MENU

Where the world comes to study the Bible

අප සඳහා සහ අප තුලින්  ශුභාරංචිය

Related Media

“ගැළවීම උදෙසා දෙවියන්වහන්සේගේ බලය”

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා  නැවත නැගිටීම දෙවියන්වහන්සේගේ සතුරන් මත වු න්‍යෂටික මට්ටමේ ප්‍රහාරයයි! ඒ සමග යක්ෂයාගේ ජයග්‍රහණය ගැන මේ දක්වා තිබු බලාපොරොත්තු මකා දමන බලය උන්වහන්සේට තිබුනා.  ලෝකය (දෙවියන්වහන්සේගේ ලෝකය කියා මා එක්කළයුතුයි). මත සාපේක්ෂව අභියෝග රහිත  මරණයේ  බන්ධනය, පැවතුනා. ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සතුරන් පිට කුලුගෙඩි පහර හෙලුවා; ඔවුන් නැවත කිසිවිටෙක නැගිටින්නේ නැහැ. උන්වහන්සේ සාතන්ගේ පැත්තට බරවු අයට බේරෙන්නට විධියක්ද හැදුවා; “ශුභාරංචිය දෙවියන්වහන්සේගේ ගැළවීමේ බලයයි. ” (රෝම1:16) උන්වහන්සේගේ ජයග්‍රහණය අවසානයයි, තීරණාත්මකයි, අපසු හැරවිය නොහැකියි, “විෂ්ව අනුපාතිකයි”!

  නෝමැන්ඩිගේ ජයග්‍රහණයෙන් හිට්ලර්ගේ ක්‍රෑර  ඒකාධිපති පාලනයෙන්  යුරෝපය නිදහස් වුනා මෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ මනුෂ්‍යයින්ට නොවැලැක්විය හැකි ජයක් සහතික කළා. - සතුරා යටතේ වු මිනිසුන්ට ක්ෂණික, කෙලින්ම මැදිහත්වීමක් වුවමනාවීය.

එසේනම්, පුද්ගලයෙක් හරියටම දෙවියන්වහන්සේට සම්බන්ධ වන්නේ කොහොමද? ඇත්තෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණයට ඔබ සහභාගිවන්නේ කොහොමද? අනවශ්‍ය දේවලින් ඔබ කොටස ලබාගන්නේ  කොහොමද? සියල්ලට පසු ඔබ දිනන පැත්තේ සිටිනවා නොවේද?

සත්‍ය නම්,  දෙවියන්වහන්සේට හරියටම සම්බන්ධ වන්නේ කොහොමද කියන කතාවේ පැති දෙකක් තිබනවා.

එක අතකින් මනුෂ්‍ය පැත්ත තිබෙනවා.  එහි අපි  නැවත නැවත කෙටි අනුශාසනා, ශුද්ධ ලියවිලි ගීතිකා ආදියෙන්  ක්‍රිස්තුස්වහන්සේ තුල ඵල දරන්නට උනන්දු කරවනු ලබනවා.උන්වහන්සේගේ කොටස ලෙස, උන්වහන්සේගේ කමාව සොයන හා යටත්වන අය  උසස් අන්දමින් පිළිගන්නට පොරොන්දුවී තිබෙනවා.

වෙනත් වචන වලින් කියනවා නම්,  දෙවියන්වහන්සේගේ විජයග්‍රහණය තුල බෙදාගැනීමට පෙර, අප උන්වන්සේගේ ජයග්‍රහණයෙහි හිමිකරුවන් වී සිටිය යුතුය. උන්වහන්සේ ගනුදෙනු කිරීමට හා සිරකරුවන් ගැනීමට ඉඩ තබන්නේ  නැහැ. සම්පුර්ණ යටත්වීම අවෂ්‍යයි. පුදුමදේ  එහි ප්‍රතිඵලය වන්නේ මිත්‍රකම ඇතිවීමයි! ඇයි අද උන්වහන්සේ ඔබේ සතුරෙක් යයි නොසිතා, ඔබේ නිදහස් කරන්නා යයි පිළිනොගන්නේ?

එබැවින් මනුෂ්‍යයාගේ පැත්තෙන් පියාණන්වහන්සේගේ ආශිර්වාද තුලට ඇතුල්වීමට එකම මාර්ගය ක්‍රිස්තුස්වහන්සේ තුල අදහාගැනීමයි. (එපීස2 :8-9)

එය සංකීර්ණ දෙයක් නොවේ, ඔබ පුත්‍රයාණන්ට ප්‍රේම කරන්න! පියාණන්වහන්සේ ඔබට ප්‍රෙම කරයි! (යොහාන්14: 23). කුඩා ළමයෙක් වුවත් තර්කය තේරුම් ගනීවි.

අනික් අතින්,  වැටුන මිනිසුන් හා ඔවුන්ට අවෂ්‍ය කරන,  ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ක්‍රියා  දෙවියන්වහන්සේ විසින් ගෙන එන දිව්‍යමය පැත්තත තිබෙනවා.  කෙටියෙන් කියනවා නම්, උන්වහන්සේගේ ක්‍රියාව වනුයේ, පුත්‍රයාණන්ගේ විජයග්‍රහණයතුල, උන්වහන්සේගේ සහභාගිත්වයෙන් තම මනුෂ්‍යයින් නිදහස් කරගැනීමයි. නමුත්  එය කෙසේද?

කෙටියෙන් කියනවා නම්,  දෙවියන්වහන්සේ, ලෝකයේ අත්තිවාරම් දැමීමටත් පෙර, ක්‍රිස්තුස්වහන්සේ තුල අදහාගන්නන් ගණන් කරගන්නවා!

උන්වහන්සේ ඔවුන්  සියලු ස්වර්ගික ආශිර්වාද ලබන්නන් ලෙස   ක්‍රිස්තුස්වහන්සේ තුල තෝරාගන්නා සෑම පුද්ගලයෙකුටම, ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම තුල එම ආශිර්වාද අත්දැකීමේ ඇදහිල්ලට පැමිණීමට සලස්වනවා. (එපීස1:3-4), 13,14) නමුත් ඔබ අහන්න පුලුවන්, ක්‍රිස්තුස්වහන්සේගේ  වරප්‍රසාද කෙතරම් දුරට අපේ වන්නට සලස්වනවාද? කියා.

උත්තරය නම් හැම අතින්ම යන්නයි.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම හා උන්වහන්සේගේ ජීවිතයෙන් ගලනා ආශිර්වාද  අපගේ හැරවීමේ සිට ඉදිරියට, අප වෙත මාරුවන පිණිස ක්‍රියා කරන්නේ, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සත් වෙමින්ය. උන්වහන්සේගේ මරණය සමග අපිද මැරුණෙමු, උන්වහන්සේගේ ජීවනය සමග අපි ජීවත් වන්නෙමුව. (රෝම6: 4-5)  ලෝකය පරදා උන්වහන්සේලැබු ජයග්‍රහණය,   යක්ෂයා හා අපගේ මාංශය පරදා ලැබු ජයයි! උන්වහන්සේගේ උද්දාමය අපේ උද්දාමයයි! (එපීස2:  6,7). ඔව් අපට දිනපතා අනවශ්‍ය දේ තුල මෙය බෙදාගන්න පුලුවන්!

පැවැත්මේ නව   අවස්ථාවක්.

  අප උනන්දු කරවන පාවුල් තුමා, ඔබ සහ මම  පවතින නව අවස්ථාවේ ආලෝකය තුල, එනම් ක්‍රිස්තුස්වහන්සේ තුල, ඔහුගේ ලියුම් දහතුනක් මගින් ශුද්ධව හා ප්‍රීතිමත්වජීවත් වීමට  අපව දිරිමත්  කරවනවා.  මෙය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට, ඔහුගේ අනුශාසනා ඇතුලත් නිසි ආකාර දේවධාර්මික රාමුවක්ය. අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල අලුත් මැවිල්ලක්ය. (2කොරින්ති5: 17) කෙටියෙන් කියනවා නම්, කිතුණුවන් සඳහා රාජධානිය මාරුවීමක්! එනම් අන්ධකාර රාජධානියේ සිට ආලෝකයේ රාජධානිය වෙත  අර්ථාන්විත, පුර්ණ ලෙස සිදුවන යලි ඇගයීමක්ය. (කොලොස්සි3 :13,14)

මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ බලපෑම මත  පාපය, මරණ, විනිෂ්චය ඇති, බලාපොරොත්තුවක් නැති, වහල් බවේ  අප තවත් නොසිටින්නෙමු.  ඇත්තෙන්ම අප බිය හා වරදට යටත්වු භූමියෙන්   නිදහස්ව, වැවුම් වාතය ඇති රාජධානියකට ගෙනවිත් තිබෙනවා! අප නව ගීයකට  නටමින් සිටිනවා!

අප දිනපතා සැපයීම, පෝෂණය, යහපත් සනසාලීම හා ස්වාමීන්ගේ ස්වාමින්ගෙන් මගපෙන්වීම ලබමින් සිටිනවා.

ඊටත්වඩා උන්වහන්සේ  අප රාජ්‍යෙය් ජීවිතයට හා ජය  පිණිස  අපේ හදවත් බලවත් කරන පුහුණුවීමේ ක්‍රියාවලියකද අප තබා තිබෙනවා. නැවත අප සම්පුර්ණ නව  ආකාරයේ පැවැත්මක් තුල  හැසිරෙමින් ජීවත් වනවා.  අප සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ තුලයි!

උන්වහන්සේගේ මරණය අපේ මරණය වුවාක් මෙන් දැන් උන්වහන්සේගේ ජීවනය අපේ ජීවනයයි. උන්වහන්සේගේ සටන අපේ සටනද වනවා! උන්වහන්සේ සමග මේ ජීවිතයේ අපේ එක්සත් සමීපකම නිසා, උන්වහන්සේට විරුද්ධව ඇති නපුරු බලවේග සමග සටන් කිරීමට අපිද දැන් මැදිහත් වෙනවා. ඇත්ත වශයෙන්ම අප වෙහෙසෙන්නේ වෙනත් දේකට නොව, උන්වහන්සේට සේවය කිරීම උදෙසාය.කෙනෙක් අහන්න පුලුවන් 

“ සාතන් කියන්නේ පරාජය කළ සතුරෙක් ”යයි ඔබ කීවා කියා, එසේනම් ඔහු අපට විරුද්ධව සටන් කරන්නේ කොහොමද? උත්තරය සරලයි.  දෙවියන්වහන්සේ අපේ වාසිය පිණිසත්  උන්වහන්සේගේම මහිමය උදෙසාත් සාතන්ට විරුද්ධව ඇති දඬුවමේ වගන්තිය  ඇත්තේ එය ඉදිරියට වෙමින් තිබෙන ආකාරයකටය.

එලෙස සාතන්ට  එරෙහිව දඬුවම දැනටමත්   ඔහු පරදා සභාවේ ජයග්‍රහණ තුල පටන්ගෙන තිබෙනවා. දිනපතා මිදීම ලබන මිනිසුන් දෙවියන්වහන්සේට “ඔව්” කියාද, පාපයට හා සාතන්ට “නැත” කියාද කියති. යම් දිනක   සාතන්ට සාදාකාලික ගින්නෙහි දඬුවම ක්‍රියාත්මක වෙනවා ඇත.

එබැවින් මේ අතර නපුරුකමේ හා දුෂ්ට කමේ ආත්මයන්ට විරුද්ධව හා දෙවියන්වහන්සේට එරෙහිව කැරලිගැසීම් වලට විරුද්ධව අප  දිගටම සටන් කළයුතු වනවා.

මක්නිසාද අපි  මාංශයෙහි හැසිරෙන නමුත් මාංශය් හැටියට යුද්ධ නොකරමුව. මක්නිසාද, අපේ යුද්ධායුධ මාංශික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙලීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය. (2කොරින්ති10:3,4)

එබැවින් අපි උන්වහන්සේ හා අන් අය උදෙසා යාඤා කරමු, ප්‍රේම කරමු, කැපවෙමු. අප පොළොවේ ලුණු හා කරුණාව වෙමු.(මේ කාලයේ  සියලු දෙනාගේ යහපත සෙවීමේදී මෙම සංකල්ප දෙක එක්ව එතරම් හමුවන්නේ නැත. යේසුස්වහන්සේ මෙයට සතුටුව ඒතුලින්  අන්ධකාරය පහකර ධර්මිෂ්ඨකම පිහිටුවා, මිනිසුන් ගැළවීමට කටයුතු කරනු ලැබුවා.

පරාර්ථය පිණිසවු  දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ මරණය හා නැවත නැගිටීම සම්බන්ධව අපට කිසිවක් එකතු කිරීමට නැති එය සම්පුර්ණයෙන්ම සත්‍යයයි. නමුත් උන්වහන්සේගේ කුරුසිය මත ක්‍රියාව අපගේ ගැළවීමේ පදනම පමණක් නොවේය. එය අපේ ගෝලකමේ රටාවයි. එය කැපවීමේ සේවයකට අප කැඳවයි. මෙලෙස උන්වහන්සේම විශ්වයේ කළ වැටුනු බලවලට විරුද්ධව අපට සටන් කිරීමට තිබෙනවා.

ඉතින් කුමක්ද? වැදගත් ප්‍රශ්න කීපයක්.

අපට එහි හමුවනවා! දෙවියන්වහන්සේගේ ගැළවීමේ ක්‍රියාව හා එහි ඔබට ඇති සම්බන්ධතාවය, ඇදහිලිවන්තයා සහ දැන් ඔබ  නියැලීමට කැඳවා ඇති  සටන ගැන ක්ෂණික විමර්ෂණයක්.

මගේ ප්‍රශ්නවල ආලෝකය තුල එය  යම් සිතිවිලි ඇති කළත් වඩා ඍජු හා සරල වනවා.

පළමුවැන්න, ක්‍රිස්තුස්වහන්සේ තුල දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ කුමක් කර තිබෙනවාද කියා සැබවින්ම ඔබ තේරුම්ගෙන තිබෙනවාද? එය ඔබ තුල ගිල්වී දැන් නහර දිගේ ගලායනවාද? එය ඔබේ ජීවනාලියද? නැතහොත් ඔබේ හදවතේ කේන්ද්‍රෙයන්  පිටත ඉතිරිව තිබෙනවාද?

ඔබගේ ඇතුලාන්තය පරික්ෂා කරන්න කියා දෙවියන්වහන්සේට කියන්න! ඔබේ තීරණය මේ සතියේ  ආවර්ජනය කරන්න.දෙවැන්න, ඔබ එමනිසා, බයිබලීය කිතු දහම ස්වයං උපකාරී ආගමක් ලෙස වටහාගන්නවාද? ඒ  යහපත් මිනිසුන් වඩා යහපත් මිනිසුන් කිරීමක් පිළබඳ නොව, මැරුණු මිනිසුන් ජීවමාන කිරීමේ ක්‍රියාවලියක්ය! මෙම සිතිවිලි දෙක අතර ලෝක දැක්මේ සම්පුර්ණ වෙනස්කමක් තිබෙනවා. මුලින් කී දෙය ආගමෙහි මුල්බැස තිබෙන අතර දෙවැන්න දිව්‍යමය ගැළවීමක් තුලය.  දෙවියන්වහන්සේගේ ආත්මය, ශක්තිය හා බලය, කෙරෙහි ඔබගේ වුවමනාවට අනුව මෙය ව්‍යවහාර වන්නේ කොහොමද? (යොහාන්15: 5 -6)

බලය, අවබෝධය, හා ප්‍රඥාව ඔබ  මතට පැමිණෙන  ලෙස කිසිවිටෙක ඇත්තෙන්ම ඔබ යාඤා කර තිබෙනවාද? (සෙකරියා4: 5)

තුන්වැන්න,ඔබ ස්වාමීන්වහන්සේ යහපත් සොල්දාදුවෙකු ලෙස අනුගමනය කළා නම්, ඔබේ දැන්  සිටින තත්වය තුල එය  දකින්නේ කොහොමද?  මනුෂ්‍යයින්ගේ ජීවිතවල,  පාසලේ, වීදියේ,  සහ  ඔබේ ජන ප්‍රජාවන් තුල ඇති පීඩාව,මත්ද්‍රව්‍ය,  අපරාධ, අසාධාරණය, සාගින්න, තනිකම සහ ආත්මික අන්ධකාරය ආදියට එරෙහිව ඔබ තුලත් සභාව තුලත් ඇති යුද්ධයේ මිලය කෙසේ පෙනෙනවාද? අපේ සභාවල දොරටු අප වසා බලාසිටිය යුතුද? දෙවියන්වහන්සේගේ මැදිහත්වීම ඉල්ලා නොකඩවා යාඤා කළයුතුද එය අපේ ප්රජාවල නායකයින් වෙත ගොස් අපට කළහැකි උදව්වක් කරන්නම් යයි කීමට  කාලය නොවේද? සේවය කිරීමට ඇති අපේ කැමැත්ත තුල, සමහරවිට ජීවිත වෙනස් වෙමින් සුභාරංචියට සවන් දෙන්න පුලුවන්. අප ඉදිරියේ ඇති වීදිවල පාසැල්වල, දැනටමත් සිටින ක්‍රිස්තුස්වහන්සේ අපට හමුවන්නට පුලුවන්!

ශුභාරංචිය සඳහා අර්ථාන්විත වන්නේ,  ලොවට හරිආකාරව දෙවියන්වහන්සේ, එනම් උන්වහන්සේගේ ස්වභාවය, කැමැත්ත හා  විධි පහදා දීමට හැකිවිය යුතු, ලොව පුරාවන  ජාලය වන්නේ සභාවයි. (2කොරින්ති5: 20) ලෝකය  කෙසේ නමුත් සභාවන්වල, අප කෑගසා කියන ශුභාරංචිය තේරුම් නොගැනීමට හේතුව  වැටුනු ලෝකයට අපේ වචන නෑසීමයි.

ඇසීමට හොඳම විධිය අඩු තරමින් මා දන්නා විධියට, හයියෙන් කෑගැසීමෙන් නොව, වඩා ප්‍රේමයෙන්ය. (මතෙව්5:16) එය මොනවගේ පෙනේ දැයි මට සිතෙනවා. මට හිතෙනවා එය සෑහෙන්න පැහැදිලියි... වේළාව දැන්! සභාව සඳහා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගැළවීමේ ක්‍රියාව සමග යොමුවී ජීවත් වීමට දැන් වෙළාවයි. එවිට ලෝකය, ශුභාරංචිය සෑම දෙනාටම බව  තේරුම්ගන්ට පටන්ගන්නවා ඇත. අප තුලින් වන ශුභාරංචිය එයයි. ඒ අපගේ (කිතුණුවන්ගේ) ක්‍රියාවන් තුලින් දකින විටය!

Related Topics: Devotionals, Soteriology (Salvation)

Report Inappropriate Ad