MENU

Where the world comes to study the Bible

කිතුණු ඇදහිල්ලේ මුලධර්ම-1 බයිබලය, දෙවියන්වහන්සේගේ වචනය

Related Media

හැඳින්වීම

ශුද්ධ ලියවිලි: අප බයිබලය ලෙස සලකන්නේ වාචික පෙලඹවීමක් කරනු ලැබු දෙවියන්වහන්සේගේ වචනය මුල් පිටපත්වල, වැරදි වලින් තොරව සහ, න්‍යායෙහි සහ භාවිතාවෙහි උත්තරීතර අවසන් අධිකාරිත්වය සහිත ලියවිල්ල හැටියටය. පැරඩ් සඟරාවෙහි කාල් සාගන්, ඔහුගේ සිරුරේ තිබු පිලිකාවක් සමග වු අත්දැකීම් පිළිබඳ ලිපියක් තිබුනා. “මේ ජීවිතයෙන් පසු විශ්වාසයක් තමන්ට නොතිබුන බව ඔහු කීවා. කිතුණුවන් මුස්ලිම්වරු, යුදෙව්වරු සහ හින්දුවරු ඔහු වෙනුවෙන් යාඤා කර තිබු බව ඔහු කීවා. දෙවි කෙනෙක් සිටින බව මා නොසිතන විට මා සඳහාවු උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ වෙනස් කරනවා ඇත. මම කිව නොහැකි තරම් කෘතඥ වනවා. කාල් සාගන් තාරකා විද්‍යාව හදාරා තිබුනා. ඔහු එවකට සක්වල මත අධිකාරීව සිටියා. නමුත් ඔහුගේ අධ්‍යයනය ඔහුට මගපෙන්නුවේ මැවුම්කරුට නමස්කර කරනවාට වඩා එවැන්නෙකු ප්‍රතික්ෂේප කිරීමටය. රෝම18:20 කියන්නේ එය නොවේද?

කියවන්න රෝම18:20

මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවු මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ, මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්නට පුළුවන්දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. කුමක් හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළ සේක. මක්නිසාද ලෝකය මැවු තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘෂ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවු බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය.

කියවන්න හෙබ්රෙව්1:1-2

දෙවියන්වහන්සේ ආදී කාලයෙහි බොහෝ කොටස් වලින්ද අන්දම් වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථා කරවා, මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථා කෙරවු සේක.දෙවියන්වහන්සේ මොනවගේදැයි උන්වහන්සේ සිතන්නේ දැනෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියා යේසුස්වහන්සේ එළිදරව් කරයි. දෙවියන්වහන්සේ අප වෙනුවෙන් බයිබලය තුල වාර්ථාව ආරක්ෂාකර තැබු සේක.දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ, මනුෂ්‍යත්වය, ගැළවීම, ස්වර්ගය, යනු කුමක්ද යන්න ගැන අප විශ්වාස කරන මුලාශ්‍රය බයිබලයයි.

අපේ අධිකාරිත්වය කුමක්ද කියා ප්‍රශ්නයක් තිබෙනවාද? අප බයිබලය විශ්වාස කළයුත්තේ ඇයි? අපට දැනුම් දෙන, අපේ ජීවිත පාලනය කරන, බලය ඇති පොත එය වීමට අපට ඇත්තේ මොන සාක්ෂිද? ග්‍රීක් බසින් ඇති biblos, book; biblia, books යන වචන බයිබලය තුල පාවිච්විවන්නේ නැත. බයිබලය දෙවියන්වහන්සේගේ අද්විතීය වචනයයි.දෙවියන්වහන්සේගේ වචනය අද්විතීය ලෙස බයිබලයෙහි ඇත.

ඒ පිළිබඳ සාක්ෂි තැන් දෙකකින් තිබෙනවා: අභ්‍යන්තරව සහ බාහිරව.

බාහිර සාක්ෂි

1. බයිබලයේ අඛන්ඩතාවය.

වසර 1600 ක් පමණ පුරා කතුවරයින් 40කට වඩා එය ලියා ලියා තිබෙනවා. තවමත් එය පොතකි. පොත් එකතුවක් නොවේ. කතුවරයින් වුයේ රජවරුන්, ගැමියන්, දාර්ශනිකයින්, ධීවරයින්, වෛද්‍යවරයෙක්, බදු අය කරන්නෙක්, රාජ්‍ය තත්ත්‍රිකයින් විද්වතුන්, කවියන් හා ගොවියන්ය.

එය ලියා ඇත්තේ ඉතාලිය, ග්‍රීසිය, බැබිලෝනිය, පර්සියාව, සහ ඉශ්‍රායලය වැනි විවිධ රට වලින්ය. මනුෂ්‍ය කතුවරයින් වෙනස් සංස්කෘතීන් තුල, වෙනස් අත්දැකීම් තුල ජීවත්වු අයයි. ඔවුන් චරිතයෙන් හා පෞරුෂත්වයෙන් වෙනස් අයවුහ. ඔවුන් භාෂා තුනකින් ලිවීය. පරණ ගිවිසුම: හෙබ්‍රෙව්, අරාමික, අලුත් ගිවිසුම: ග්‍රීක්

නමුත් බයිබලය වෙනස් කතුවරයින් විසින් ලියන ලද පොත්වල ගද්‍ය පද්‍ය සංග්‍රහයක් නොවේ. එහි උත්පත්ති පොතෙහි සිට එළිදරව් පොත දක්වා පුදුමාකාර අඛන්ඩතාවයක් හා ඒකත්වයක් ඇත.

උත්පත්ති හි නැතිව ගිය පාරාදීසය එළිදරව්හි පාරාදීසය යලි පිහිටුවීමක් බවට පත්ව ඇති අතර ජීවන වෘක්ෂයටවු දොරටු උත්පත්තිහි වැසී එළිදරව්හි සදහටම තවත් ඇරී ඇත. (Geisler & Nix. Evidence that Demands a Verdict, p. 19)

දර්ශනය නොනැවතී බයිබලය මුළුල්ලෙහි දිගහැරී ඇත. උත්පත්ති 3හි ඉඟිකර ඇති ගැළවීම පරණ ගිවිසුමෙහි පොරොන්දු හා ආදර්ශන මගින් සංවර්ධනය කර, ශුභාරංචි තුල ඉෂ්ඨ කර ඇත. යැවුම්පත්‍ර වල පැහැදිලි කර ඇත. එළිදරව්හි මහිමයේ සම්පුර්ණත්වයට ගෙනවිත් ඇත.

2. බයිබලීය එළිදරව්වේ ප්‍රමාණය

බයිබලයේ සියලුම පොත් ලියා ඇත්තේ කතුවරයන් නවීන සොයාගැනීම් ගැන නොදැන සිටි, මිනිස් දැනුමේ කලින් දිනවලදීය. නමුත් ඔවුන් ලියු දේවල් පසු කලෙක සොයාගැනීම් සමග පටහැනිවුයේ නැත.

යෙසායා40:22 පෘතුවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය.

එය ලියා ඇත්තේ වසර 2800 කට ඉහතදීය.

යෝබ්26:7 උන්වහන්සේ ගුවන් තලය මතුයෙහි උතුරු ප්‍රෙද්ශය දිග හරින සේක පොළොවද අවකාශයෙහි එල්ලා තබන සේක.

එය ලියා ඇත්තේ අවුරුදු 4000කට ඉහතදීය.

පුරා විද්‍යාව නිරතුරුවම බයිබලීය ප්‍රකාශන තහවුරු කරන සාක්ෂි සපයයි. ( හිත්තිවරු, සාගොන්)

3. බයිබලය ප්‍රකාශයට පත්වීම හා බලපෑම

මෙතරම් භාෂා ගණනකින් ප්‍රකාශයට පත් කර ඇති වෙනත් පොතක් නැත. එය ලෝකයේ තවමත් ඉහළම විකිණීමක් ඇති පොතයි. ප්‍රංශ අධිරාජ්‍යෙයකු වන වොල්ටයිරේ තමාගේ කාලයේ සිට අවුරුදු සියයක් ඇතුලතදී එය යල්පැනගිය දෙයක් වනු ඇතැයිද කිතු දහම පැවැත්මෙන් අතුගෑවීගොස් ඉතිහාසයෙන් බැහැර වනු ඇතැයිද කීවේය. නමුත් වෝල්ටයිරේ ඉතිහාසයෙන් බැහැරවිය. බයිබලය නොනැවතී ලොවපුරා වැඩි වැඩියෙන් පැතිරෙන්නේය. ඇත්තෙන්ම වෝල්ටයිරේගේ මරණයෙන් වසර 50 කට පසු ජිනීවාහි බයිබල් සංගමය ඔහුගේ මුද්‍රණාලය සහ නිවස බයිබල් ඇසිරීමට පාවිච්චි කළේය. (සාක්ෂි පිටුව23)

4. අත් පිටපත් සාක්ෂි

පවතින පුරාණ අත් පිටපත් කීපයක් සංසන්දනය කරන විට දෙවන ශත වර්ශය තරම් කලින් දින සහිතව, නව ගිවිසුමෙහි කොටස් ඇතුලත් අත් පිටපත් 13000ක් ඇත.

බ්‍රිතාන්‍යකෞතුකාගාරයේ ප්‍රධාන පුස්ථකාලයාධිපති මෙසේ කියා ඇත: “එහි අඩංගු දේවලට කල්තියා සාක්ෂි සහිතව අපක්ෂපාතී උගතෙකු විසින් ප්‍රතික්ෂේප නොකළ, හරවත් මෙවැනි පෞරාණික පොතක් අප වෙත ලැබී නැත.

5. බයිබලයේ අගතිගාමී නොවන අධිකාරිත්වය

මනුෂ්‍ය කර්තෘත්වය මනුෂ්‍යයාගේ අනුග්‍රාහිකත්වය නැතිව බිහිවී නැත. හොඳම මිනිසුන්ගේ( ආබ්‍රහම්, මෝසෙස්, දාවිත්, පේත්‍රැස්) පාප සහ දුර්වලකම් බයිබලය වාර්ථා කරයි. සාතන් විසින් මිනිසුන් (යෝබ්ගේ බොරු හා වැරදි ආකල්ප එය වාර්ථා කරයි. එය අද මනුෂ්‍ය වර්ගයාගේ ජන්ම දැනුම අඩංගුව, අතිශයින් අවංකවු වාර්ථාවකි.

6. බයිබලයේ උතුම් චරිතය

බයිබලය දෙවියන්වහන්සේගේ පුත්‍රයා තුල ක්‍රියාත්මක කරන පුද්ගලයා සහ දෙවියන්වහන්සේගේ මහිමය එළිදරව් කරන අධිස්වාභාවික පොතකි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වැනි පුද්ගලයෙකු මනුෂ්‍යයාගේ සොයාගැනීමක් කිරීමට කිසි විටෙක හැකිවී නැත.

ග්‍රීක මිත්‍ය කථා වල ඔවුන්ගේ දෙවිවරු ඔවුන් විසින්ම පිළිරූ විශාල කරගෙන තිබීම මෙන් උන්වහන්සේ සොයාගැනීමට අපට පුළුවන් වුනත් එසේ කරන්නේ නැත.

අභ්‍යන්තර සාක්ෂි

2තිමොති 3:16-17 කියවන්න

නව ගිවිසුමෙහි දෙවියන්වහන්සේගේ හුස්මෙන් හෙවත් දේවානුභාවයෙන් යයි සදහන් වන්නේ මෙම පදවල පමණය.

ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන් ලියවුවකි.

ශුද්ධ ලියවිල්ල දෙවියන්වහන්සේගේ හුස්මෙන් පිහිටවුවකි. ආශ්වාස කිරීම කතුවරයින්ට වැඩි වශයෙන් යොදන්නේ නැති නමුත් දෙවියන්වහන්සේගේ වචනය සදහා යොදවා ඇත. කතුවරයින් වරදින සුළු වන හා වැරදි සහිත වන අතර දෙවියන්වහන්සේ ඔවුන්ගේ මනස තුලට හුස්ම හෙලීමෙන් උන්වහන්සේගේ නොවරදින සුළු වචන ලැබීමෙන් ඔවුන් ලියු දේ නිරවද්‍ය දේව වචනය වුයේය.

මනුෂ්‍ය කතුවරයින්ට කුමක් ලියන්නේද කියා දෙවියන්වහන්සේ කීවේ කෙසේද?

එය යාන්ත්‍රික කියවනවිට ලිවීමක්ම නොවේ.

2පේත්රැස්1:20-21 කියවන්න.

බෝට්ටුවක් එහි මගීන් ගමනාන්තයට ගෙනයාමක් මෙන් වීමට වඩා මනුෂ්‍ය කතුවරයින් දෙවියන්වහන්සේ අදහස් කළ තැනට උසුලාගෙන හෝ ඇදගෙන යාමක් සිදුවනු ලැබුවේය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය සන්නිවේදනය කිරීමට විවිධ මාර්ග පාවිච්චි කළ සේක.

නික්මයාම34:27 මෙම වචන ලියාගන්න

ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘන්ට පැමිණියේය. යෙරමියා1:2 හොෂෙයා1:1

දර්ශන සහ සිහින දානියෙල් 2:1,7:1

එමනිසා ශුද්ධ ලියවිලි යනු දෙවියන්වහන්සේගේම පුකාශනයයි. එය සම්පුර්ණයෙන්ම අධිකාරිත්ව හා උන්වහන්සේ මෙන් සම්පුර්ණ විය යුතුය. එසේ නැතහොත් උන්වහන්සේ ඇත්තේ වැරදීමක් තුල සහ උන්වහන්සේ වැරදිවන සුළුය.

ආනුභාවයේ ප්රමාණය.- සියලු ලියවිල්ල

සියලුම වචන දෙවියන්වහන්සේ ආනුභාවත් කර ඇත. වාචික යනු වචනය, නිෂ්ශේෂ යනු පුර්ණය. එය දෙවියන්වහන්සේගේ වචනය ප මණක් නොව, එය ඔබට කථා කරන විට වචන පමණක්ම නොවේ. පාවුල් 1තිමොති5:18හි ලුක්10:7 ද්විතීය කතාව 25:4 මෙන් එක අධිකාරිකාරි මට්ටමක තබයි. ලියවිලි දෙකම ඔවුන් කැදවයි.

2පේත්‍රැස්15-16 ලියවිලි ඉතිරි කොටසට සමානව පාවුල්ගේ ලියවිල්ලට යොමු කරයි.

වාචික පුර්ණ ආනුභාවය

අර්ථ දැක්වීම

ආගමට දහමට අයත් ලියවිලිවල යෙදෙන මනුෂ්‍ය කතුවරයින් අධීක්ෂණය කරන ශුද්ධාත්මයාණන්වහන්සේගේ අධි ස්වභාවික මෙහෙවර ඔවුන්ට වැරදි වලින් තොරව ඒවා රචනා කිරීමට හා වාර්ථා කර ඒවා මුල් පිටපත් වල තිබු ආකාරයටම මනුෂ්‍යවර්ගයාට එළිදරව් කිරීමට අවෂ්‍ය පෞරුෂත්වක් ඇති කරන සේක.

දෙවියන්වහන්සේගේ ආත්මය, මනුෂ්‍ය කතුවරයින් විසින් මුල් ලියවිලි වල තිබු වචන තෝරාගැනීමේදී මග පෙන්වීය. රචකයන්ගේ පෞද්ගලික ගති ලක්ෂණ, රචනා ශෛලිය හා වාග් මාලාව, ඔවුන්ගේ සිතිවිලි මතයන් අවුල් සහගත දේවල් යාඤා හෝ භය ඇතිවීම ආදිය බොහෝවිට ප්‍රකාශයට පත්වීම විවිධ පොත් වලින් පරාවර්ථනය වේ.

ලුක් වෛද්‍යවරයෙක් වු අතර ඔහු වෛද්‍යමය යෙදුම් භාවිතා කළේය.

පාවුල් ග්‍රීක් සාහිත්‍යෙය් විද්වතෙක් හැටියට ග්‍රීක් කාව්‍යමය යෙදුම් උපුටා දැක්වීය( ක්‍රියා17).

දෙවියන්වහන්සේ මනුෂ්‍ය රචකයන් යොදාගත් අතර මෙම මිනිසුන් ඔවුන් ලියන්නේ මොනවාදැයි නිතර දැන සිටියේ නැත. (දානියෙල් 12:8-9) කෙසේ නමුත් දෙවියන්වහන්සේගේ මග පෙන්වීමේ හස්ථය යටතේ ඔවුන් අපුර්ව ඒකත්වයක් සහ ලියන ලද දේ පිළිබදව ශුද්ධාත්මයාණන්වහන්සේගේ මග පෙන්වීමේ ක්‍රියාවට නිරතුරුවම සාක්ෂි වෙමින් පොත් 66ක් නිෂ්පාදනය කළෝය.

අනුරූපී අභ්‍යන්තර සාක්ෂිය

බයිබලයෙහි පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම තුල දේව වචනය අනුරූපීව පවතින බව දක්නට තිබේ.

නික්මයාම20:1, ද්විතීය කතාව 6:6,9,17, 2සාමුවෙල්22:

31,23:2, ගීතාවලිය19:7-11,119:11, 18, 89-91,97-100,104,5,130

හිතෝපදේශ 30:5-6, යෙසායා55:10-11, 22:19, මාර්ක්13:31,යොහාන්2:22,5:24,10:35, ක්රියා17:11,2තිමොති2:15, 1පේත්රැස්1:23-25, එළිදරව්1:1-3,22:18

යේසුස්වහන්සේගේ සාක්ෂිය

යේසුස්වහන්සේ සහ පරණ ගිවිසුම

මතෙව්5:18, යොහාන්10:35. ශුද්ධ ලියවිල්ල කැඩීමට නුපුළුවන.

උන්වහන්සේ පැමිණියේ පරණ ගිවිසුම පරණ ගිවිසුම සම්පුර්ණ කිරීමටය.

මතෙව්1:22-33,4:14,8:17,12:17,15:7-8,21:4-5.

ගීතාවලිය110:1 සහ මතෙව් 22:43-44. වචනයට පවා නිරවද්‍යය. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ දාවිත්

ලුක්24:27- උන්වහන්සේම ගැනවු සියලු ශුද්ධ ලියවිලි පද නිරවද්‍යය. යොහාන්5:39-40

උන්වහන්සේ නව ගිවිසුමෙහි සෑම වැදගත් කොටසක් තුලම,

පරණ ගිවිසුමෙන් උපුටා දක්වා තිබෙනවා. (බොහෝවිට නිදහස් මතධාරීන් විසින් ආරවුල් ඇතිකළ පොත්වල) උදා: ද්විතීය කතාව, යෝනා, දානියෙල්. ද්විතීය කතාව6:16

මතෙව්4:7;යෝනා,මතෙව්12:40; දානියෙල්9:27;12:11; මතෙව්24:15 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය හා සත්‍යතාවය ප්‍රශ්න කරන්නේ නැතිව පරණ ගිවිසුමේ වචන වල ආනුභාවය ගැන ප්‍රශ්න කිරීමට පුළුවන්කමක් නැත.

ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසනීයත්වය විවාදය ලක්වනවා. නිදහස් මතධාරීන් කර තිබෙන, විවේචන, පරිදි උන්වහන්සේ උන්වහන්සේගේ වයස ගැන වැරදි ආකල්ප ඇතිවීමට ඉඩ නොදෙමින්, “සත්‍යය මමයි කීසේක.

යේසුස්වහන්සේ සහ අළුත් ගිවිසුම

යේසුස්වහන්සේ අළුත් ගිවිසුමේ ලියවිලි ගැන කලින් කියා තිබුනේය: යොහාන්14:25-26, 15:26-27,16:12-13.

ශුද්ධාත්මයාණන්වහන්සේ පරණ ගිවිසුමේ ලේඛකයින්ට කළ දේම අළුත් ගිවිසුමේ මනුෂ්‍ය ලේඛකයින්ටද කරන්නට ඇත.

බයිබලය සම්බන්ධව යේසුස්වහන්සේගේ සාක්ෂිය ඇත්තෙන්ම නිෂ්චිත කරගත යුතුව ඇත. අප විසින් උන්වහන්සේ පාපයෙන් තොර දෙවියන්වහන්සේ බව විශ්වාස කරනවා නම් , සත්‍යය යනු උන්වහන්සේය කියා අප විශ්වාස කරනවා නම්, ශුද්ධ ලියවිල්ල පිළිබඳව උන්වහන්සේගේ තක්සේරුව නිරවද්‍ය බව අපට පිලිගැනීමට සිදුවනවා. අපට හැම දෙයක්ම සම්පුර්ණ ලෙස තේරුම් ගැනීමට නොහැකි වන්නට පුළුවන්. එය අත්‍යවශ්‍යම නොවේ. න්‍යෂ්ටික ශක්තිය ගැන කිසිවක් මට තේරෙන්නේ නැහැ. නමුත් මම එය විශ්වාස කරනවා. එහි බලය ගැන සාක්ෂි මම දැක තිබෙනවා. ශුද්ධ ලියවිලි තුල ඇති සෑම දෙයක්ම මට හරියටම තේරෙන්නේ නැතත් ශුද්ධ ලියවිලි තුල ඇති බලය අත්දැක තිබෙනවා. බයිබලයට යෝග්‍ය ලෙස කරන පිවිසුමකට ශුද්ධ ලියවිලි එළිදරව් කරන සියලු දේවල් අපට තේරුම් ගැනීමට නොහැකි බව හඳුනාගැනීමද ඇතුලත්වන නමුත් අපට තේරුම් ගැනීමට පුළුවන් දේවල් අලංකාර ලෙස එකමුතුවී එය දෙවියන්වහන්සේ හා උන්වහන්සේ අදහාගැනීම පිලිබඳව, එකම නිරවද්‍ය දැනුමේ උල්පත බ ව අපට තේරුම්ගැනීමට පුළුවන.

දානියෙල් පොතෙහි අනාගත වාඛ්‍ය ඉෂ්ඨ සිද්ධවු සාක්ෂිය මෙන් යේසුස්වහන්සේගේ සාක්ෂිය සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ඉතා බලවත් ලෙස එය පාවිච්චි කරන කාරණය ශුද්ධ ලියවිල්ල සියල්ල දන්නා, සියලු බල ඇති, අපට ප්‍රේම කරන උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් අප උන්වහන්සේගේම කරගත් දෙවියන්වහන්සේගේ හුස්ම බව තහවුරු කර ගැනීමට බලකරයි. එමනිසා අපට අපේ ඇදහිල්ල හා චර්යාව සඳහා අධිකාරිත්වය බයිබලය බව අපට විශ්වාස කිරීමට පුළුවන.

බයිබලීය අධිකාරිත්වය

අර්ථ දැක්වීම: නිෂ්චිතකමක් හා නිසැකකමක් ඇතිව දෙවියන්වහන්සේගේ චරිත ලක්ෂණ හා කැමැත්ත සමග සන්නිවේදනය කිරීමට දිව්‍යමය ලෙස ව්‍යුත්පන්නවු බලයක් සහිත දෙවියන්වහන්සේගේ වචනයේ ලිඛිත ආකාරය.

ශුද්ධ ලියවිල්ල අධිකාරී බලයෙන් යුක්තවීමට හේතු:

1. ඒවා දෙවියන්වහන්සේගේ හුස්මෙන් යුක්තවීම.

2. ඒවා ලියන ලද්දේ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ගෙන යනු ලැබු තෝරාගත් මනුෂ්‍යයින් විසින් වීම.

3. ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දේව සිරසෙහි දෙවන පුද්ගලයා විසින් සහතිකවී තිබීම.

4. ඒවා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් යොදවා ගනු ලැබු වචනය. එපීස6:17, හෙබ්‍රෙව්4:12,1තිමොති4:1

5. ඒවායේ අභිමානය වුයේ සම්පුර්ණයෙන්ම දෝෂ හරණය කරනු ලැබීමයි.

නැවත කියවන්න 2තිමොති6:16-17

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පුර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැනවීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්දීමටත් ප්‍රෙයෝජනවත්ව තිබේ.

ආගම ධර්මයට අයත් බව පොත් මැන තිබු ප්‍රමිතියකි.

අන්තර්ගතය සඳහා පරීක්ෂා

1 එය අධිකාරිත්වයෙන්යුක්තද? (ස්වාමීන්වහන්සේ කියන සේක.)

2 එය අනාගතවාඛ්යමද? ( එය ලියනලද්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයයෙක්ද?)

3. එය අව්යාජද? (එය සැක සහිත නම් ඉවත දමන්න)

4. එය ගතිකද? (එයට දෙවියනන්වහන්සේගේ ජීවිත පරිණාමනය කිරීමේ බලයක් තිබුනාද?)

5. එය ලැබී, එකතුකර, කියවා, භාවිතා කළාද?-(දෙවියන්වහන්සේගේ මිනිසුන් විසින්)

නව ගිවිසුම සඳහා පරීක්ෂා

ප්‍රේරිත අධිකාරිත්වය හෝ අනුමැතිය සඳහා ආගම ධර්මයට අයත්දැයි පරීක්ෂා කිරීම ප්‍රාථමික පරීක්ෂාව විය.

භාවිතය

මෙය සත්‍යය නම් දේව චනයට අපේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක්ද? ඇදහිල්ල! එය මුලා නොවන විශ්වාසදායි, අධිකාරීමය බැවින් අප එය විශ්වාස කළ යුතුයි. එයට අවනත වීමට අප ආශාවිය යුතුයි. දෙවියන්වහන්සේ සතුටු කළහැකි එකම විධිය එයයි. එය කියවීම, අධ්‍යයනය කිරීම, හා එය මත භාවනා කිරීම, හා කටපාඩම් කිරීම අත්‍යවශ්‍ය වන්නේ එනිසාය. අපේ මනස දේව වචනයෙන් සංතෘප්ත විය යුතුයි. එවිට එය ඇසෙන විට වැරැද්ද අප හඳුනාගන්නවා ඇත.

ශුද්ධ ලියවිල්ල අපේ මනස ආරක්ෂා කර රැකබලාගන්නාය. උත්සාහය අපේ කොටසයි. එය එක් වරම සිදුවන්නේ නැත!

ඔබ දෙවියන්වහන්සේගේ වචනය සමග ස්ථිරව සිටීමේ කාලයෙන් ඉවතට ගැනීමට ඔබට සතුරෙක් ඇත. නමුත් ඔබටත් වචනයෙන් ප්‍රෙබෝධමත් කරන ඔබට තේරුම්ගැනීමට සලස්වන ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින සේක. උන්වහන්සේ ඔබේ සතුරාට වඩා ඉතා බලවත්ය. ඔබට උපකාර කරන පිණිස උන්වහන්සේ මත ර ඳාපවතින්න. ලෝකය කුමක් කීවත් දෙවියන්වහන්සේගේ වචනය අපේ සිතිවිලි හා හැසිරීම් වල ප්‍රමිතිය පාලනය කළ යුතුය. ජීවිතයේ සෑම අවස්ථාවකදීම ප්‍රතිචාර දක්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයට අනුව හෝ අපේමහැඟීම් වලට සහ වෙනත් අයගේ අවවාද වලට අනුවද කියා තෝරාගැනීමට ඇත. ඔබගේ ජීවිතයේ ශුද්ධ ලියවිල්ලට අනුව නිවැරදි කරගත් අංග තිබෙනවාද? ඔබගේ ජීවිතයේ දිශාව ඔබ නැවත සකස් කරගෙන තිබෙනවාද? ශුද්ධ ගියවිල්ල ස්වාමීන්වහන්සේට සේවය කිරීම සඳහා යොදාගැනීමට සහ ධෛර්යමත් වීමට ඔබට උපකාරී වේද?

සංස්කෘතිය ශුද්ධ ලියවිල්ල සමග පටහැනි වන විට, උදා: ගබ්සාව, දුක් නොවිඳ මැරීම, සම ලිංගික ක්‍රියා- ඔබ විශ්වාස කිරීමට තෝරාගන්නේ කුමක්ද?

ඔබේ විවාහයට පෙර හෝ විවාහයෙන් පිටතදී ඔබේ කාමාශාවන් සංසිඳවාගැනීමට පරීක්ෂා කරනු ලබන විට ඔබ කුමන තීරණයක් ගනියිද?

පවුලේ හෝ මිතුරන් සමග සම්බන්ධතාවයන් හසුරුවා ගැනීමේදී දෙවියන්වහන්සේගේ වචනය කෙසේ උපකාරී වේද?

ඔබ කරන රැකියාවේ ආකාරයට දෙවියන්වහන්සේගේ වචනය කෙසේ බලපායිද?

වෙනත් කෙනෙකුගේ පාප වලට සමාව දීමට දෙවියන්වහන්සේගේ වචනය ඔබට කෙසේ උපකාරී වේද?

ක්‍රිස්තුස්වහන්සේ තුල පරිනත වීමට ඔබට එය කෙසේ උපකාරී වේද?

අප මිනිසුන් අතර වඩාත්ම ආශිර්වාද ලත් අයයි. අවුරුදු 3400ක විශ්වාසනීයත්වයක් ඔප්පු කරනු ලැබු ජීවිත මග පෙන්වීමක් අපට තිබෙනවා. ලෝකයේ තවත් එවැනි පොතක් නැත. දෙවියන්වහන්සේගේ වචනයම සදාකල් විශ්වාසදායක නිසා එය කිසිවිටෙක වැටෙන්ට අරින්නේ නැත.

නමුත් අපේ අත්දැකීම් තුල එය විශ්වාස කිරීම හා අවනත වීම මගින් එය සත්‍ය බව සොයාගැනීමට පමණක් යුතුව ඇත. එය ජීවිතයේ ප්‍රීතිය හා සෞභාග්‍යයේ යතුරයි.

අධ්‍යයන ප්‍රශ්න

කියවන්න. රෝම1:18-21

1. මුළු මනුෂ්‍ය වර්ගයාට තමන්වහන්සේම ගැන දෙවියන්වහන්සේ එළිදරව් කරන්නේ මොනවාද? කුමක් තුලින්ද? ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද? දෙවියන්වහන්සේගේ තීන්දුව කුමක්ද?

කියවන්න. 1යොහාන්5:9-12; යොහාන්1:18; හෙබ්රෙව්1:1-4

2. තව දුරටත් උන්වහන්සේම ගැන එළිදරව් කරන්නේ කුමන මාර්ග දෙකෙන්ද?

කියවන්න. 2තිමොති3:16-17

3. ශුද්ධ ලියවිල්ල කෙතරම් හොඳින් දිව්‍ය හුස්ම ගත කර ඇද්ද?

කියවන්න. 2පේත්රැස්1:20-21

4. බයිබලයේ මනුෂ්‍යය කතුවරයින් ලිවිය යුත්තේ කුමක්ද කියා දැනගත්තේ කෙසේද? දෙවියන්වහන්සේ පාවිච්චි කළ ක්‍රම මොනවාද?( නික්මයාම34:27;යෙරමියා1:2;හොෂෙයා1:1; දානියෙල්2:1;7:1,8:17

කියවන්න. මතෙව්5:17-19;යොහාන්10:35;ලුක්24:27

5. පරණ ගිවිසුමේ ශුද්ධ ලියවිලි ගැන යේසුස්වහන්සේගේ දැක්ම කුමක්ද? උන්වහන්සේගේ චරිතයේ ආලෝකය තුල උන්වහන්සේ එය සැලකුවේ කෙසේද කියා දැනගැනීමේ වැදගත්කම කුමක්ද?

කියවන්න මතෙව්1:22-23,4:14,8:17,12:17,15:7-8,21:4-5

6.අනාගතවාඛ්‍යය සම්පුර්ණවීම පරණ ගිවිසුම ගැන කුමක් ඔප්පු කරනවාද? එහි නිරවද්‍යතාවය තුල කෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත් වන්නේ කෙසේද?

කියවන්න යොහාන් 14:25-26,15:26-27,16:12-13

7. අලුත් ගිවිසුම ලියවෙනු ඇතැයි යේසුස්වහන්සේ කල්තියා කීවේ කෙසේද? කතුවරයා වෙන්නට ඇත්තේ කවුද?

කියවන්න එපීස 6:17; හෙබ්රෙව්4:12

8. වසර සිය ගණනකට පෙර ලියවුන අනෙක් පොත් වලින්(උදා:(ශේක්ස්පියර්) ශුද්ධ බයිබලය වෙනස්වන්නේ කෙසේද? ඒ ගැන එයම කියන්නේ මොනවාද?

9. මේ සියල්ල සත්‍යය නම්, බයිබලයේ අධිකාරිත්වය දෙසට අපේ ආකල්පය විය යුත්තේ කුමක්ද? එය නිරවද්‍ය බවට අපට විශ්වාසය තැබිය හැකිද? එය කොපමණ සත්‍යය හා අධිකාරිත්වදැයි අපට කොතරම් ගණන්ගත හැකිද? එය සමග ඔබ කරමින් සිටිය යුත්තේ කුමක්ද? බලන්න:යෝෂුවා1:8; 1තිමොති2:1; ගීතාවලිය119:11,105;යාකොබ්1:22

Related Topics: Bibliology (The Written Word), Curriculum

Report Inappropriate Ad