දෙවියන්වහන්සේ මොන වගේද?උන්වහන්සේ මනුෂ්‍යය උඩුමහළද?උන්වහන්සේට අපට පහරදෙන්නට පුළුවන් නිසා, අප වරදක් කරනවාදැයි බලා සිටින කර්කශ විනිෂ්චය කාරයෙක්ද? උන්වහන්සේ ලෝකය මවා එය චලනය වීමට සලස්වා ඒ සමග මැදිහත්වීමෙන් විශ්‍රමික වුවාද? නැතහොත් කවුරුන් හෝ කෙනෙකුට උන්වහන්සේ වීමට වුවමනාද? දෙවියන්වහන්සේ දැනගැනීම ඇත්තෙන්ම කළහැකිද? උන්වහන්සේම එළිදරව් නොකරන්නේ නම් උන්වහන්සේ සොයාගැනීමට හෝ දැනගැනීමට පුළුවන්කමක් නැත. උන්වහන්සේගේ දෙවිකම හා බලය මවා ඇති විශ්වය තුල උන්වහන්සේ එළිදරව් කර ඇති බව අප ඉගෙනගෙන තිබෙනවා. එයට අප පොදු එළිදරව්ව යයි කියනවා. නමුත් අපට තව දැනගැනීමට අවශ්‍යයයි. උන්වහන්සේද තවත්දේ එළිදරව් කර තිබෙනවා. අප කියන විශේෂ එළිදරව්ව උන්වහන්සේ අපට මිනිස් ඉතිහාසය තුලින් අවුරුදු සහශ්‍ර ගණනක් ආරක්ෂා කර, සුරක්ෂිත කර ලිඛිත වචනය දී තිබෙනවා. තවද අපට දෙවියන්වහන්සේ මොනවගේදැයි ප්රත්යක්ෂ ලෙස දැනෙන පරිදි හා දකින පිණිස උන්වහන්සේගේ පුත්‍රයා අපට එවු සේක.
කියවන්න ද්විතීය කතාව 6:4
කියවන්න යෙසායා 45:5
ඇත්තේ එකම දෙවි කෙනෙක් පමණය; මෙය ඒක දේව වාදයයි.ශුද්ධ ලියවිල්ල පුරාවට ප්රතිරාවය කරන තේමාවයි. නමුත් අප දකින වෙනත් කරුණු, ඒවා අනුකූලතාවයකට පත්ව නැත්නම් වියවුල් වීමට පුළුවන.
ඇත්තේ එකම දෙවිකෙනෙකි, නමුත් බයිබලය පැහැදිලිවම කියන්නේ යේසුස් ක්‍රිස්තුස් නම්, දෙවියන්වහන්සේට සමානවු මනුෂ්‍යෙයක් සිටි බව හා ශුද්ධාත්මයාණන් යයි කියනු ලබන දෙවියන්වහන්සේට සමානත්වයක් ඇති තවත් කෙනෙක් සිටින බවය.
කියවන්න යොහාන් 6:27, 20:28, සහ ක්‍රියා 5:3-4
පියාණන්වහන්සේ දෙවියන්වහන්සේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේය, ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේය.මෙම කරුණු එකමුතු විය හැක්කේ කොහොමද? දෙවියන්වහන්සේ එක්කෙනෙක්ම නිසා මෙය අපට දෙවිවරු තිදෙනෙක් සිටින බවක් කියන්නේ නැත. දෙවියන්වහන්සේ යනු ත්‍රිත්වයක් නැතහොත් ත්‍රී එක දෙවිකෙනෙක් යයි අප කියන්නේ එබැවිනි. ත්රීඑක යන වචනය බයිබලයේ හමුවන්නේ නැත. නමුත් සංකල්පය පැහැදිලිවම එහි තිබෙනවා. වඩා හොඳ වචනයක් ඕනෑ අයට අප විශ්වාස කරන්නේ දේවත්වයෙහි පුද්ගලයින් තිදෙනෙක් සිටින බවය.
කියවන්න මතෙව් 3:16-17
යේසුස්වහන්සේ බෞතීස්ම වනු ලැබුවා, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් බැස ආවා. සහ පියාණන්වහන්සේ ස්වර්ගයෙහි සිට කථා කළා. දේවත්වයෙහි තිදෙනාම වැඩ සිටියා.
කියවන්න මතෙව් 28:19
මහා නියෝගය මෙයයි: අදහන්නන් විසින් පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන්(ත්රීඑක) නාමයෙන් (ඒකවචන) බෞතීස්ම විය යුතුය.
කියවන්න 2කොරින්ති 13:14
මෙම ආශිංසනය පැහැදිලිවම ත්‍රිත්ව දෘෂ්ඨිකයයි.
කුමක්වුවත් පියවු දෙවියන්වහන්සේ සත්‍යය, පුත්රවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සත්‍යය, ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යය. එමනිසා මෙය ආරම්භයේ සිටම වටහාගැනීම වැදගත්ය.
අප විසින් පහත් ස්ථාන හෝ දේවත්වයේ සාමාජිකයින්ට විශේෂණ නියම කිරීම හෝ නොකළ යුතුය. ත්‍රිත්වය තුල පිළිවෙලක් තිබුනත්: (එනම් පුත්‍රයාණන් පියාණන්ට අවනතවේ) තිදෙනාම සහ සමාන, හා සදාකාලික දෙවියන්වහන්සේය. කෙසේ නමුත් අලුත් ගිවිසුම ඔවුන්ට වෙනස් ක්‍රියාකාරිත්ව ඇති බව එළිදරව් කරයි.
පියාණන්වහන්සේ වැඩසිටින්නේ: තෝරාගැනීම, ප්‍රේම කිරීම හා ප්රදානය කිරීමටය.
පුත්‍රයාණන්වහන්සේ වැඩසිටින්නේ දුක්විඳීම, මිදීම, හා විශ්වය උසුලාගැනීමටය.
ශුද්ධාත්මයාණන්වහන්සේ වැඩසිටින්නේ නැවත උත්පාදනය, ඇතුලාන්ත වැඩසිටීම,බෞතීස්ම කිරීම, ශක්තිමත් කිරීම හා පවිත්‍ර කිරීමටය.
සහභාගිත්වයක් තිබෙනවා, දේවත්වය තුලින් ප්‍රේමය සහ දේවත්වය සමග මිත්‍රත්වය. දෙවියන්වහන්සේ තනිව නොසිටින ලෙස මනුෂ්‍යයා මවා ඇත්තේ උන්වහන්සේ සමග මිත්‍රත්වයක සිටින ලෙසය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවිල්ලෙන් මුළුමනින්ම ස්වාධීනය, උන්වහන්සේ සමග අපට තිබිය හැකි ඕනෑම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නේ උන්වහන්සේය. අපේ දෙවියන්වහන්සේ පියාණන් වෙන ආකාර දෙස බලමු.
කියවන්න ක්‍රියා 17:28-29
දෙවියන්වහන්සේ මැවිල්ල කෙරෙහි පියාණන්ය.
කියවන්න එපීස 1:3
දෙවියන්වහන්සේ අපගේ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන්ය.
කියවන්න එපීස3:14-15, රෝම8:15
දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුල අදහාගන්නා සියලු දෙනාගේ පියාණන්ය. ඒ අනුව අප අපේ දෙවියන්වහන්සේගේ ගැන ඉගෙනගන්නා පළමු දෙය නම් උන්වහන්සේ පුද්ගලයින් තිදෙනෙකු තුල- ත්‍රිත්වය එක දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේ ගැන බයිබලය අපට උගන්වන වෙනත් යම් කරුණු මොනවාද?
කියවන්න යොහාන් 4:24
දෙවියන්වහන්සේට එක තැනකට සීමාවීමටවත් ඕනෑම වර්ගයක භෞතික ශරීරයක් සමග සම්පාත වීමටවත් නුපුළුවන. උන්වහන්සේ නියෝජනය කිරීම සඳහා පිළිරූසෑදීම හෝ නමස්කාර කිරීම තහනම්ව තිබීමට එය එක් හේතුවකි. මනුෂ්‍ය ඇසින් උන්වහන්සේ දැකීමටවත් මනුෂ්‍ය පර්යේෂණ වලින් සොයාගැනීමටවත් නොහැකිය. දෙවියන්වහන්සේගේ අපට ඇති එකම පින්තූරය ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලය.
කියවන්න යෙහාන්1:18, යොහාන්14:9(ආ)
දෙවියන්වහන්සේ මොනවගේදැයි ඔබට සිතෙන විට යේසුස්වහන්සේ දෙස බලන්න. යේසුස්වහන්සේ කළේ පියාණන්වහන්සේ කරමින් සිටි දේය. යේසුස්වහන්සේ කීවේ පියාණන් කියමින් සිටිදේය.යේසුස්වහන්සේට දැනුනේ එනම් උන්වහන්සේගේ කරුණාව, සංවේගය, තද හිත් ඇති කුහකයින් කෙරෙහි තරහව, දරුවන් කෙරෙහි ආදරය, උන්වහන්සේගේ ගෝලයින්ට තිබු ආදරය ආදිය දෙවියන්වහන්සේට තිබු හැඟීම්ය. ඔබට පීතෘත්වය ගැන දුප්පත් කල්පනාවක් තිබුනා නම් ස්වර්ගික පියාණන් ගැනද එසේම වනවා ඇත. යේසුස්වහන්සේ දෙස බලා දෙවියන්වහන්සේ දැකීමෙන් ඔබේ වැරදි සංකල්ප නිවැරදි කරගැනීමට පුළුවන.
කියවන්න 1යොහාන් 1:5
ආලෝකය යනුවෙන් සඳහන් කරන්නේ යහපත්, ශුද්ධ, පවිත්‍ර, හා සත්‍යය දෙයක්ය. අන්ධකාරය නපුර නියෝජනය කරයි. දෙවියන්වහන්සේගේ පුර්ණ පවිත්‍රකම නපුර හා පාපයෙන් මුවා වන්නේ නැත. “මම ලෝකයේ ආලෝකයයි(යොහාන්8:12) කීමට යේසුසවහන්සේට හැකිවුයේ එබැවිනි. ආලෝකය එළිදරව් කරයි. එය අපට හරිදේ කුමක්දැයි දැකීමට පුළුවන්කම ඇතිකරයි. දෙවියන්වහන්සේ ආලෝකය බැවින් උන්වහන්සේ අපේ පාපද අපට නිරාවරණය කරයි. එවිට අපට ඒ ගැන කටයුතු කර ක්ෂමාව ලබාගත හැකි වෙනවා. ආලෝකය පවිත්‍ර කරයි.
ආලෝකය උනුසුම හා බලයද දෙයි, එය දේවල් වර්ධනය කරයි.
අප ලෝකයේ හැසිර යේසුස්වහන්සේ මෙන් වීමට තව තව වර්ධනය වන්නේ දෙවියන්වහන්සේගේ වචනය කියවන විට හා එය විශ්වාස කර එයට අවනත වන විට, පමණය. උන්වහන්සේගේ ආලෝකය අපට මග පෙන්වා අප පරිනත භාවයට වර්ධනය ඇති කරයි.
කියවන්න 1යොහාන්4:8
ප්‍රේමය දෙවියන්වහන්සේගේ ස්වභාවයෙන්ම පවතින ලක්ෂණයකි. උන්වහන්සේ එය අප සමහරවිට කරන්නාක් මෙන් බෙර ගසා කරන්නේ නැත. ප්‍රේමයට කියන ග්‍රීක් වචනය අගාපේ, එනම් අපට කිසි තැනක හමු නොවන කොන්දේසි විරහිත ප්‍රේමයයි. මෙම ප්‍රේමයට අවශ්‍ය වන්නේ ප්‍රේම කරනු ලබන්නා සඳහාවු හොඳම දෙයයි. “පියාණන්වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමියි යේසුස්වහන්සේ කීසේක(යොහාන්15:9) . අප විශ්වාස කර උන්වහන්සේගේ ප්‍රේමය මත රැඳී සිටින විට උන්වහන්සේ අපේ ජීවිත වල කුමක් වීමට සැලැස්වුවත් අපට සුරක්ෂිතකමක් දැනෙනවා ඇත. වටිනාකම ගැන අපේ හැඟීම මිනිසුන් අප ගැන කුමක් සිතනවාද යන්න මත රඳා පවතින්නේ නැත. මිත්‍රෙයකු, ස්වාමිපුරුෂයා හෝ දරුවෙකු විසින් ප්‍රතික්ෂේප කිරීම අපට පාලු බවක් ඇති කරන්නේ නැත. අප දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන්නෙමු. අප උන්වහන්සේට අනර්ඝය, අප කරන කිසි දෙයකින් එම ප්‍රේමය පහව යන්නේ නැත. උන්වහන්සේගේ ප්‍රේමය අපට අතිශය වැදගත්කමක් ලබාදෙයි.
කියවන්න යෙසායා 6:3
සමහරවිට මෙය දෙවියන්වහන්සේගේ වැදගත්ම ලක්ෂණයයි. ශුද්ධකම යනු මුළුමනින්ම නපුරෙන් තොරවීමයි. නමුත් එය එයට වඩා දෙයකි. එහි ධනාත්මක ධර්මිෂ්ඨකමක් ඇතුලත්ය. මෙයට සමාදෘෂයක් දීමට අවසර දෙන්න. සෞඛ්‍ය සම්පන්න යන්නෙහි තේරුම කුමක්ද? එය අසනීපව නොසිටීමට වඩා ප්‍රබල දෙයකි, එය ප්‍රබල ශක්තිමත්, ශාරීරික මානසික සහ ආත්මික තත්වයකි! දෙවියන්වහන්සේ ශුද්ධය. උන්වහන්සේගේ ශුද්ධ ස්වභාවයට පටහැනි වන දෙයක් කිරීමට උන්වහන්සේට නුපුළුවන.
පේත්‍රැස්: “අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාස කරගෙන සිටිමු යයි කීවේය.(යොහාන්6:69) අප වෙනුවෙන් මැරී මරණයෙන් නැගිටුන, මෙම ශුද්ධ තැනැත්තා අපිද ශුද්ධ තැනැත්තන් කිරීමට අප අතර වැඩ සිටින සේක.
“නුඹලා කැඳවු තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා.(1පේත්‍රැස්1:15)
ශුද්ධ යන වචනයට බෙහෝවිට ග්‍රීක් වචනයෙන් පරිවර්ථනය කරනු ලබන්නේ සාන්තුවර යන වචනයය. ශුද්ධව සිටීමට හෝ සාන්තුවර වීමට දෙවියන්වහන්සේගේ අනන්‍ය භාවිතය පිණිස වෙන්විය යුතුය.
අප ස්වාමීවු යේසුස්වහන්සේ අදහාගන්නා විට දෙවියන්වහන්සේ අප ශුද්ධවන්තයින් ලෙස කැඳවයි. එවිට පෙළොවේ අපගේ ජීවිතවල ගත කරන ඉතිරි කාලය වඩ වඩා ශුද්ධ බවට පත්වෙමින් ගත කළයුතුය.
නපුරේ තිතක්වත් නැති දෙවියන්වහන්සේ, උන්වහන්සේ තුල අපගේ අවසාන යහපත්කම සඳහා නොවන කිසියම් සැලැස්මක් නැති බව සිතාගැනීම පටන්ගැනීමටවත් ඔබට හැකිද? උන්වහන්සේගේ ශුද්ධකම අපට විශ්වාසනීයත්වය දෙනු ලබන්නේය.
කියවන්න ගීතාවලිය147:4-5
දෙවියන්වහන්සේ සියල්ල, අතීතය වර්ථමානය හා අනාගතය දන්නා සේක. සිදුවෙන්ට තිබෙන දේවල් දැන සිටීම පමණක් නොව සිදුවිය යුතු දේද මෙයට ඇතුලත්ය. (යේසුස්වහන්සේගේ සර්වඥතාවය යයි සඳහන්වන) උන්වහන්සේ විශ්වාස කරන අපට ඉන් කුමක් කියන්නේද කියා සිතා බලන්න. දෙවියන්වහන්සේ සියල්ල දන්නේ නම් උන්වහන්සේ අප ගළවාගන්නා විට උන්වහන්සේ නොදැන සිටි කිසිවක් අපේ ගැළවීමෙන් පසු නිසැකවම ආලෝකයට පැමිණීමට නොහැකිය. අපගේ ගැළවීම ගැන කම්පාවීමක් හෝ උන්වහන්සේගේ මනස වෙනස් කිරීමක් හෝ කිරීමට හැකි කිසිවක් නැත. උන්වහන්සේ දැනනොසිටි කිසිම ඛේදවාචකයක් අපේ ජීවිත වලට ඇතුල් නොවන්නට තිබුනා. අපේ ජීවිත කණගාටු වලින් නාස්ති නොවී තැබීමට උන්වහන්සේට බලය හා ප්‍රඥාව තිබෙනවා. අපට යේසුස්වහන්සේ සිටින නිසා ජීවිතයේ සිදුවන කුමන දෙයක් සමග හෝ කටයුතු කිරීමට අපට අවශ්‍ය සියලු ප්‍රඥාව අපට තිබෙනවා. ඒ ඔබ දෙවියන්වහන්සේගෙන් පැමිණ සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල සිටින නිසාය.
“ නුමුත් උන්වහන්සේ කරණකොට ගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල සිටින්නෙහිය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්රඥව එනම් ධර්මිෂ්ඨකමද, ශුද්ධකමද, මිදීමද කරනු ලැබු සේක. (කොරින්ති1:30)
දෙවියන්වහන්සේගේ සර්වඥතාවය අපට නිෂ්චිතකම හා ප්‍රඥාව දෙනු ලබයි.
කියවන්න යෙරමියා 32:27
කියවන්න මතෙව් 19:26
දෙවියන්වහයන්සේ සර්වබලධාරී බව බයිබලය 56 වරක් ප්‍රකාශ කරයි.
උන්වහන්සේ කැමති දේවල් ඉෂ්ඨ කිරීමට උන්වහන්සේට අසීමිත බලයක් ඇත.
රෝම1:16 - අප ගැළවීම සඳහා කෙතරම් අපුරු බලයක්ව පවතින්නේද- අප රැකගැනීමේ බලයක්.
යොහාන්10:28 ආරක්ෂා කිරීම සහතික කිරීමේ බලයක්-
1පේත්‍රැස්1:5 අපේ උරුමය දෙවියන්වහන්සේගේ බලය නිසා අපේ ගැළවීම සුරක්ෂිතය. උන්වහන්සේ අප ආරක්ෂාකාරී ලෙස උන්වහන්සේගේ අතේ තබාගැනීමට පුළුවන. දෙවියන්වහන්සේගේ සර්ව බලධාරිත්වය අපගේ ගැළවීම ආරක්ෂා කරයි.
කියවන්න ගීතාවලිය139:7-10
දෙවියන්වහන්සේ සෑම තැනම වැඩසිටින සේක.මෙය සර්වදේවවාදය නොවේ. සර්ව දේව වාදය කියන්නේ සෑම දෙයක්ම ඇතුලේ දෙවියන් සිටින බවය.- එනම් අහස, ගස්, පර්වත හා කඳුවැටිය. සර්ව ව්‍යාපී යනු දෙවියන්වහන්සේ එකවිටම සෑම තැනම වැඩ සිටින සේක. නමුත් වෙන්ව, ලෝකය සහ එහි තුල ඇති සියලු දේ එකිනෙකට වෙනස්වය. උන්වහන්සේගේ දැනගැන්මෙන් අපට මගහැරීමට නුපුළුවන. උන්වහන්සේගේ වැඩ සිටීමෙන් අපට සැඟවෙන්නට නොහැකිය. උන්වහන්සේගේ දරුවන් වන අපට මොනතරම් සුවපහසුවක්ද! උන්වහන්සේ අප සමග නොවන තැනක් ඇත්තේ නැත. දානියෙල්ගේ යාළුවන් තිදෙනා සමග ගිනි උඳුනේ උන්වහන්සේ සිටියාසේය.
අපේ පරීක්ෂාවේදීත් අපේ ප්රීතියේදීත් උන්වහන්සේ අප සමගය.
කියවන්න හෙබ්‍රෙව්13:5-6
උන්වහන්සේගේ නිරතුරු වැඩසිටීම අපේ උපකාරය හා ආරක්ෂාවයි.
කියවන්න ගීතාවලිය145:3
කියවන්න ගීතාවලිය90:2
අපේ සීමිත මනසට අසීමිත බව තේරුම් ගැනීමට නුපුළුවන. එයින් කියන්නේ දෙවියන්වහන්සේ සීමිත වන සීමා මායිම් වලට කොටුවී ඇති බවක් වත් එකිනෙක අනුක්‍රමික සිදුවීම් වලට අවශ්‍ය කරන කාලයේ සීමාවන් වලට සීමාවී සිටින බවක් වත් නොවේ. උන්වහන්සේගේ සදාකාලිකත්වය කාලය පිලිබඳ අපගේ දැක්මෙහි පසුපස සිට සදාකාල ඉදිරිය දක්වාද විහිදී පවතින්නේය. උන්වහන්සේගේ පටන්ගැන්මක් හා අවසන්වීමක් ඇත්තේ නැත.
යෙසායා ගැළවුම්කරුවාණන්ගැන අනාවැකි කියන විට මෙසේ කීවා “ මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපුර්වය, මන්ත්‍රීවරයාය. පරාක්‍රමවත් දෙවියන්වහන්සේය. සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයා යයි කියනු ලබන්නේය. (යෙසායා9:6) අප සඳහා මෙයින් කියන්නේ අපට සදාකාලික නිවසක්, සෙවන දෙන ස්ථානයක් සැගවෙන ස්ථානයක්, බලකොටුවක් සහ ආරක්ෂාවක් ඇති බවත් එය දෙවියන්වහන්සේගෙන්ම බවත්ය.
උන්වහන්සේ හැරදා යන්නේවත් මියයන්නේවත් නැත. උන්වහන්සේගේ රාජකාරි කාලය හෝ වාරය කිසිවිටෙක අවසන් වන්නේ නැත. උන්වහන්සේගේ සදාකාලිකත්වය අපට ආරක්ෂාව ලබාදෙන්නේය.
කියවන්න යාකොබ්1:17
දෙවියන්වහන්සේ කිසි විටෙක වෙනස් වන්නේ නැත. ගීතිකා කාරයා දෙවියන්සේ උන්වහන්සේගේ මැවිල්ල සමග සංසන්දනයකරමින් මෙසේ කීවේය “ පොළොව හා ස්වර්ගය විනාශ වන්නේය, නමුත් ඔබ එසේම ඉතිරිව සිටිනවා ඇත. ඔබේ අවුරුදු අවසන් නොවන්නේය (ගීතාවලිය102:25-27) පොළොවේ සෑම දෙයක්ම වෙනස්වීමට නියමිතය.
අපේ සම්බන්ධතා අපේ වෘත්තීන්, අපේ නිවාස සහ අපේ සමාජය. නමුත් දෙවියන්වහන්සේ කිසි විටෙක උන්වහන්සේගේ ආවේනික ලක්ෂණ තුල වෙනස් වන්නේ නැත. අපට සම්පුර්ණ නිසැක කමක් ඇතිව උන්වහන්සේ මත රඳා පවතින්නට පුළුවන. උන්වහන්සේ පුර්ණ විශ්වාසදායකය. නොවෙනස්ය.
කියවන්න හෙබ්‍රෙව්13:8
අපේ ගැළවීම ගැන මෙයින් ගම්‍ය වන දේ ඔබ දකිනවාද? අප ගළවා ගැනීම ගැන උන්වහන්සේ කිසි විටෙක මනස වෙනස්කර නොගන්නවා ඇත. උන්වහන්සේ අප අත්හැර දමන්නේ නැත.
උන්වහන්සේගේ එක පොරොන්දුවක්වත් ආපසු ගන්නේ නැත. උන්වහන්සේ අප ගැන වැරදි කර ඇතැයි කියා, උන්වහන්සේගේ සැලැස්ම නැවත සකස් කර ගන්නේ නැත. උන්වහන්සේ නිත්‍යය. උන්වහන්සේගේ නොවෙනස්වන ස්වභාවපය දෙවියන්වහන්සේ කරන තාක් දුරට ආරක්ෂාවක්ය.
කියවන්න යෙසායා 46:9-10
පරම යනු දෙවියන්වහන්සේ විශ්වයෙහි ඉහළම කෙනාය. උන්වහන්සේගේ අධිකාරිත්වය පුර්ණ හා නිරපේක්ෂය. දැන් අවංකවම ශුද්ධ ලියවිල්ලෙහි දෙවියන්වහන්සේ ගැන නැවත නැවත කියද්දී මම යමි දෙයක් නොදැන සිටින්ට භයවෙමි.
කියවන්න ගීතාවලිය 100:5
කියවන්න ගීතාවලිය 119:68
දෙවියන්වහන්සේ යහපත්, ප්‍රේමණීය, හා විශ්වාස වන්තය. සිතිවිලි හා සැලසුම් මා සදහා ඉහළම යහපත කිරීමට බව මා දන්නා නිසා මට උන්වහන්සේගේ පරම බව ගැන මට විශ්වාසදායකය. දෙවියන්වහන්සේ යහපත් බව විශ්වාස කිරීමටඇදහිල්ල ශක්තිමත්ව තබාගෙන අපේ මනස සකස්කරගැනීමට අපට හැකි නම් අපගේ ඉදිරි කාලයේ වීමට ඇති දේවල් කුමක් වුවත් කම් නැත.
කියවන්න යුදස් 4
උන්වහන්සේගේ පරම බව සහ යහපත්කම අපට බලාපොරොත්තුව ගෙනදෙන්නේය. මේවා ගරු බිය උපදවන ලක්ෂණයන්ය. අපේ සීමිත මනසින් මේවා ග්‍රහණය කරගැනීමට පුළුවන්කමක් නැත. දෙවියන්වහන්සේ ගැන ශුද්ධ ලියවිල්ල කියන දේවල් ගැන සම්පුර්ණ තේරුම්ගැනීමකින් තොරව අප විසින් සරලව විශ්වාස කළයුත්තේ එබැවිනි. අපට සැබවින්ම දෙවියන්වහන්සේ තේරුම්ගැනීමට පුළුවන් වුනා නම් උන්වහන්සේ ඉතා කුඩා වනවා ඇත. දැන් අපට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වෙනත් ලක්ෂණ සමහරක් දෙස බලමු.
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ තේජස මෝසෙස්ට එළිදරව් කරන විට උන්වහන්සේ අප පුදුමයට පත්කරවන බව සිහිකිරීම සිත් ගන්නා සුළුය.
කියවන්න නික්මයාම 34:6-7
ස්වර්ග වලින් ඉහළට නැගුනාවු ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ගැන ඇසීමට අප බලාපොරොත්තු වන්නේ නැත. මිත්‍යා දෘෂ්ඨිකයින් ඔවුන්ගේ දේවරූප ගැන මේ විධියට සිතන්නේ නැත. එනම්: ප්‍රේමවන්ත, කරුණාවන්ත, අනුග්‍රහය දක්වන උදහස්වීමට ප්‍රමාද, ක්ෂමාව දෙන, ආදී වශයෙන්. නමුත් අපේ දෙවියන්වහන්සේ අසීමිත අනුග්‍රහයක් ඇති දෙවි කෙනෙක්ය. කෙසේවුවද උන්වහන්සේ උන්වහන්සේගේ ක්ෂමාව පිළි නොගෙන, පසු තැවිලි නොවන වරදවල් විනිෂ්චය කරන විනිෂ්චය කාරයෙක්ද වේ. දෙවියන්වහන්සේ යන අපේ සංකල්පය තුල අප සමබර විය යුතුය. මෙවැනි දෙවි කෙනෙකුට අප මොන වගේ ආකල්පයක් දැක්විය යුතුද? අප කුමක් කළයුතුදැයි ගීතාවලිය 103 අපට කියයි.
කියවන්න ගීතාවලිය 103
1. මෙම පද අපට දෙවියන්වහන්සේ ගැන කියන්නේ මොනවාද?
කියවන්න යොහාන්6:27; 1පේත්‍රැස්1:2; යොහාන්20:28; ක්‍රියා5:3-4
2. දෙවියන්වහන්සේ ගැන මෙය තවත් දෙන ආලෝකය කුමක්ද? දේවත්වයේ පුද්ගලයින් තිදෙනා එක සමාන දෙවියන්වහන්සේද?
කියවන්න මතෙව්28:19;2කොරින්ති13:14; මතෙව්3:16-17
3. දෙවියන්වහන්සේගේ ත්රීඑක වීම ගැන තවදුරටත් සාක්ෂි මොනවාද?
කියවන්න එපීස1:3-6;යොහාන්5:37; හෙබ්‍රෙව්12:9
4. උන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි අදහාගන්නා අප සඳහා පියාණන්වහන්සේ කර ඇති විශේෂ දේවල් මොනවාද? තවමත් උන්වහන්සේ කරමින් සිටින්නේ මොනවාද?
කියවන්න යොහාන් 2:24;1යොහාන්4:8;1යොහාන්1:5
5(අ) දෙවියන්වහන්සේගේ මෙම මුලික ලක්ෂණ කියන්නේ සහ එළිදරව් කරන්නේ මොනවාද? මෙම ලක්ෂණ තුනෙන්ම ඔබ දකින සම්බන්ධ හා භාවිත ලියන්න.
5(ආ) පහත සඳහන් පද වලින් ඔබ දකින දෙවියන්වහන්සේගේ ලක්ෂණ ලැයිස්තුවක් ලියන්න. ක්‍රියා14:18;1පේත්‍රැස්1:15; ගීතාවලිය19:9;1යොහාන්4:8;රෝම3:4;යෙසායා40:13-14; එළිදරව්19:6; ගීතාවලිය90:2; යාකොබ්1:17;ගීතාවලිය139;දානියෙල්4:17,35
කියවන්න නික්මයාම34:17;ගීතාවලිය103
6. මෙහි එළිදරව් කර ඇති වෙනත් ලක්ෂණ මොනවාද? ඔබ දිරිමත් කරවන හා පහසු කරවන ඔබ දකින දේ මොනවාද?
7. දෙවියන්වහන්සේ ගැන ඔබේ සංකල්පය කුමක්ද? මෙම ජේද ඔබේ මනස තුල ආකල්ප වෙනස්කර තිබෙනවාද? දෙවියන්වහන්සේ ගැන මෙහි කියන සියලු දේ ඔබ සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔබේ චර්යාව මත කෙබඳු බල පෑමක් ඇති කරයිද? ඔබේ යාඤා ජීවිතය කෙරෙහිද? ඔබේ සාක්ෂි දැරීම්වල, කරදර වලට ඔබ දක්වන ප්‍රතික්‍රියා කෙරෙහිද?