සභාව යනු කුමක්ද? එය පටන්ගත්තේ කවදාද? කිතුණුවන් අතර බොහෝ නිකායන් තිබෙන්නේ ඇයි? මෙම කණ්ඩායම බයිබල් සභාවක නමස්කාර කරන්නේ ඇයි?
ekklesia. යනු සභාවට ග්‍රීක් වචනයයි. එයින් කියන්නේ විශේෂ අරමුණකට කැඳවා ඇති රැස්වීමක් යන්නය.
අපට ඉගෙනීමට ඇති පළමු දෙය නම් බයිබලය සභාව තුල වෙනස් ආකාර දෙකකට කථා කරයි: ජීවමාන කොටස් වලින් සමන්විතවු විශ්ව සභාව, සහ සංවිධානයක් ලෙස පවතින, ස්ථානික නැතහොත් ප්රදේශබදව ඇති සභාව.
අර්ථදැක්වීම: විශ්ව සභාව ඇදහිලිවතුන් ප්‍රකාශයට පත් කරමින්, ඉශ්රායෙල් ජාතියෙන් වෙනස්ව පවතින්නාවු, ප්‍රාද්ශීය නිකායන් වලට හෝ අනුබද්ධ නිකායන් වලට සීමාවී නැති, පළමුවෙනි පෙන්තකොස්ත දවසේදී පිහිටුවන ලද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බෞතීස්මය තුලින්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩනගමින්,සිටින්නේය. එය පෙන්තකොස්ත දවසේ සිට අද දක්වා, ජීවත්ව සිටින හෝ මියගිය, ඔවුන්ගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල, තිබෙන අය විශ්ව සභාවේ සාමාජිකයින්ය. ක්‍රිස්තුස්වහන්සේ හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයයි.( එපීස1:22)
කියවන්න මතෙව් 16:18-19.
ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කථා කළේ අනාගතය ලෙසය.
ක්‍රිස්තුස්වහන්සේ මෙම වචන කථා කරන විට සභාව තවමත් අනාගතයේය. එනම් උන්වහන්සේ මෙම පොළොවේ සිටින විට සභාව පැවතුනේ නැත. සභාව ගොඩනගා ඇති අත්තිවාරම කාගේ මත හෝ කුමක් මතද? ක්‍රිස්තුස්වහන්සේ කියන පර්වතය කුමක්ද?
පේත්‍රැස් ඔහු විසින්ම කියන්නේ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ කියාය. (1පේත්‍රස්2:4-8); 1 කොරින්ති3:11, වෙනත් අත්තිවාරමක් නැත(එපීස2:20).
නැතහොත් එය කියන්නේ පේත්‍රැස්ගේ පාපොච්චාරණයයි “ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. පර්වතයය. විශ්ව සභාවේ සාමාජිකයින් බවට පත්වන සෑම කෙනෙක්ම මෙය පිළිගත යුතු බැවින් එය යේසුස්වහන්සේ ගැන සත්‍යයයි.
ක්‍රියා1:5 සහ 2:1-4
යේසුස්වහන්සේ ආපසු ස්වර්ගයට නැගී දවස් දහයකට පමණ පසු පෙන්තකොස්ත දිනයේදී සභාව උපත ලැබීය.
ශුද්ධාත්මයාණන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකුම තුල පුද්ගලිකව හා ස්ථිරව වැඩසිටීම පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුලට පැමිණි සේක. යේසුස්වහන්සේට නත්තල මෙන් කිතුණු සභාවට පෙන්තකොස්ත දවසයි. උන්වහන්සේ පැමිණියේ වෙනස් ආකාර වලින් සියලු ඇදහිලිවතුන්ට සම්බන්ධවීමටය.
පාවුල් සභාව ගැන කථා කරන්නේ එය අභිරහසක් ලෙසය.
කියවන්න එපීස 3:6
මෙම අභිරහස නම් යුදෙව්වරු සහ අන්‍යජාතිකයින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බෞතීස්මය තුලින් එකට එකතුවී නව භාවයක් ඇතිවීමය. මෙහි සාමාජිකත්වය සඳහා අවශ්‍ය එකම සුදුසුකම වන්නේ නැවත නැගිටුන ගැළවුම්කරු තුල අදහාගැනීමය. විශ්ව සභාව යනු මුළුමනින්ම අදහාගන්නාවු යුදෙව්වරු හා අන්‍ය ජාතිකයින්ගෙන් සැදුම්ලත් අළුත් දෙයක්ය. මේ අනුව පෙන්තකොස්තයේ පටන්, ජීවත්ව සිටින හා මියගිය සෑම ඇදහිලිවන්තයෙක්ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ, විශ්ව සභාවේ සාමාජිකයෙක් වන බව පැහැදිලිය. මියගිය ඇදහිලිවතුන් අප එක්වීමට බලා සිටින ස්වාමීන්වහන්සේගේ දවසේදී ස්වාමීන්වහන්සේ සමග ජීවමාන වන්නෝය.
අර්ථ දැක්වීම: ස්ථානික සභාව යනු ප්‍රකාශ වෙමින් සිටින, නියෝගයන් පවත්වන, ඇදහිලිවතුන්ගේ එකට රැස්වීමක්ය. එය කිසියම් පාලන ව්‍යුහයක් යටතේ සංවිධානගතව, ඔවුන්ගේ ජන සමුහයට ක්‍රිස්තුස්වහන්සේ පිණිස බලපෑමක් වෙමින් දෙවියන්වහන්සේට කරන ප්‍රසිද්ධ නමස්කාරය තුලින් සාමාජිකයින්ගේ ශික්ෂණය, නැතිවු අය වෙත ශුභාරංචිය පතුරවමින් කටයුතු කරයි.
විශ්ව සභාව තුල හා ස්ථානීක සභාව තුල සමාජිකයින් අතර වෙනසක් ඇත. විශ්ව සභාව සමන්විත වනුයේ ඇදහිලිවතුන්ගෙන් පමණය, නමුත් ස්ථානික සභාවෙහි ඇදහිලිවතුන් යයි කියාගන්නා නමුත් සැබවින්ම එසේ නොවන සාමාජිකයින්ද සිටිය හැක. ස්ථානික සභාවේ සාමාජිකයෙක් වුවත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සාමාජිකයෙක් නොවෙන්නට පුළුවන.
එසේ වියහැක්කේ නොසැලකිලිමත් කමෙන් හෝ රැවටිල්ල තුලින්ය. සමහර සභාවන් ඔවුන්ගේ චාරිත්‍ර තුලින් යායුතු බව ඉල්ලා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල සැබවින්ම ගළවන්නේ කුමක්දැයි කියා පැහැදිලි කරන්නේවත්, පුද්ගලයා එම තීරණය ගෙන තිබෙනවාද කියා නිෂ්චය කරන්නේවත් නැත. සමහර මිනිසුන්, ඔවුන් විශ්වාස කරනවා යයි කියන්නට පුළුවන, නමුත් බොරුකාරයින් හා කුහකයින්ය. අපේ සභාවෙහි සෑම පුද්ගලයෙකුටම ඔවුන් තම ගැළවුම්කරු හැටියට ක්‍රිස්තුස්වහන්සේ අදහාගන්නා විට ඔවුන්ගේ සාක්ෂිය ඉදිරිපත් කිරීමට එක්වීමට කැමති අය දිරිමත් කරවනවා. නමුත් තවමත් අප මෝඩයින් වෙන්න පුළුවන්. හදවත දන්නේ දෙවියන්වහන්සේ පමණයි!
බොහෝ නිකායන් පටන්ගන්නේ කිතුණු ඇදහිල්ලේ මුලික න්‍යායන් වලට එකග වෙමින්ය. නමුත් ඔවුන් අනෙක් දේවල් වලට එකග නොවෙයි. එනම් - බෞතීස්ම විධිය, ගැළවීම නැතිවෙන්නට හැකිද කියා, ශාරීරික සුව කිරීම්, ආශිර්වාදාත්මක දීමනා,
සභා පාලනය, නමස්කාර මාදිලිය. මම විශ්වාස කරන්නේ විවිධත්වය වෙනස් පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරන බවයි. සමහරු චාරිත්‍රානුකූල දේවමෙහෙයේ ක්‍රමයට කැමතියි. සමහරු ශක්තිමත් බයිබල් ඉගැන්වීම් වලට කැමතියි. සමහරු අක්‍රමවත් මෙහෙයන් වලට කැමතියි. සමහරු බොහෝ උද්වේගකාරීද තවත් සමහරු බොහෝ අඩු උද්වේගකාරී මෙහෙයන්ටද කැමතියි.
සභා පාලනයේ මුලික ආකාර තුනකි.
Episcopalian (Episkopos): සභාවේ අධිකාරිත්වය පවතින්නේ බිෂොප්වරයා මතය. (මෙතඩිස්ට් සරලය; මෙම ගණයේ ඇන්ග්ලිකන් වඩා සංකීර්ණය; රෝමනු කතෝලික, රෝමයේ බිෂොප් පාප්තුමාගේ නායකත්වය යටතේ ධුරානුක්රම පාලනයක් ඇත.)
Presbyterian (Presbuteros): අධිකාරිත්වය පවතින්නේ සභාවෙන්,වැඩිහිටියන් විසින් පත් කරනු ලබන නියෝජිත කණ්ඩායමක් මතය.(ප්‍රෙස්බෙටීරියන්, ප්‍රතිසංස්කෘත, හා සමහර බයිබල් සභා)
Congregational: මෙම ආකාරයේ සභා වල, කාරණ වලදී අවසන් අධිකාරිත්වය සභාව සතු කරන පුද්ගලික කිතුණුවාගේ භූමිකාව අවධාරණය කරයි. සෑම සාමාජිකයෙකුටම ජන්දයක් ඇත. (බැප්ටිස්ට්, නිදහස්, ධර්මදුත, බයිබල් හා ස්වාධීන සභාවන්). අපේ සභාව, මෙහි අවසන් දෙවර්ගයෙහි සංයුක්තයකි: වැඩිහිටියන් විසින් පාලනය කරනු ලබන, මණ්ඩලයක් මගින් ක්‍රියාත්මක වන, සභා පාලක, සහකාර සභා පාලක, හා අයවැය වාර්ථා සභාවේ ජන්ද මගින් තීරණය වන සභාවකි. (මෙහි මුල් ලිපිය රචනය කරන තැනැත්තා)
වැඩිහිටියන්ගේ වගකීම ආත්මික නායකත්වයයි. මෙම කාර්ය මණ්ඩල වලට නියමවන මිනිසුන් හා ඔවුන්ගේ සුදුසුකම් හමුවන බයිබල් පද නම්: 1තිමොති3:1-7 සහ මිනිසුන්ට මෙම කාර්ය තහනම් කරන පද නම් තීතස්1:6-9 සභාව දර්ශනාත්මක වැරදි වලින් ආරක්ෂා කර සභාවට දෙවියන්වහන්සේගේ බැටළු රැල බලාගන්නා එඩේරුන් මෙන් සේවය කිරීම ඔවුන්ගේ වගකීමයි. (ක්‍රියා20:17,28)
ඩීකන්වරුන් වැඩිහිටියන්ගේ ආත්මික අධිකාරිත්වය යටතේ නායකත්වයේ ප්‍රායෝගික වැඩ කරනු ලබති. සභා සාමාජිකත්වය තුල අවශ්‍යතාවයන් ඇති අය ගැන සොයා බලා ඔවුන් ඒ ගැන කටයුතු කරති. කාන්තාවන්ටද ඩීකන් කෙනෙකු වීමට පුළුවන. (රෝම16:1; 1තිමොති3:8-11).
ආඥා: “සභාව විසින් ක්රියාවේ යෙදිය යුතු ක්‍රිස්තුස්වහන්සේ නියම කළ පිටාතර ආගමික වතාවත්. සමහරු මේවාට සක්රම්න්තු යයිද කියනු ලබනවා.
සක්රෙම්න්තුව: “සක්රෙම්න්තුවක් යනු දිව්‍යමය ආයතනයකින් බලය ඇති හැඟීම් වලට ප්රදානය කරනු ලබන යම් දෙයක්ය. එය සංකේතවත් කිරීමක් පමණක් නොව, කාර්යක්ෂමව අනුග්‍රහය අවගමනය කිරීමකුත්ය.- RC Council of Trent.
ස්වාමීන්වහන්සේගේ රාත්‍රී භොජනය හෝ බෞතීස්මය අනුග්‍රහය අවගමනය කිරීමේ විධි යයි අප විශ්වාස කරන්නේ නැහැ. අප විශ්වාස කරන්නේ ඒවා කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ නියෝග වලට කීකරුවීම දැනටමත් ඇතුලාන්තයේ, අපේ හදවත් තුල සිදුවී ඇති දේ බාහිර වශයෙන් සිතුවම් කිරීමටය. මෙම අණ පනත් දෙකම, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, භූමදානය, හා නැවත නැගිටීම සිහිපත් කරවන්නේය.
කියවන්න මතෙව්28:19
මාදිලිය:
baptizo. යන ග්‍රීක් වචනයේ ප්‍රාථමික අර්ථය ගිල්වීමය.
බෞතීස්මය සංකේතවත් කරන, පරණ ජීවිතයට මියයාමත් නව ජීවිතයට නැගිටීමත් සංකේතවත් කරන හොඳම සිතුවම ගිල්වීමයි. නමුත් බෞතීස්මය ගැන වාද විවාද කිරීමත් නිෂ්ඵලය. සෑම ඇදහිලිවන්තයෙක්ම ඔහු හෝ ඇය එය ක්‍රිස්තුස්වහන්සේ නියෝග කර ඇති බව දැනගත් වහාම බෞතීස්ම වියයුතුය. එය ඔබගේ අනන්‍යතාවයට හා ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සත් වු බවට ප්‍රසිද්ධියේ සාක්ෂි දැරීමයි. ඔබ ඇදහිලිවන්තයෙක් වීමට පෙර බෞතීස්මවී ඇත්නම්,
ඔබ ඇදහිලිවන්තයෙක් ලෙස බෞතීස්මය ලැබීමට පසුබට නොවන්න. බෞතීස්මය යනු ඔබේ ස්වාමීන්වහන්සේට අවනතවීමය.
කියවන්න 1කොරින්ති11:23-32
ස්වාමීන්ගේ රාත්‍රී භෝජනය පැවැත්වීමේ අරමුණු කීපයක්ම තිබෙනවා:
1. එය අපේ ස්වාමීන්වහන්සේගේ ජීවිතය, සහ මරණය සිහි කිරීමකි. මුහුන් නැති රොටී පව් උදෙසා පුජාවක් වීමට සුදුසුකම් ලත් අපේ ස්වාමීන්වහන්සේගේ ජීවිතයෙහි සම්පුර්ණත්වය නියෝජනය කරයි. මිදියුෂ නියෝජනය කරන්නේ අපේ පාප කමා කරන උන්වහන්සේගේ ලේ වැගිරීමයි.
2. 1කොරින්ති11:26 කියන්නේ මෙම සිහි කිරීමේ රාත්‍රී භෝජනය සුභාරංචියේ මුලික කරුණු ප්‍රකාශයට පත් කරන බවයි. එය ස්වාමීන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරයි.
3. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන බව අපට සිහිපත් කරයි. උන්වහන්සේ පැමිණෙන තුරු අප එය පැවැත්වීමට නියමිතය.
4. එය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුල අප එකිනෙකා සමග ඒකත්වයක සිටින බවද එම ශරීරයේ සහෝදර සාමජිකත්වය සමග සහභාගිත්වයෙන් සිටින බවද සිහිපත් කරයි. (1කොරින්ති10:17).
කොටස් කාර විය හැක්කේ කාටද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම තම පාප උදෙසා සිදු කර ඇතැයි විශ්වාස නොකරන අය විසින් එය නොකළ යුතුය.
නිකායක සාමාජිකත්වය ගැන නොසලකා ඕනෑම ඇදහිලිවන්තයෙකුට සහභාගි විය හැකිද? ඔව්, මෙය ස්වාමීන්වහන්සේගේ මේසයයි, එයට විශ්ව සභාවේ සියලු සාමාජිකයින් ආරාධිතය. එය බැප්ටිස්ට් හෝ කතෝලික හෝ බයිබල් සභාවක නොවේ. බාධාවීම නිකායික සම්බන්ධයක් පදනම්ව සිදුවේ නම් එය විශ්ව සභාවේ එක්සත්කම සඳහාවන කැඳවීමට එරෙහි වීමකි. (Communion at Lausanne)
අවවාදයය! 1කොරින්ති11:27-32: සහභාගිවීමට පෙර අපේ ආත්ම විමසීම හා පසුතැවිලිවීම අප විසින් කිරීමට ඇත. එසේ නොවුවොත් එය රෝගීවීම හා මරණයට පත්වීම පවා වියහැකි විනය කඩ කිරීමක් වනවා ඇත.
1. නමස්කාරය හා ස්වාමීන්වහන්සේ කෙරෙහිවු ප්‍රේමය පෙන්වීම( එළිදරව්2:4).
2. එහි සාමාජිකයින්ට එකිනෙකාට ප්‍රේම කිරීම හා යහපත් වැඩ කළ හැකිවන පරිදි මෙහෙවර කිරීම (හෙබ්‍රෙව්10:24).
3. මහා නියෝගය ඉටු කිරීම කරගෙන යන නියෝජිතයෙකු වීම, ඇදහිලිවතුන්ට ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි දේව මෙහෙයන් වලදී ශුභාරංචිය දේශනා කිරීම.
4. සභාවේ අවශ්‍යතා ඇති අය ගැන සැලකිලි දැක්වීම උදා: වැන්දඹුවන්, අනාථ දරුවන්, හා දිළින්දන් ( යාකොබ්1:27;1තිමොති5:1-6).
5. ලෝකය තුල යහපත්කම් කිරීම (ගලාති6:10)
6. පරිනත ස්ථාවර හා ශුද්ධ කිතුණුවන් බිහිකිරීම ( කොලොස්සි1:28;හෙබ්‍රෙව්6:1; එපීස4:14-16). සදාචාරමය විනයක් ඇතිව මෙය න්‍යය තුල පවිත්‍රව, පැවතීම අරමුණු කරයි. (1කොරින්ති5,2තිමොති:16-18).
ක්‍රිස්තුස්වහන්සේ එඬේරාය, අපි බැටළුවෝය. (යොහාන්10) රැකබලාගැනීම හා ආරක්ෂාව.
ක්‍රිස්තුස්වහන්සේ මිදි වැලය, අපි අතුය. (යොහාන්15)- ඵලදැරීම හා ශක්තිය.
ක්‍රිස්තුස්වහන්සේ කොනේ ගලය, අපි ගොඩනැගිල්ලේ ගල්ය. (එපීස2:19-21) කොනේ ගල දිශාවන් දෙනු ලබන අතර එය තබන්නේ එක වරක් පමණය.
ක්‍රිස්තුස්වහන්සේ උත්තම පුජකයාය, අපි පුජක රාජ්‍යයක්ය.(1පේත්‍රැස්2) - අපි අපම පුජා වන්නෙමු, අපේ භාවාර්ථය සහ අපේ සේවය.
ක්‍රිස්තුස්වහන්සේ හිසය, අපි උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය.(1කොරින්ති12)- හිස හැටියට උන්වහන්සේ මගපෙන්වන සේක; සාමාජිකයින් හැටියට උන්වහන්සේ අපට දී ඇති ආත්මික දීමනාවල අභ්‍යාස තුලින් අපි එකිනෙකාට සේවය කරන්නෙමු.
ක්‍රිස්තුස්වහන්සේ මනමාලයාය, අපි උන්වහන්සේගේ මනමාලියයි.(එපීස5:25-33), එළිදරව්19:7-8) සදාකාලික ප්‍රේමය සහ සමීපත්වය.
ක්‍රිස්තුස්වහන්සේ උරුමක්කාරයාය, අපි සබැඳි උරුමක්කාරයෝය.(හෙබ්‍රෙව්1:2, රෝම1:17)- අපි උන්වහන්සේගේ මහිමය බෙදාගන්නෙමුව.
ක්‍රිස්තුස්වහන්සේ ප්‍රථම ඵලයයි, අපි අස්වැන්නයි.(1කොරින්ති15:23)- උන්වහන්සේගේ නැවත නැගිටීම අපගේ නැගිටීමද සහතික කරයි.
ක්‍රිස්තුස්වහන්සේ ස්වාමියාය, අපි උන්වහන්සේගේ දාසයෝය (කොලොස්සි4:1, 1කොරින්ති7:22)- දාසයා කරන්නේ ස්වාමියාගේ කැමැත්තයි. ස්වාමියා දාසයා ගැන සලකන්නේය.
අපි සෑම නෙනෙක්ම විශ්ව සභාවේ සාමාජිකයින් බව සහතික කරගත යුතුය. අප නමස්කාර කරන්නේ කුමන සභාවේද යන්න ප්‍රශ්නයක් නොවේ.
විශ්වීය සභාවේ සාමාජිකත්වය ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ගැළවුම්කරු යයි විශ්වාසය තැබීමෙන් සුරක්ෂිතවේ. ඔබ විශ්ව සභාවේ, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සාමාජිකයෙක්, යයි දැනගැනීම මහත්වු සුරක්ෂිත කමකි. මෙම සහතිකවීම ඔබට වර්ධනයවීමට හා සේවය කිරීමට හැකි ස්ථානීය සභාව හඳුනාගැනීමට උනන්දුව ඇති කළ යුතුයි. අපේ සභාව වැනි සභාවන් බොහෝ කාරණ තුල සේවය කිරීමට සාමාජිකත්වයක් ඉල්ලා සිටින්නේ නැත. නමුත් ඔබ ආශිර්වාද ලබන, ආත්මිකව වර්ධනය වන සභාවට සහය දැක්වීම ඔබ පෙන්නුම් කරන හොඳ අදහසක් නොවනවා නොවේද?
සමිබන්ධ වනවා යනු මෙහි සිටින මිනිසුන් ඔබ විසින්ම හඳුනාගැනීමයි. ඔවුන් ඔබේ පවුලයි. ඔබ මුදල් දෙනවා, ඔබ අවශ්‍යතා ඇති අයටඋදව් කරනවා, ඔබ සහභාගිකම් පවත්වනවා, ඔබ සේවය කරනවා. සම්බන්ධවීම යනු කැපවීමයි! ඔබ මෙම සභාවට නිතිපතා පැමිණ එය ඔබේ සභාව යයි සලකනවා නම්,තමා සාමාජිකයෙක් වියයුතු යයි ඔබ සිතන්නේ නැද්ද? නව සාමාජිකත්ව පංති අඩු තරමින් වසරකට හතර වතාවක් පවත්වනවා. ඒවා පවත්වන්නේ අනුගාමී ඉරුදිනවල උදෑසනය. ඔබ සම්බන්ධවීමට ඉල්ලුම් කළොත් ඔබට ක්‍රිස්තුස්වහන්සේ තුල ඔබේ පුද්ගලික සාක්ෂිය දිය හැකි වැඩිහිටියෙකු සමග සම්මුඛ පරීක්ෂණයක් තිබෙනවා. ඉන්පසු ඔබ සභාවට ඉදිරිපත් කරනවා ඇත.
අපේ න්‍යායික ප්රකාශනය ඔබට දැනුම්දී ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. දිරිමත් වන්න, ඔබේ සභාව විශ්වාස කරන්නේ මොනවාදැයි ඔබෙන් අසන ඕනෑම කෙනෙකුට උත්තර දීමට අවශ්‍ය සම්පත් වලින් ස්ථාවර වන්න.
කියවන්න මතෙව්16:13-18; ක්‍රියා2;1-4, 41-47
1. යේසුස්වහන්සේ මේ පොළොවේ සිටියදී සභාව ගැන කථා කළේ මොන කාලයෙන්ද? සභාව උපත ලැබුවේ කවදාද? සභාවේ ඇදහිලිවතුන්ගේ චරිත හැඩ ගැසෙන ක්‍රියාකාරකම් මොනවාද?
කියවන්න 1කොරින්ති3:9-10; එපීස19:22
2. සභාවේ එකම අත්තිවාරම කවුද?
කියවන්න 1තිමොති3:15; 1කොරින්ති12:13,27; එපීස2:19-22; එපීස5:30-32
3. මේ එක් එක් ජේද සභාව ගැන කියන්නේ මොනවාද? සෑම ලාංජනයකම ඇති වැදගත්කම කුමක්ද? ඔබ සිතන්නේ මෙය යොමු කරන්නේ ස්ථානික සභාවටද විශ්වීය සභාවටද? විශ්වීය සභාවේ සාමාජිකයින් කවුද? ඔවුන් ස්ථානික සභාවෙන් වෙනස් විය හැක්කේ කෙසේද?
කියවන්න 1කොරින්ති12
4. ක්රිස්තුස්තුස්වහන්සේගේ ශරීරයේ සාමාජිකයින් ක්‍රියාත්මක වියයුතු විධිය ගැන මෙම ජේදය කියන්නේ මොනවාද? අප කවුරුන් වාගේද? වෙනස්ද? එකිනෙකා කෙරෙහි අපට තිබිය යුතු ආකල්ප මොනවාද? අපම කෙරෙහි තිබිය යුතු ආකල්ප මොනවාද?
කියවන්න මතෙව්26:26-29; ලුක්22:19-20; 1කොරින්ති11:23-31
5. යේසුස්වහන්සේ නැවත ලැමිණෙන තුරු පැවැත්වීමට උන්වහන්සේ නියෝග කළ වතාවත් මොනවාද? එය සිහිපත්කරන්නේ කුමක්ද? සහභාගිවීමට පෙර අපි සෑම කෙනෙක්ම කළයුත්තේ කුමක්ද? එය “නුසුදුසු ආකාරයෙන්” ගැනීම කෙරෙහි ඇති දඬුවම දඩුවම කුමක්ද?
කියවන්න මතෙව්228:18-20;ක්‍රියා2:36-47; රෝම6:1-5
6. යේසුස්වහන්සේ උන්වහන්සේගේ සභාවට පැවැත්වීමට නියෝග කළ අනෙක් වතාවත් මොනවාද? මුල් සභාවේ ඒවා කළේ කවදාද? එය සංකේතවත් කළේ කුමක්ද? එය අන්
කියවන්න යොහාන් 15:9-10
7. ඇදහිලිවතුන් බෞතීස්ම කළයුතුවීම හා රාත්‍රී භෝජනයට සහභාගිවීමේ ප්‍රධාන හේතුව කුමක්ද? අපේ කීකරුකම ඔප්පු කරන්නේ කුමක්ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ අදහාගත්තාට පසු බෞතීස්ම වී තිබෙනවාද?
8. ස්ථානීය සභාවට කැපවීමට හා සම්බන්ධ වීමට අපට අත්මික පරිනත භාවයකට වර්ධනය වීම අවශ්‍යය වන්නේ ඇයි? ඇදිහිලිවතුන්ගේ ප්‍රාදේශීය සංවිධානයක පමණක් සිටීමෙන් අපට මගහැරීමට ඉඩ ඇත්තේ කුමක්ද? “මට සභාවකට යන්නට වුවමනා නැහැ, මමම දෙවියන්වහන්සේ නමස්කාර කරනවා යයි කියන ඇදහිලිවන්තයෙකුට ඔබ දෙන පිළිතුර කුමක්ද?