවර කුමක්ද?

කියවන්න 1කොරින්ති 6:20;1පේත්රැස්:18-19; ගලාති3:13; තීතස්2:14

6. මෙම පද වල ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ඉෂ්ඨ කළේ මොනවාද? අපේ ජීවිත වලට උන්වහන්සේගේ ප්‍රයෝජනය කුමක්ද?

කියවන්න 2කොරින්ති5:17-21

7. අප සඳහා වෙනත් ඉෂ්ඨ කළදේ මොනවාද?

කියවන්න කොලොස්සි1:13-14; හෙබ්රෙව්9:14; 1යොහාන්1:7; හෙබ්රෙව්9:14

8. අප සඳහා තවත් ඉෂ්ඨ කළ දේ මොනවාද? ගැළවීම ලැබීමෙන් පසු කරන පාප වලට අපට කමාව ලබාගතහැක්කේ කෙසේද? දෙවියන්වහන්සේට අප කමාව ලැබ ඇති පාප වල වරදෙහි තබාගෙන සිටීමට අවශ්‍යද? ඇයි? හෝ නැත්තේ ඇයි?

කියවන්න පිලිප්පි3:20;1පේත්රැස්2:5,9; යොහාන්1:12-13; ගලාති4:5; 1පේත්රැස්1:4

9. මෙම ජේදවල හමුවන අපේ ගැළවීම සඳහාවු වෙනත් වරප්‍රසාද මොනවාද?

කියවන්න රෝම8:31-39

10. දෙවියන්වහන්සේ සමග ඔබේ ඇති සම්බන්ධතාවය නැතිගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ ඔබට කර ඇති සෑම දෙයක්ම නැති කිරීමට හැකි වෙනත් කෙනෙක් සිටිනවාද? මෙයට ඔබට දැක්වීමට ඇති ප්‍රතිචාරය කුමක්ද? සමාව ලැබෙන බැවින් ඔබට පව් කළාට කමක්නෑ යයි එයින් ඔබට සිතෙනවාද? නැතහොත් ස්වාමීන්වහන්සේට වඩා ගැඹුරින් තව ප්‍රේම කර වඩා විශ්වාසවන්තව සේවය කිරීමට උනන්දුවක් ඇතිවනවාද?

සම්බන්ධිත මාතෘකා: පාපය, ගැළවීම, විෂය මාලාව

Related Topics: Curriculum, Hamartiology (Sin), Soteriology (Salvation)

Report Inappropriate Ad