MENU

Where the world comes to study the Bible

විෂ්මිත කරුණාව: දෙවියන්වහන්වහන්සේගේ ප්‍රේමය නිදහස සලස්වයි!

Related Media

එය ඉතා සරල පියවරක්- තාර්කිකව, එය අපේ පාපී ස්වභාවයේ සිට, උන්වහන්සේගේ ප්‍රකාශිත කරුණාව තුලවු දෙවියන්වහන්සේගේ ප්‍රේමය වෙත ගෙනයාමයි. මක්නිසාද, උන්වහන්සේ අපට යන්තම්වත් ප්‍රේම කරන්නට නම් (ඇත්තෙන්ම ප්‍රේම කරනවා.) එය උන්වහන්සේගේ සිත්ගැනීම තුල මුල් බැසගත් ප්‍රේමයක් වියයුතුය. අපට සෑම යහපත් දෙයක්ම වගුරුවන්න කලින් අප විසින් උන්වහන්සේගේ දයාබර හදවත සිහින දුටු යම් බලාපොරොත්තු සපුරාලිය යුතු බව උන්වහන්සේ ඉල්ලා සිටින්නට තිබුනා. නමුත් කාරණය මෙයවුවා නම්, අප කිසිවිටෙක උන්වහන්සේගේ ප්‍රේමය අත්විඳින්නේ නැතිවන්නට තිබුනා. “ධර්මිෂ්ඨවු කිසිවෙක්, එක්කෙනෙක්වත් නැත.” (රෝම3 :10) නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ කරුණාව තුල, නොවටිනා පව්කාරයින් වෙත දීප්තිමත්ව විද්‍යාමාන වුනා. හරියටම කරුණාව කියන්නේ එයයි. එනම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේට ප්‍රේම නොවුවන් වෙත නිදහසේ ගලායාමයි.

ලේඛක හා එවැන්ජලිස්තවරයෙකුවු ලුයිස් පාලව් මෙසේ ලියයි:

දෙවියන්වහන්සේගේ “සාධාරණ නොවු” කරුණාවට ස්තුතියි. මීට දෙවසරකට පෙර, මා කෙනෙත් කියා කථා කරන, මගේ බෑනා කෙනෙක් මරණාසන්නව සිටියා. ඔහුට ඒඩ්ස් රෝගය වැලඳී තිබුනා. උතුරු කැලිපෝනියාවේ පවුල් හමුවකදී මා කෙනෙත් සමග ඇවිදින්න ගියා. ඔහු හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියා. මම ඇහුවා “කෙනෙත් ඔබ දන්නවද යම් දිනයක ඔබ මැරෙන්න යනවා කියා”? , මම ඇහුවා: “ඔබට සදාකාලික ජීවනය තියෙනවද?” කියලා. මට දැනගන්න ඕනෑ ඔයාගේ දෙමව්පියන්ට ගොඩක් දුක හිතෙයිද කියලා.

ඔහු කීවා, “ලුයිස්, මම දන්නවා දෙවියන්වහන්සේ මට සමාව දීලා තියෙන්නෙ කියලා, මම ස්වර්ගයට යනවා.”

වසර කීපයක් කෙනෙත් ඔහුගේ ගැටවර වියේදී සමලිංගික හැසිරීමෙහි යෙදී තිබුනා. ඊට වඩා දෙවියන්වහන්සේටත් තම දෙමව්පියන්ටත් කැරලිකාරව සිටියා, ඔහුගේ ජීවන රටාවෙහි ඔහු සිටියේ අහංකාර හැසිරීමකය.

මම ඇහුවා: “කෙනෙත් ඔබ කොහොමද එසේ කියන්නේ”? කියලා. ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිකාර වුනා, ඔබ බයිබලය විහිලුවක් කරගත්තා. ඔබ සාපරාධී විධියට ඔබේ පවුල රිදෙව්වා. දැන් ඔබ කියනවා ඔබට සදාකාලික ජීවිතය තියෙනවා කියලා. එයත් ඒ වගේද?

ලුයිස් මට ඒඩ්ස් තිබෙන බව ඩොක්ටර් කියන විට, මම මොඩයෙක්ව සිටි බව මා වටහාගත්තා.

අපි එය දන්නවා. මම හිතාමතාම නොසැලකිලි ලෙස කීවා. මන්ද, සමලිංගිකත්වය පාපය හැටියට බයිබලය උගන්වන බව කෙනෙත් දැන සිටියා. නමුත් ඔබ සැබෑ ලෙස පසුතැවිලි වුනාද?

“මම පසුතැවිලි වුනා, දෙවියන්වහන්සේගේ දයාව මා මත තිබු බව මම දන්නවා. නමුත් මගේ තාත්තා මාව විශ්වාස කරන්නෙ නැතිවෙයි. “

ඔබේ මුලු ජීවිතේදීම ඔහුට විරැද්ධව කැරලිකාර වුනා. මම කීවා ඔබ ඔහුගේ හදවත බින්ඳා කියලා.

කෙනෙත් කෙලින්ම මාදෙස, ඇස් තුල බලාසිටියා.

“ මම දන්නවා, ස්වාමීන්වහන්සේ මට සමාව දීලා තියෙන්නෙ කියලා.”

ඔබ ඔබේ හදවත යේසුස්වහන්සේට විවෘත කළාද? “

“ඔව්, ඔව්! ලුයිස් ඔව්!”

අපි එකිනෙකා කරට අත දමා, තවත් කථාබහ කළා. යේසුස්වහන්සේ, කෙනෙත්ගේ මුලු කැරලිකාරකම කමාකර, පාපය සෝදා හැරිය බව මම ඒත්තු ගත්තා. කෙටි මාස කීපයකට පසු ඔහු ස්වාමීන්වහන්සේ සමග වීසීමට වයස අවුරුදු විසිපහේදී පිටත්ව ගියා. ලුයිස් පාලව්, මගේ බෑණා, කුරුසිය මත සිටි පසුතැවිලිවු සොරා මෙන්, දෙවියන්වහන්සේගේ කරුණාව ලබන්න සුදුසුව සිටියේ නැහැ. මමත් නැහැ. අපි කවුරුත් නැහැ. එයයි කරුණව කියන්නේ! හේතුවක් නැතිව ලබන වරප්‍රසාදය!

නව ගිවිසුමේ තේමාව කරුණාවයි! පණිවිඩය වටහාගැනීමේ යතුරයි! නව ගිවිසුමේ ලේඛකයින් ගැළවීම ගැන කථාකර, හැමවිටම සම්බන්ධ වන්නේ දෙවියන්වහන්සේගේ කරුණාවටයි.

අපේ පාපයෙන් හා උදහසෙන් ගැළවීම, කාලයේ ආරම්භයටත් පෙරවු දෙවියන්වහන්සේගේ කාරුණික අදහස හා කැඳවීමයි. (2තිමොති1: 9) උන්වහන්සේගේ කාරුණික සැලැස්ම හා කැඳවීමට අනුව ඉතිහාසයේ අවබෝධයට ගෙන ආයේය. (රෝම8:30). අප ගැළවී ඇත්තේ ක්‍රියා මගින් 1නොව, දෙවියන්වහන්සේගේ අනුග්‍රයෙන්ය. (එපීස2:8-9), දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, අපේ ගැළවීම දෙවියන්වහන්සේ ඉදිරියේ අවංකව ජීවකරවීමට උගන්වයි. (තීතස්2:11-12). දෙවියන්වහන්සේගේ මහිමාන්විත අනුග්‍රහයේ ප්‍රසංසාව ගැළවීමේ අවසන් ඉලක්කයයි. (එපීස1:6) කොටින්ම, එය ආරම්භයේ සිට අවසානය දක්වා අනුග්‍රහයයි. 2

අපට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තේරුම්ගත හැවන පරිදි උන්වහන්සේ අපට බයිබලයේ බොහෝ නිදසුන් දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රේරිතවු පාවුල් තුමා. දෙවියන්වහන්සේ සෑම කල්හි ඉතා නීතිගරුක තැනැත්තා වෙමින්, කරුණාවේ ඉහළම නිපුනත්වයකින් කටයුතු කරන්නෙකුවීම පුදුම සහගත නොවේද? මිනිසුන් තමා තුලින් ඉගෙනගත හැකිවන පරිදි දෙවියන්වහන්සේ ඔහු තෝරාගෙන ඇති බව පාවුල්තුමා කීවා. ඔහු මිනීමරන්නෙක් හා සභාවට හිංසා කළ කෙනෙක්. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ සැබෑ අරුත එහි ඇතුලත්වනවා.

1තිමොති1:15 පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවු සර්වප්‍රකාරයෙන් පිළිගත යුතුවු කීමක්ය, ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.

1තිමොති1:16 එසේවී නමුත් මට කරුණාව ලැබුනේ මේ නිසාය. එනම් සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවු මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.

දෙවියන්වහන්සේ සමග යුද්ධ කරමින් සිටිද්දී උන්වහන්සේගේ කරුණාව අප වෙත දිගුකිරීමට උන්වහන්සේ මාර්ගයක් සාදමින් සිටි බව පවුල්තුමා රෝම 5 :10 පදයෙහි පවසනවා. කෙතරම් විශ්වාස නොකළැකි ප්‍රේමයක්ද.

දෙවන ලෝක යුද්ධයේදී එක්තරා කෙනෙකු මියගිය විට ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට ගෞරවණීය ලෙස එම භූමදාන කටයුතු කරන්න වුවමනා උනා. ඔවුන් ඒ ගම අසල සුසාන භූමියක් සොයාගත්තා. මියගිය තැනැත්තා රෙපරමාදු කෙනෙක් විය. ඔවුන්ට හමුවුනේ කතෝලික සුසාන භූමියකි. මිතුරන් දෙදෙනා සුසානභූමිය භාර දේවගැතිතුමා හමුවු පසු ඔවුන්ගේ මිත්‍රයා භූමදාන කිරීමට අවසර ඉල්ලා සිටියා. නමුත් ඒ මනුෂ්‍යයා කතෝලික නොවන කෙනෙක්ව සිටි නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඔවුන් කනස්සලට පත්ව සිටිනවා දුටු දේවගැති තුමා, සුසාන භූමියේ වැටෙන් එහා භූමදාන කිරීමට මගපෙන්නුවා. එය එසේ සිදුවිය.

පසුව, ඔවුන් සොහොන බැලීමට ආ නමුත් එය හමුවුනේ නැහැ. ඔවුන් එය සෙවීමේදී නැවත දේවගැතිවරයා වෙත පැමිණ සිදුවු දේ කීවා. දේවගැතිවරයා, තමාට පෙරදා රාත්‍රීයේ නිදාගැනීමට නොහැකිවු බව කීවා. එවිට ඔහු නැගිට මියගිය සොල්දාදුවා ඇතුලත්වන සේ වැට වෙනස් කළා.

ඉතින් එය දෙවියන්වහන්සේ සමගයි! ආදරණීය නොවන හා නොවටිනා දේ දෙවියන්වහන්සේගේ විෂ්මිත ප්‍රේමය තුලට ඇතුලත් කරගන්නා තුරු ඔහුට නිදාගත නොහැකිව සිටියා. කාරණය වන්නේ ඔහු වැට වෙනස්කළා පමණක් නොව, ඇත්ත වශයෙන්ම ඔහු උන්වහන්සේගේ ශුද්ධ වැඩසිටීමට තිබු බාධකයද විනාශ කළා. නමුත් ඔහු එසේ කළේ අපගේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව හා උන්වහන්සේගේ කුරුසිය තුලින්ය. එය කුරුසිපත්කළ, අප නොමිලේ පියාණන්වහන්සේ වෙත ලගා වෙන, ක්‍රිස්තුස්වහන්සේ තුලින් පමණක්මය. (යොහාන්4:6) ඉතිරිවන ප්‍රශ්නය වන්නේ, ඔබ එය කර තිබෙනවාද? යන්නයි. ඔබ ඔබේ පාප වලින් හැරී ඔබේ මුළු හදවතින් ක්‍රිස්තුස්වහන්සේ වැළදගත්තාද? දැන් තරම් සුදුසු වෙළාවක් නැහැ! පසුතැවිලි ඇදහිල්ලෙන් උන්වහන්සේ කරා පැමිණෙන සියලු දෙනා මත, උන්වහන්සේගේ විෂ්මිත ප්‍රේමය වැගිරවීමට උන්වහන්සේ පොරොන්දු වනවා. ඔබ ඒ ගැන අසා තිබෙනවා, දැන් එය ලබාගන්න!

එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළගට වරෙල්ලා! මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කාපල්ලා! එසේය, මුදල් නැතුව මුද්‍රික පානයද කිරිද ගනිල්ලා. කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම් කරන්නේ මක්නිසාද? හොදාකාරයෙන් මට ඇහුම්කන් දී හොදව තිබෙන දේ කාපල්ලා, නුඹලාගේ ප්‍රානයද තරකම භුක්ති විදීවා. යෙසායා55:1-2


1 Luis Palau, “God's Ocean of Grace,” Pursuit, vol. 4, no. 11.

2 J. I. Packer, Key Bible Themes: Studies of Key Bible Themes (Grand Rapids: Baker, 1981), 94-95.

Related Topics: Devotionals

Report Inappropriate Ad