MENU

Where the world comes to study the Bible

කිතුණු ඇදහිල්ලේ මුලධර්ම-3 මැවීම සහ වැටීම

Related Media

මැවීම සහ වැටීම: සවර්ගයෙහි හා පොළොවෙහි සියලු දේවල් දෙවියන්වහන්සේ විසින් මවා උන්වහන්සේගේ බලයෙන් පවතින බව අප විශ්වාස කරනවා. ( උත්පත්ති1:1); කොලොස්සි1:16-17)

මනුෂ්යයා මවනු ලැබුවේ නිර්දෝෂී කෙනෙකු ලෙස, දෙවියන්වහන්සේට සමාන ස්වරූපයකින් නමුත් ඔහු විසින්ම තමාටත් මතු පරපුරටත්ශාරීරික හා ආත්මික මරණය යන දෙකම ගෙන එමින් ඔහු පාපය කළ බව අප විශ්වාස කරනවා.

මනුෂ්යයා දෙවියන්වහන්සේගෙන් පාපී ස්වභාවයක් උරුම කරගත් බවත් ගැළවීමේ අවශ්යතාවයක සිටින බවත් අප විශ්වාස කරනවා. (උත්පත්ති1:27;2:17;3:19; එපීස2:1-3)

මනුෂ්‍යත්වය යනු කුමක්ද? අප ආවේ කොයි සිටද? වසර දහස් ගණනක් දාර්ශනිකයින් හා දේවධර්ම ධරයින්ගේ මනසෙහි අභියෝගයක්ව තිබු ප්‍රශ්න මේවාය. කෙසේ වුවද අප සෑම කෙනෙකුටමත් එම ප්‍රශ්න සලකා බැලිය යුතුව තිබෙනවා.

ආලෝකය තත්පරයට හැ. 186000ක වේගයෙන් ගමන් කළත් මට

පෞද්ගලිකව එය එතරම් කාරණයක් නොවේ, නමුත් මගේ සම්භවය, මගේ ඉරණම

සහ මගේ ප්‍රෙයෝජනය ආදිය මටද අනෙක් සෑම දෙනකුටමද ඉතා වැදගත්ය. අප පදාර්ථයෙන් පැන නැගී පැවැත්මට පැමිණ, එමගින්ම නිකම්ම පරිණාමණය වනවාද? නැතහොත් ජීවමාන බලවත් දෙවි කෙනෙකු විසින් මවනු ලැබුවාද? මෙය කුමන වෙනසක් ඇතිකරනවාද කියා ඔබ සිතන්නට පුළුවන්. එය මහත් වෙනස් දෙයක් ඇති කරයි.

චාල්ස් රයිරි මෙසේ පවසයි “ මනුෂ්‍යයා පරිණාමයේ නිපැයුමක් නම්, යන්න ඉවත්කර නොගන්නේ නම් පාපයේ බලපෑම හා ගැළවුම්කරුවෙකුගේ අවශ්‍යතාවයේ ප්‍රමාණය පහත වැටෙනවා. අනික් අතට මනුෂ්‍යයා මවනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් නම්, මෙම සංකල්පය මනුෂ්‍යයාගේ වගකීම එය හා සම්බන්ධව ගෙන එයි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ නම්, මනුෂ්‍යයාට පිටින් ඔහු වගකියන කෙනෙක් සිටී. මැවීමේ දර්ශනයක් අඟවන්නේ මවනු ලැබු අය මැවුම්කරුට වගකිව යුතුය යන්නය. මනුෂ්‍යයාගේ පරිණාමික සම්භවය ඔහුටම පිටතින් සිටින පෞද්ගලික මැවුම්කරුට ඇති වගකීමෙන් නිදහස් කරයි.

විශ්වයේ මනුෂ්‍යය වර්ගයාගේ සම්භවය ගැන ශුද්ධ ලියවිල්ල අපට කියන දෙවියන්වහන්සේගේ එළිදරව්ව අප ඉගෙනගැනීම අවශ්‍ය වන්නේ ඒ නිසාය. උත්පත්ති 1 සහ 2 පරිච්ජේද වල ඒවා සරලව හා පැහැදිලිව කදිමට පැහැදිලි වෙනවා.

දෙවියන්වහන්සේ විශ්වය මැවු සේක

කියවන්න උත්පත්ති 1:1

කියවන්න යොහාන් 1:1-3

දෙවියන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ යන ත්‍රිත්වය පොළොව මත, පොළොව තුල සහ අභ්‍යවකාශයේ පවතින, පෙනෙන නොපෙනෙන සෑම දෙයකම මැවුම්කරුය. උන්වහන්සේගේ බලය හා තේජස සරල වචන වලින් දෙවියන්වහන්සේ කීසේක යයි එළිදරව් කර ඇත. මෙය උත්පත්ති1හි දහ වරක් පුනරාවර්ථ ලෙස සඳහන්වේ. දෙවියන්වහන්සේ වචනය කථා කළා, එය සිදුවුනා. උන්වහන්සේ අලංකාර වාසස්ථානයක් ඔවුන් සඳහා මවා තිබුන විට, දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයින් මවනු ලැබුවා.

උත්පත්ති1:26-28,31: තවද දෙවියන්වහන්සේ අපගේ ස්වරූපයෙන්, අපගේ සමානත්වය ලෙස, මනුෂ්‍යයා සාදම්හ. ඔවුහු මුහුදෙහි මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, තිරිසනුන් කෙරෙහිද, මුළු පොළොව කෙරෙහිද, පොළොව පිට බඩ ගා යන සියලු සතුන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කී සේක.දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවු සේක. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවු සේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවු සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩෙමින් , පොළොව පුර්ණ කොට යටත් කර ගනිව්. මුහුදේ මත්ස්‍යයක් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව් යයි කීසේක.දෙවියන්වහන්සේ තමන් සෑදු සියල්ලම දුටු සේක. එය ඉතා යහපත්ව තිබුනේය.

උසස්ම ජීවීන් ලෙස ස්ත්‍රීන් හා පුරුෂයින්ට දෙන ලද ඔවුන්ගේ වටිනාකම, ඔවුන්ගේ වැදගත්කම සහ ඔවුන්ගේ තත්වය මෙයයි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් පුරුෂයා සහ ස්ත්‍රිය මැවු සේක. දෙවියන්වහන්සේ‍ගේ මුළු ස්වරූපය පුරුෂයා සහ ස්ත්‍රිය එකටය.

1. පුරුෂයා සහ ස්ත්‍රිය එක සමානව මැවු සේක.

(අ) ස්වභාවයෙන්, බුද්ධියෙන්, හැඟී‍මෙන් චේතනාවෙන් සහ ආත්මයෙන් යුත් පුද්ගලයින්ය.

(ආ) වගකීමෙන් හා ගණන් දීමෙන්

1. ආශිර්වාද- ඵල දැරීම, ගණනින් වැඩිවීම.

2. ආධිපත්‍යය- පොළොවේ සභා පාලකයින්

(ඇ) වටිනාකමෙන් ඉතා හොඳයි.

2. පුරුෂයා සහ ස්ත්‍රි වෙනස්ව මැවුසේක.

උත්පත්ති 2 පරිච්ජේදයෙහි දෙවියන්වහන්සේ ස්ත්‍රිය සහ පුරුෂයා මැවු විස්තරය අපට දෙයි.

කියවන්න උත්පත්ති 2:7

සෑදීම යන වචනය කුඹල්කරුවා මැටි හැඩගැස්වීම විස්තර කරයි. මැවුම්කාරයාගේ පෞද්ගලික සැලකිල්ල සිතට ගන්න. වචනය කීම පමණක් නොව, උන්වහන්සේ ප්‍රථම මිනිසා හැඩගස්වා සාදා ඔහු තුලට ජීවන හුස්ම පිඹින ලදී. උන්වහන්සේ ඔහුට කිරීමට වැඩදී ඔහු වෙනුවෙන් සාදා තිබු වාසස්ථානය වන අලංකාර උයනෙහි සතුටු වීමට නිදහස දුන් සේක. නුමුත් එම නිදහසෙහි එක බාධාවක් තිබුනා.

උත්පත්ති 2:16-17

“ආදම් නුඹට දිනපතා මම නුඹ ඳහා සාදා තිබෙන සියලු අපුරු ගෙඩි වලින් කෑමට භෝජන සංග්‍රහයක් තැබීමට පුළුවන්. අර ගසෙන් විතරක් කන්න එපා!මොකක්ද තහනම? දෙවියන්වහන්සේ ගස එහි පළමු ස්ථානයේ තැබුවේ ඇයි? උන්වහන්සේට වුවමනාවුයේ මැවිල්ල තම කැමැත්තෙන්ම උන්වහන්සේ නමස්කාර කිරීමට තෝරාගන්නා ජාතීන්ය. නමස්කාරය ප්‍රතිඵල දෙන්නේ කීකරු වීම තුලය. උන්වහන්සේට අප රොබෝ මෙන් හදන්ට තිබුනා. උන්වහන්සේ අපට තෝරාගැනීමට පුළුවන්කමක් වීමට ඉඩහරිමින් ගන්නේ මහත් අවදානමක්! නමුත් උන්වහන්සේ එසේ කළා. ඊළගට අප කියවන්නේ මැවිල්ලෙහි යහපත් නොවන එකම දෙය ගැනය.

කියවන්න උත්පත්ති 2:18-25

මනුෂ්‍යයාගේ තනිකම යහපත් නැත, ඔහුට ආදරය කිරීමට, ඔහු සමග වැඩ කිරීමට, පාලනය කිරීමට වෙනත් කෙනෙක් වුවමනා විය, ඔහුට ගැලපෙන සහකාරියක් වුවමනාවිය. සහකරුවෙක්/ සහකාරියක් යනු කෙනෙක් තව කෙනෙකුගේ දේවල් ඉෂ්ඨ කිරීමය. ස්ත්‍රියෙකු නැතිව ආදම්ට ඔහුගේ පුර්ණ විභවයට ළගාවිය නොහැකි විය. එනම් ඔහුට ඉෂ්ඨ කිරීමට තිබුන නියෝග ඉෂ්ඨ කිරීමට නොහැකි විය. හෙබ්‍රෙව් භාෂාවෙන් සහකරු යන වචනයට ඇත්තේ එසෙර් යන වචනයයි. පරණ ගිවිසුමෙහි මෙම වචනය19 වතාවක් භාවිතා කර ඇත. හතර වතාවක් මිනිසුන් මිනිසුන්ට උපකාර කිරීම ගැනය. 15 වතාවක් යොදා ඇත්තේ දෙවියන්වහන්සේ අපේ සහකාරයා ලෙසටය. උසස් තැනැත්තා පහත් තැනැත්තට උපකාර කරනවා මිස පහත් තැනැත්තා උසස් තැනැත්තාට කිසිවිටෙක උපකාර කිරීමක් ගැන නොවේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට අවෂ්‍යවු ස්ත්‍රිය දීමට පෙර, ආදම් සියලුම සතුන්ට නම් දී තිබුනේය.ඔවුන් ඔහු ඉදිරියට එනවිට ඔහු සිතට ගත්තේ මොනවාදැයි ඔබ සිතනවාද? ඔවුන් පිරිමි හා ගහැණු වශයෙන්, ජෝඩු වශයෙන් ආවෝය.ඔහු “ඉරේ කෙළවරට පැමිණෙන විට තමා වගේ ම කිසිවෙක් ඔහුට සම්භ නොවීය. ස්ත්‍රිය මනුෂ්‍යයාගෙන්, ඔහුට සහකාරියක් ලෙස සාදනු ලැබුවේය.

ඔහු ඔහුගේ අවශ්‍යතාවය හා උපකාරයක් නැති බව දුටුවේය. දෙවියන්වහන්සේ මේ පුද්ගලයාට, ඔහුට ගැලපෙන නමුත් ඔහුගෙන් වෙනස් කෙනෙක් සපයා දුන්සේක. ඇය ඔහු වාගේ කෙනෙකු වු නිසා ඇයට ඔහුගේ සහකාරිය වීමට පුළුවන් විය.

ඇය දෙවියන්වහන්සේගේ අතින්වු විශේෂ මැවිල්ලක් වු නමුත් වෙනස් කෙනෙක්වී ඔහු සම්පුර්ණ කිරීමට ඇයට පුළුවන්විය.

මනුෂ්‍යයාගේ කොටසකින් ස්ත්‍රියෙකු සෑදීමට දෙවියන්වහන්සේ පුද්ගලික අවධානයක් දීම ගැන සිතේ තබාගන්න.(ඉල ඇටයකට හෙබ්‍රෙව් වචනය පරණ ගිවිසුමේ වෙනත් තැන්වල ඇත්තේ පැත්තක් යනුවෙන්ය.)දෙවියන්වහන්සේ ඇය ආදම් වෙතට ගෙන ඒම ප්‍රථම සරණ මංගල්‍යයි.ඔහු සතුටින් ඇයව තමා වගේම තමාගේම ශරීරයෙන් කෙනෙකු ලෙස පිළිගත්තේය. ඔවුන් එක මාංශයක්වී එකිනෙකා අනිකාට හිග දේ පිරිමැසීය. ඔවුන් ලජ්ජාවකින් තොරව නිරුවත්ව සිටියෝය මෙයින් කියන්නේ කුමක්දැයි ඔබට යම් අදහසක් තිබෙනවාද? විවෘත භාවයක් අනතුරකට පත්වෙන ස්වභාවයක් අවංක ස්වයභාවයක් සහ ප්‍රේමයක් තිබුනේය. මෙම ප්‍රථම යුවල අතර සන්නිවේදනය නිදහසේ ගලා ගියේය. බිත්ති නොතිබුනේය, භය නොතිබුනේය, අගතීන් නොතිබුනේය, අනෙකාගේ වටිනාකම ගැන හෝ වැඩ ගැන හෙළාදැකීමක් නොතිබුනේය, ඔවුන්ගේ ලිංගිකතාවය කිසි අවනම්බුවකින් හෝ ලජ්ජාවකින් තොරව නිදහසේ රස වින්දේය. ඔවුන් පරීක්ෂා කරනු නොලැබු අහිංසක තත්වයක ජීවත්වුවෝය. පළමු විවාහයේ සිටම දෙවියන්වහන්සේ විවාහය කෙනෙකුගේ කිට්ටුම මිනිස් සම්බන්ධතාවයටත් වඩා මුල් තැන දිය යුතු බවද විවාහය ස්ථිර දෙයක් විය යුතු බවද පැහැදිලි කර ඇත. ඒදන් එසේ විය.කෙනෙක් ඔවුන්ගේ අහිංසක කම පරීක්ෂා කර පරීක්ෂාව සමත්වී ඇත්නම් ලෝකය අද මෙන් වී තිබීම ගැන පුදුම වෙනවා හැර කෙනෙකුට කරන්න දෙයක් නැත.

පරීක්ෂාව

කියවන්න, උත්පත්ති3:1-5

සාතන් ඔහුගේ පරීක්ෂාව සමග ස්ත්‍රිය වෙතට ළගාවුවේ ඇයි? ඇය සදාචාරාත්මකව දුර්වලව සිටි නිසා හෝ පාපයට බර වෙලා සිටි නිසා යයි මා හිතන්නේ නැහැ. යහපත හා නපුර දැනගැනීමෙන් ජීවන වෘක්ෂයෙන් නොකෑයුතුයි යන නියෝගය දෙවියන්වහන්සේගේ මුඛයෙන් අසා තිබුන තැනැත්තා ආදම්ය. ඒව එය ලැබුවේ ආදම්ගෙන්ය. ඇය කෙතරම් බලපෑමක් සහිතද කියාත් ආදම්ට ඇය කෙතරම් වුවමනාවී සිටියාද කියාත් සාතන් දැන සිටියා. සාතන් ඇයට කථා කළේ සර්පයාගේ මුඛයෙන්ය. ඔහු අදත් පාවිච්චි කරන උපක්‍රමයක් පාවිච්චි කර එය ස්ත්‍රිය කළ දෙයක් ලෙස අප වට්ටනවා.

සාතන්ගේ උපක්රමය

දෙවියන්වහන්සේ ඔබට වුවමනා දෙයක් ලබාගැනීමට ඉඩ නොදෙන නිසා උන්වහන්සේ යහපත් නැත. දෙවියන්වහන්සේ යහපත්ව සිටියා නම් ඔබගෙන් කිසිවක් රඳවා නොගන්නවා ඇත. නමුත් උන්වහන්සේ මෙම ගසෙන් කෑමට ඉඩ නොදුන් නිසා උන්වහන්සේ යහපත් විය නොහැකිය, ඔබට බාධා නොතිබිය යුතුයි, බාධාවන් ඔබ සීමා කරයි. බලාපොරොත්තු බිඳ වට්ටයි.

යහපත් දෙවි කෙනෙකුට ඔබ මත බාධා පමුණුවන්ට පුළුවන්ද? දෙවියන්වහන්සේගේ වචනය සැබෑවන්නේ නැහැ, දෙවියන්වහන්සේ බොරුකාරයෙක්. ඔබ නිසැකවම මැරෙනේනේ නැහැ. එය විශ්වාස කරන්න එපා.දෙවියන්වහන්සේට ඔබ උන්වහන්සේ වගේ වන්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඔබේ විභවයට ළගාවීමෙන් නවතා තිබෙනවා. ඉදිරියට ගොස් ගසෙන් කන්න. එය කෙතරම් ලස්සනද කියා බලන්න. අද අපට ඇති ආත්මික ගැටළු වලින් බොහොමයකට දෙවියන්වහන්සේ ගැන කියන මෙම බොරු දෙක හේතු වෙන බව ඔබට හමුවී නැද්ද?දෙවියන්වහන්සේ සැබවින්ම යහපත් නැහැ, දෙවියන්වහන්සේගේ වචනය සත්‍යය නැහැ. උපක්‍රම පහර දෙනවිට-- පැහැදිලි කළ නොහැකි දේ සිදුවනවිට සිතීමට ඔබේ මනස හරහා නොපැමිණ “යහපත් දෙවි කෙනෙකුට මෙයට ඉඩ දෙන්ට පුළුවන් කොහොමද? හෝ දෙවියන්වහන්සේ වෙන මිනිසුන්ට හොඳ වෙන්ට පුළුවන්, නමුත් උන්වහන්සේ මට හොඳ නැහැ. උන්වහන්සේ මට හොඳවුවා නම් උන්වහන්සේ මට ස්වාමි පුරුෂයෙක් දෙනවා ඇත. හෝ උන්වහන්සේ අපට දරුවෙක් දෙනවා ඇත. හෝ උන්වහන්සේ මගේ විවාහ ජීවිතය සතුටු කරනවා ඇත. හෝ උන්වහන්සේ මම හෝ ස්වාමිපුරුෂයා හෝ දරුවා හෝ සුව කරනවා ඇත. උන්වහන්සේ මට රැකියාවක් දෙනවා ඇත. මට ඇත්තටම සතුටු වෙන්න තිබුනා. මම ඇත්තටම දෙවියන්වහන්සේ යහපත් යයි විශ්වාස කරන්නේ නැහැ.

උන්වහන්සේගේ වචනය කොහොමද?

ඔබ එය සත්‍යයයි විශ්වාස කරනවාද? ඔබ උන්වහන්සේගේ වචනය විශ්වාස කරනවා නම් ඔබ එයට කීකරු වනවා ඇත. ඇත්තෙන්ම මේ සියලු පුරාණ මනුෂ්‍යයින්ට කළයුතුව තිබුනේ එයයි. “දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කර උන්වහන්සේගේට කීකරු වෙන්න. නමුත් වෙනත් කටහඬක් සැකයේ බීජ පැලකර, දෙවියන්වහන්සේට අකීකරු වුනා.

වැටීම

කියවන්න උත්පත්ති 3:6-7

යථාර්ථකරණය

ස්ත්‍රිය යථාර්ථකරණය වන හැටි සිතට ගන්න. එය ආහාරයට හොඳයි, එය බලන්න ලස්සනයි, සහ එය අප ඥාණවන්ත කරයි. එය තුල හානිකර විය හැක්කේ මොනවාද?

අකීකරුකම

ඇය කා, පැහැදිලිවම සංවාදය නැවැත්වීමට කිසිවක් නොකළ ඇගේ ස්වාමි පුරුෂයාට දුන්නා.

ඵල විපාක

එකිනෙකා සමග සම්බන්ධතාවලට ඉක්මනින් යම් දෙයක් සිදුවුනා. ඔවුන් අතර ප්‍රේමයේ ඒ විවෘතකම හා නිදහස ගලායාම දැන් වරද හා ලජ්ජාවෙන් කැළැල් වුනා. එකිනෙකාසැඟවීමට ඔවුන් විසින්ම අත්තික්කා කොල වලින් ආවරණය කරගත්තා. පළමු ප්‍රත්‍යක්ෂ ඵල විපාකය වුයේ ඔවුන්ගේ විවාහය මතවු බලපෑමයි. නමුත් දෙවියන්වහන්සේගේ සමගවු ඔවුන්ගේ සම්බන්ධතාවයට වඩා නරක විපාක පැමිණෙන්නට ඇත.- ආත්මික මරණය

කියවන්න උත්පත්ති 3:8-13

ඔවුන් දෙවියන්වහන්සේගෙන්සැඟවුනා. එසේ දෙවියන්වහන්සේ සමග තිබු සම්බන්ධතාවය නැතිවීම නැතිවීම ආත්මික මරණයයි.“ නුඹ ගසෙන් කනවිට නිසැකවම නුඹ මැරෙන්නෙහි යයි දෙවියන්වහන්සේ කීසේක. ආත්මික මරණය, දෙවියන්වහන්සේගෙන් වෙන්වීම

ඉක්මනින් සිදුවිය. නමුත් දෙවියන්වහන්සේ ඔවුන් සෙවීමට පැමිණි බව ඔබ සිතට ගත්තාද? උන්වහන්සේ සොයාබැලීම ආරම්භකළා. උන්වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ආදම් තම භාර්යාවට හා දෙවියන්වහන්සේට දොස් පැවරුවා. ඒව කීවේ සර්පයා තමා රැවටු බවත් තමා හරි බවත්ය. 1තිමොති2:14 කියන්නේ ඇය මුළුමනින්ම රැවටුන බවයි. සාතන්ට අවනත වීමෙන් මෙම පළමු මනුෂ්‍යයින් ඔවුන් විසින්ම ඔහුගේ ආධිපත්‍යය යටතට පත්වුනා. දැන් ඔවුන්ගේ අකීකරුකමේ ඵල විපාක බොහෝ දුරට පැහැදිලියි.මෙතැන් පටන් ලෝකය කෙසේ වන්නේද? පුරුෂයින් සහ ස්ත්‍රීන් අතර සම්බන්ධතාවය කෙසේ වෙනස්වනු ඇද්දැයි දෙවියන්වහන්සේ ඔවුන්ට කීසේක.

කියවන්න උත්පත්ති 3:14-15

සර්පයාට සහ සාතන්ට

සර්පයා ශාප ලද්කේ බ ව ඇගවීය. උගේ ශරීරය පාවිච්චි කළ සාතන් ශාප ලද්දෙක්ය. සර්පයා දැන් බඩගා යනවා ඇත.

ගැළවුම්කරුවාණන් පොරොන්දුවිය

දෙවියන්වහන්සේ මිදුම්කරුගේ පළමු පොරොන්දුව, සාතන් පරදවන කෙනාට දුන් බව සාතන්ට සුවිශේෂී විය. මෙම මිදුම්කරු, ක්‍රිස්තුස්වහන්සේගේ කන්‍යා උපත ගැන අනාවැකි කියන ස්ත්‍රියගේ දරුවකු වනවා ඇත.

සාතන් මිනිස් වර්ගයා තුලට පාපය හඳුන්වා දීමට ස්ත්‍රිය පාවිච්චි කළේය. දෙවියන්වහන්සේ ගැළවීම ගෙනෙන්නට ස්ත්‍රිය පාවිච්චි කරන්නට ඇත. සාතන් හා ස්ත්‍රිය අතර ප්‍රතිපක්ෂ බවක් තිබෙන්නට ඇත. එය තම දරුවාගේ විලුඹට ගැසීම දක්වා උග්‍රවන්නට ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය මතවු මරණය එයයි.

නුමුත් උන්වහන්සේගේ නැවත නැගිටීම මරණය ජයගත්තේය.

උන්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම මගින් ක්‍රිස්තුස්වහන්සේ සාතන්ගේ හිස පොඩි කළේය. මෙය අප එළිදරව් පොතෙහි කියවන, සාතන් පරදවන, අවසන් ජයග්‍රහණය කලින් කියනු ලබයි.

ස්ත්‍රින්ට: දරුවන් වැදීමේදී වේදනාව සහ ආධිපත්‍යය

කියවන්න උත්පත්ති 3:16

දැන් දෙවියන්වහන්සේ ජීවිතය වැටුන ලෝකයක් තුල වන බව ඔවුන්ට කියනසේක. ස්ත්‍රිය සඳහා, දරුවන් වැදීම මහත් වේදනාවක් වනවා ඇත. නමුත් නරකම දෙය වුයේ ඇගේ ස්වාමිපුරුෂයා සමග තිබු අපුරු සම්බන්ධතාවය වෙනස්වීම යයි මා සිතනවා. පාලනය කරන්නන්ගෙන් එක් කෙනෙකු වනවා වෙනුවට ඇය පාලනය වන්නකු බවට පත්වුවා විය හැක. මෙහි පාවිච්චි කළ වචනය කුරිරු ආධිපත්‍යයක් ලෙස පෙන්නුම් කරයි. මෙය කෙසේ සත්‍යවනවාදැයි අප දනිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන නොගත් ලෝකයේ ස්ත්‍රීන්: භාණ්ඩ, දේපල සෙල්ලම්බඩු මෙහෙකාරියන් සහ වහලියන් ලෙස සලකනු ලබති. උන්වහන්සේ දැන සිටින තැන්වල පවා අරගලය පවතියි. ශුද්ධ ලියවිල්ලෙන් කියනවාට වඩා ඇත්තේ ස්ත්‍රීන් ගැන වැරදි ආකල්පයන් සහිත දේවල්ය.

පුරුෂයන්ට: වේදනාකාරී වෙහෙස සහ ශාරීරික මරණය

කියවන්න උත්පත්ති 3:17-20

ශාප කරවනු ලැබුවේ සර්පයා සහ භූමිය පමණක් බව සිතට ගන්න. පස ඵල ඇතිකරවනසේ සාරවත්වීම වෙනුවට ආදම්ට ඔවුන්ගේ ආහාර වේදනාකාරී වෙහෙසකින් විරුද්ධකාරී පොළොවකින් උදුරාගන්නට සිදුවන්නට ඇත. අන්තිමේදී ඔවුන් මැරෙනවා ඇත. සදාකාලිකව ජීවත්වීමට මැවු අපුරු ශරීරය මැරෙන්නේය. පළමු පරම්පරාවෙන් එසේ වන්නට වසර සිය ගණනක් ගත්තේය. ආදම් අවුරුදු 930ක් ජීවත් විය.

දෙවියන්වහන්සේ ඔවුන් අකීකරුවු මොහොතේ සිට ඔවුන් වෙනස් කර තිබු උන්වහන්සේගේ තහනම ඔවුන් වෙනස් කර තිබු ලෝකය සහ ඔවුන් වෙනස්කර තිබු ඉරණම ඔවුන්ට දැන්වු සේක.

ආදම් තම භාර්යාවට ඒව යයි නම් තැබීය. එය මනුෂ්‍ය වර්ගයා ඉතිරිව පවතී යයි විශ්වාස කරමින් කළ ඇදහිල්ලේ ක්‍රියාවකි. නමුත් දෙවියන්වහන්සේ ඔවුන් බලාපොරොත්තු නැතිව සිටීමට ඉඩ හැරියේ නැහැ. දිනෙක ගැළවුම් කරුවාණන් ඔවුන්ගේ සතුරන් පරාජය කරන බවට උන්වහන්සේ පොරොන්දු දී තිබුනා.

දැන් ගැළවුම්කරු කුමක් කරයිද කියා චිත්‍රයක් ඔවුන්ට දුන්නා

ගැළවුම්කරු සිතුවම්වේ

කියවන්න උත්පත්ති 3:21

අත්තික්කා කොළ යෝග්‍ය නොවීය, දෙවියන්වහන්සේ ඔවුන්ට හම් වලින් ඇඳුම් සාදා දුන්සේක. උන්වහන්සේ ඒවා ලබාගත්තේ කොහොමද?දෙවියන්වහන්සේ තමන්ගේ වැටුනු දරුවන්ට ඇඳුම් සඳහා සතුන් මරා ඇත, උන්වහන්සේ එසේ කරමින් කරුණු කීපයක්ම අපට ඉගැන්වු සේක.උන්වහන්සේ ඔවුන්ට දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ පාපය කෙසේ භයංකාරද කියා ඉගැන්වු සේක. ලේ හැලීමක් නැතිව කමාවක් නොවීය.

ඔවුන් වෙනුවට ආදේශකයෙකුට මැරෙන්නට පුළුවන් බ ව උන්වහන්සේ විදහා දැක්වු සේක. සතුන් ආදම් සහ ඒව වෙනුවට මැරෙන පාප දරන්නන් වුයේය. අපේ වාසි කෝණයෙන්ම එය අප සඳහා කොහොම පින්තූරයක්ද! ආදම්, ඒව සහ ඊට පසු සියලු පරම්පරා වෙනුවෙන් යේසුස්වහන්සේ කළේ එයයි. ආබෙල් පුජා කළ සතුන් පිළිගත් අතර කායින් ඔහුගේ මහන්සියේ ඵල පුජා කළවිට එය පිළි නොගත් නිසා දෙවියන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේ නමස්කාර කරන විධිය ගැන යම් උපදේශයක් දුන් බව අපට නිෂ්චය කිරීමට පුළුවන.

(උත්පත්ති4) පාපය කුඩා විෂ බීජයක් ලෙස පටන්ගෙන සෙමින් මිනිස් වර්ගයාට පැතිරුනු ‍දෙයක් නොවේ. එම පාපය ආදම් සහ ඒවට ඉපදුන පළමු දරුවා ඔහුගේ සහෝදරයා මැරීමෙන් සම්පුර්ණ සංවර්ධනයට පැමිණියේය. ආදම් සහ ඒව පව්කාරයන් බවට පත්වු විට ඔවුන්ගේ පාප ස්වභාවය ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙතටද පත්වුනේය.

ඒදනෙන් පිටමං කිරීම

කියවන්න උත්පත්ති 3:22-24

මෙය මිනිස් ඉතිහාසය පටන්ගැනීමේදී සිදුවු දේවල සරල වාර්ථාවකි. මෙම සිදුවීම් වල විශේෂත්වය වඩාත් පැහැදිලිව අලුත් ගිවිසුමෙහි සඳහන්වේ.

කියවන්න රෝම 5:12-14

ආදම් ස්වභාවයෙන්ම පව්කාරයෙක් බවට පත්විය. ඔහුගෙන් පැවත එන සියල්ලෝම එම පාපී ස්වභාවය උරුම කර ගත්තෝය. පාපය යනු කුමක්ද? බයිබලය එය බොහෝ ආකාර වලින් විස්තර කරයි: නොපනත්කම, කැරලිකාර කම, අපචාරය, අයුක්තිය, සහ නපුර.

පාපය සඳහා පරණ ගිවිසුමෙහි වෙනස් වචන අටක් පාවිච්චි කර ඇත. අලුත් ගිවිසුමෙහි වෙනස් වචන දොළහක් ඇත.

පාපය අර්ථ දැක්වීම: දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන, දෙවියන්වහන්සේ මහිමයට පත් කිරීමට අනුකූල නොවන ඕනෑම දෙයක් පාපයකි. අප සියලු දෙනාටම අඩුවී ඇති, අප එය මනින ප්‍රමිතිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව රෝම3:23 අපට පෙන්වා දෙයි.

පාපය ලෝකයට ඇතුල්වුනේ එක් මනුෂ්‍යෙයක්, එනම් ආදම් තුලින්ය. මරණය පැමුණුනේ දඬුවම ලෙසය, සෑම මනුෂ්‍යෙයක්ම පව්කාරයෙක්, ස්වභාවයෙන් පව්කාරයෙක් බව ඔප්පු කරන සාධකය නම් ව්‍යවස්ථාව ඉශ්‍රෙයල්ට දීමට ප්‍රථම අවුරුදු දහස් ගණනක් තුල සියලු මනුෂ්‍යයින් මැරුනෝය. ඔවුන්ට හරිදේ සහ වැරදි දේ කියාදීමට නීති මාලාවක් නොතිබුනේය. ව්‍යවස්ථාව දුන්විට ව්‍යවස්ථාවට අවනතනොවු අයත් ව්‍යවස්ථාව නැති අයත් පව් කළෝය. ඔවුන් මියයාමේ සාධකය එය ඔප්පු කළේය.

එක් මිනිසෙකු තුලින් කමාවේ ත්‍යාගය, සාධාරණය ඉෂ්ඨ කිරීම සහ සදාකාල ජීවනය නොමිලේ දෙන ලද බව පාවුල් අපට කියයි.

කියවන්න රෝම 5:15-21

මෙම කොටසෙහි පාපය සහ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අතර වෙනස එළිදරව් කරනු ලැබේ. පාපය වැඩිවන තරමට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තවත් වැඩිවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය කොතරම් වැඩියෙන් පිටාර ගලයිද?

ආදම් සහ ක්‍රිස්තුස්වහන්සේ අතර වෙනස

1. එක් කෙනෙකුගේ වරද නිසා බොහෝ දෙනෙක් මැරුනේය, එක් මනුෂ්‍යෙයකුගේ අනුග්‍රහයේ දීමනාව බොහෝ දෙනෙකු වෙත පිටාර ගැලුවේය.

2. එක් අපචාරයක් - විනිෂ්චය හා වරදට පත් කිරීම බොහෝ අපචාර- දීමනාව- සාධාරණය ඉෂ්ඨ කිරීම

3. එක් මිනිසෙකුගේ අපචාරය තුලින් මරණය රජවීම, එක් මිනිසෙකුගේ කීකරුවීම තුලින් අදහන්නන් ජීවනය තුල රජවීම

4. එක් අපචාරයක් සියලු දෙනා වරදට පත්කිරීම, -එක් ධර්මිෂ්ඨ ක්‍රියාවක් තුලින් සියලු දෙනාට සාධාරණය ඉෂ්ඨ කිරීම ප්‍රදානය කිරීම

5. එක්කෙනෙකුගේ අකීකරුකම -බොහෝදෙනා පව්කරුවන් කරනු ලැබීම.

එක් කෙනෙකුගේ කීකරුකම- බොහෝදෙනා ධර්මිෂ්ඨ කරනු ලැබීම.

6. පාපය වැඩිවිය - අනුග්‍රහය ඊටත් වඩා වැඩිවිය.

7. පාපය මරණයෙහි රජවිය. - අනුග්‍රහය සදාකාල ජීවනය ගෙන ඒමෙහි රජවිය. වෙනස ඉතා ප්‍රබලය. උපතේදී ස්වභාවික පාපයෙන් තොරවු කිසිවෙක් නැත. සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඔවුන්ගේ ජීවිත කාලය තුල පව් නොකළ කිසිවෙක් නැත. කොතරම් යහපත්වුවත් සදාචාර පුද්ගලයෙක් වුවත් උත්සහා කරනවා විය හැකි වුවත් ධර්මිෂ්ඨකම සඳහා දෙවියන්වහන්සේ තබා ඇති ප්‍රමිතියට ලගා ළඟාවීමට නුපුළුවන. අනෙක් අතට දෙවියන්වහන්සේ යේසුස්ක්‍රිස්තුස්)වහන්සේ දීමෙන් විදහාපෑ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට සමාව දිය නොහැකි පාපයක් නොපනත්කමක් ඇත්තේ නැත.

උන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් ධර්මිෂ්ඨ කළ නොහැකි තරම් දුෂ්ටයෙක් නැත. නමුත් නැවතත් අපේ කැමැත්ත කිරීම කාරණයකදී ඔබ 17 වෙනි පදයෙහි දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහි බහුලත්වය සහ ධර්මිෂ්ඨකමේ දීමනාවෙහි යන වචන සිතා බැලුවාද?දෙවියන්වහන්සේ ත්‍යාගය දී තිබේ- උන්වහන්සේගේම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේ අපගේ ආදේශකයෙකු ලෙස ලේ හැලුවේය. උන්වහන්සේ මරණයෙන් නැගිට අපගේ සියලු පාප මිල ගෙවා ඇති බවත් උන්වහන්සේගේ පුජාවීම දෙවියන්වහන්සේ පිළිගත් බවත් ඔප්පු කළේය. නුමුත් ත්‍යාගය ඔබ ගන්නා තුරු එය ඔබේ නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ගැළවුම්කරු හා ස්වාමීන්වහන්සේ ලෙස පිළිගෙන තිබෙනවාද? දෙවියන්වහන්සේට ඔබට සදාකාල ජීවනය දීමට තවත් කිරීමට දෙයක් නැත. කරන්නේද නැත.දෙවියන්වහන්සේ ඔබ ගළවාගැනීමට ඔබේ කිසිම උත්සහායක් හෝ උන්වහන්සේගේ ඇස් හමුවේ පිනක් උන්වහන්සේ භාරගන්නේ නැත. උන්වහන්සේගේ අනුග්‍රහයේ බහුලත්වය පිටාර ගලා ඇත. ඔබ එය ලබාගෙන ඇති බවට නිසැකවන්න.

අධ්‍යයන ප්‍රශ්න

කියවන්න යෝබ් 38:1-18; ගීතාවලිය8;යෙසායා 40:26-28

1. මෙම පද වලින් ඔබ මැවුම්කරු හා උන්වහන්සේගේ මැවිල්ල ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

කියවන්න උත්පත්ති 1-2; ගීතාවලිය 33:6-9;හෙබ්රෙව් 11:3

2. දෙවියන්වහන්සේ විශ්වය මැව්වේ කෙසේද? උන්වහන්සේ පුරුෂයා හා ස්ත්‍රිය මැවු විධියෙහි වෙනස කුමක්ද? (උත්පත්ති 2:7, 21-22) එය තුල ඔබ දකින විශේෂත්වය කුමක්ද?

3. මෙම පළමු මිනිසුන් සඳහා දෙවියන්වහන්සේ සැලස්වුයේ මොන ආකාර වලින්ද? උන්වහන්සේ ඔවුන්ට දුන් එකම තහනම කුමක්ද?

කියවන්න උත්පත්ති3

4. සර්පයා(සාතන්) ස්ත්‍රිය වෙත ළගාවුයේ ඇයි කියා ඔබ සිතන්නේ කුමක්ද? ස්ත්‍රිය ගෙඩි වලින් කෑවේ ඇයි? ඇගේ ස්වාමිපුරුෂයා සිටියේ කොහේද? ඔහු කෑවේ ඇයි කියා ඔබ කුමක් සිතනවාද?

5. ඔවුන් පිට ඉක්මනින් පැමිණි බලපෑම කුමක්ද? එයට තිබුන විශේෂත්වය කුමක්ද? ඔවුන් සොයාගෙන ආවේ කවුද? දෙවියන්වහන්සේ සමග තිබු සම්බන්ධතාවය වෙනස්ව තිබුන බව අප දන්නේ කෙසේද?

6. ඔවුන්ගේ අකීකරුකම සඳහාවු විපාක ඔවුන් සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ගේ ජීවිත වෙනස් කළේ කෙසේද? එය ඔවුන්ගේ ස්වභාවය වෙනස් කළාද?

7.දෙවියන්වහන්සේ සර්පයාට වුන පොරොන්දුව කුමක්ද? ඌ අදාල කරගන්නේ කාටද? බීජවල විලුඹට ගැසුවේ කෙසේද? සර්පයාගේ හිස පොඩි කළාද?

8. උත්පත්ති3:21න් අඟවන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ සම් ලබාගන්නේ කොහොමද? පාපය ගැන ඔවුන් ඉගෙනගන්නා පාඩම කුමක්ද?

කියවන්න රෝම5:12-21

9පාපය ලෝකයට ඇතුල්වුනේ කා තුලින්ද? එය බලපෑවේ කාටද? දඬුවම කුමක්ද?

10. ධර්මිෂ්ඨකම ඇතිවුනේ කා තුලින්ද? වරප්‍රසාද ලද්දෝ කවුද? ත්‍යාගය කුමක්ද?

11 යේසුස්වහන්සේගේ වෙනස්කම් ලැයිස්තුවක් සාදන්න

12 සෑම කෙනෙක්ම, යහපත් සදාචාර මිනිසුන් පවා පාප ස්වභාවයකින් ඉපදීම හඳුනාගැනීම ගැන ඔබට ගැටළුවක් තිබෙනවාද? අප ධර්මිෂ්ඨ කිරීමට දෙවියන්වහන්සේට කුමන මිලක් වුයේද? උන්වහන්සේගේ පාපය ගැන දැක්ම තුලට ඔබේ ඇතුලාන්ත අදහස් යමක් දෙන්න.

13. 15-21 පදවල ත්‍යාගය සහ අනුග්‍රහය යන වචන හතර වරක් බැගින් සඳහන්වේ. දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් ත්‍යාගය ඔබ ලබා තිබෙනවාද?

Related Topics: Creation, Curriculum, Man (Anthropology)

Report Inappropriate Ad